(මුදිතා දයානන්ද)
හදිසියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අරුවක්කාලු කසළ රඳවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකි වීමෙන් දුර්ගන්ධයක් ඇති වූවත් මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
අරුවක්කාලු කසළ රඳවනය වෙත දිනකට කොළඹ නගර සභාවෙන් ලොරි 28- 29ක් පමණ ගෙන යන අතර අධික වර්ෂාව නිසා එකවරම කසල රඳවන වෙත තැන්පත් කිරීමට නොහැකි වූ බවද ඒ නිසා ඒවා තාවකාලිකව පිටත තැන්පත් කර ටිකෙන් ටික රඳවනයට යොමු කළ බවද ඔහු පැවසීය.
මෙලෙස රඳවනයෙන් පිටත කසළ තැන්පත් කිරීමත් අධික වර්ෂාවත් නිසා දුර්ගන්ධයක් පිටතට ඇතිවූ බව පිළිගන්නා බවද ඔහු පැවසීය.
නිලධාරින් ප‍්‍රමාණය හා සේවකයින් ප‍්‍රමාණය , දුර්ගන්ධය වැළැක්වීමට යොදාගන්නා රසායනික හා එවා ඉසින නවීනතම යන්ත්‍ර සූත‍්‍ර ප‍්‍රමාණය හා කසළ පස්දමා තැලීමට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර ප‍්‍රමාණයද වැඩිකර දිවා රාත‍්‍රී වෙහෙසී මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවද රූපසිංහ මහතා පැවසීය.
මාධ්‍යවල ප‍්‍රචාරය වූ පරිදි විදේශ කසළ කිසිවක් මෙම රඳවනය වෙත ගෙන එන්නේ නැති බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරුවක්කාලු කසළ රඳවනයේ ඇතිවූ දුර්ගන්ධය පාලනය කෙරේ
Kumar Tuesday, 08 October 2019 03:17 AM
ඔය රසායනික දේ ඉසීමෙන් දුගඳ නැතිව යන්නෙන් නැ. දිනපතා මිමි 300ක් ගනකම පස් තට්ටුවකින් වසදමුවොත් නම් දුගඳ නැතිවෙනවා.
lalithm Tuesday, 08 October 2019 06:53 AM
ඔය ඉන්ජිනේරුවම තම කියල තියෙන්නේ කුණු වලින් විදුලිය නිපදවීම කුණු ප්‍රශ්නය විසඳන්න පිලියමක් නොවේ කියල. මේ සිධ්ධියෙන්ම පැහැදිලි වෙනවා විදුලිය නිපදවීම හොඳ පිලියමක් කියල මේ කුණු නිධි පාලනය කරන්න යන වියදම දිහා බැලුවොත්. මිනිහ මාටිය පාරක් දානවද කොහෙද දුගඳ නාශක රසායනික ද්‍රව්‍ය සැපයුමත් එක්ක.