හර්ෂණ තුෂාර සිල්වා, තරිඳු ජයවර්ධන
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුවට පාර්ශව කිහිපයක්ම සම්බන්ධ බැවින් ඊට සියලු පක්ෂ හා පාර්ශව නියෝජනය වන පරිදි අමාත්‍යධුර පිරිනමන බවද ගුණවර්ධන මහතා කීය.
කොළඹ පදනම් ආයතනයේ මාධ්‍ය හමුව අවසානයේදී නව ආණ්ඩුව කැබිනට් අමාත්‍යධුර කීයකින් සමන්විත වේවි දැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
“අපි යන්නේ කෙටි කාලයයි. පත්වන්නේ අන්තර්කාල ආණ්ඩුවක්. ඒ නිසා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ටත් වඩා අඩු වෙනවා. කැබිනට් මණ්ඩලයත්, නියෝජ්‍ය අමාත්‍යවරුත් සමඟ සියල්ල 60ත් 70ත් වේවි. ඇතැම් විටෙක එය ඊටත් අඩු වේවි. ඒ වගේම පාර්ශව කිහිපයක් සිටිනවා. ඒ සියලු දෙනා නියෝජනය විය යුතුයි. ඒ නිසා සියලු පාර්ශව නියෝජනය වන පරිදි අමාත්‍යධුර පිරිනැමීම කෙරෙහි සළකා බලා තිබෙනවා” යැයි ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.
COMMENTS
ඔන්න ඔන්න අනවශ්‍ය කතා කියනවා. ඕවා නොදී අලුත් ආණ්ඩුව හදන්නේ කොහොමද කියලා ඔබතුමා නිකන්වත් කල්පනා කළාද?
ඔහොම පටන් අරන් පස්සේ නේ එක එකා වැඩි කරගෙන සීනි වලටත් ඇමතිකමක් දුන්නේ ඔයගොල්ලොම !!!
ඔව් ඉතින්, කියනකොට ඔහොමයි කරනකොට තමා බලන්න ඕනේ! 2015 ට පෙර ඔබත් හිටපු රාජපක්ෂ පාලනවල එක එක වගුරු බිම්වලින් අල්ලාගෙන එක්රැස් කරගෙන හිටපු ගෙඹි ඇමැතින් කීයක් හිටියද කියා ඔබට අමතක උනාට, අපට නම් තාම මතකයේ තිබේ.....
19 වෙනි සංශෝධනය අනුව කොහොමත් ඊට වඩා දෙන්න බෑ. ඊළඟ අර්බුදය පටන් ගන්නේ එතැනින්. බලය තහවුරු කරගන්න ඇමතිකම් දීලා අනිත් පැත්තේ කට්ටිය බිලිබා ගන්න බෑ ආයේ. කෝටි දහයයි කොළඹින් ගෙයි දෙන්න වෙනවා.
දැන් ඉතින් රට කෙසේ වෙතත්, තවත් සෙට් එකක් වරප්‍රසාද වලට කොටා ගනී. ඕක තමා ලංකාවේ දේශපාලනය!
ඒ ඉතින් ව්‍යවස්ථාවේ හැටියට වැඩේ ආරම්භ කරන කල් නේ.... ටික දවසක් යනකොට ඔය පෝලිමේ ඉඳගෙන අඬබෙර ගහපු කට්ටිය සේරටම සලකන්න වෙනවනේ. එතකොට ව්‍යවස්ථාවේ හැටියට වැඩ කෙරෙන එකක් නැහැ. ඔබතුමා වුනත් කට්ට කාගෙන මෙච්චර කාලයක් අල්ලාගෙන උන්නේ අත ලෙව කන්න බලාගෙන නෙවේනේ.
පාර්ලිමේන්තුව කල්තැබීම ගැන කිසිම කතාවක් නැහැ.. පුදුමයි දිනේෂ්..