
(ධම්මික ගුණවර්ධන සහ මොහොමඩ් ආසික්)
මහනුවර - කුරුණෑගල මාර්ගයේ යටියාවල සෙනරත්ගම මාර්ගය ආසන්නයේ ඉදිකරමින් පැවැති තෙමල් ගොඩනැඟිල්ලක් ගිලා බැසීමෙන් එම ගොඩනැගිල් විනාශ වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර ප්‍රදේශයට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටී ඇත. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටි අතර කිසිවකුටත් හානියක් සිදුව නැතැයි ද කටුගස්තොට පොලිසිය කියයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදක් පැවැති අතර මාර්ගයේ පැත්තක්ද ඉරි තලා තිබූ අතර මාර්ග සංවර්ධන අධිකාරිය මාර ගිලා බැසීව වලක්වා ගත් බව ද මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැඩක, කිසිම ප්‍රමිතියක් නැති රටක්... ගොඩනැගිලි ඉදිකිරීම නියාමනයක් යටතේ සිදුවිය යුතුයි. මෙතැන කිසිම පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. අනුමැතිය ගත්තා. ඊට පස්සේ ලාබෙටම කොන්ත්‍රාත්තුව කරලා දෙන්න පුළුවන්.. කිසිම සුදුසුකමක් නැති අයට තමයි කොන්ත්‍රාත්තුව දෙන්නේ...