
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී අද (19) ආරම්භ කළේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් පිරිසක් හා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීය.
තමා බැහැ දැකීමට පැමිණි මැතිඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට නව වසර සඳහා මෙහිදී සුභ පැතුම් එක් කළ ජනාධිපතිවරයා අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සුබවාදී ආකල්පයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන්නැයි දැනුම් දුන්නේ ය.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජනාධිපති ලේකම්වරයා සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට ද මෙහිදී සහභාගි වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)










COMMENTS
අලුතින් කියලා ආරම්භ කරන්ඩ දෙයක් නැතුවා..කැකිල්ලේ රජා බලයේ ඉන්න කාලේ ,අපරාදේ කියන්ඩ බැහැ නියම වැඩ ටිකක් පෙන්නුවා .සුදු වේන් ඝාතන අතුරුදන් මිනිමෝරු වගේ?
නැකතට ගහක් කපලම වැඩ ඇල්ලුවා නම් නේද හොඳ?
මේ අවුරුද්දේවත් හරියට කරපල්ලා
අපට නැතුවට මේ කට්ටියට නම් අවුරුදු ජයයි වගේ.
උබලා 225 එකතුවෙලා මෙක ගොඩදාපල්ලා, අවුරුදු 73 ම පිල් බෙදුනා මදිද, දැන් ඇත්තට හැති වැටිලා ඉන්නේ උබලාගේ පුරසාරම් අහලා බලලා, හිතලා බලපල්ලා පුලුවන්ද කියලා දැන්වත් මෙක ටිකක් ගොඩ ගන්ඩ....
" කාවද ඉස්සෙල්ලම ...අලුත් අවුරුද්දේ හා හා පුරා කියා මෝරුන්ට කෑමට දෙන්නේ...? "