(තරිඳු ජයවර්ධන)
පුත්තලම අරුවක්කාලු කසල අංගනය අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවේ ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (09) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට නියෝග කළේය.
කමිටුවට පක්ෂ බේදයකින් තොරව දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන් සහ නිලධාරීන් පත් කරන ලෙස ද එම කාරක සභාව දැනුම් දුන්නේය.
එම කමිටුව මේ ගැන අධීක්ෂණය කර මසකට වරක් ආර්ථික කටයුතු ආංශීක අධීක්ෂණ කාරක සභාවට වාර්තාවක් සපයන ලෙස ද මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී ඇත.
කොළඹ නගරයේ දවස් තුනක් තිස්සේ එකතු වී තිබුණු කසළ එකතු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, ටිපර් රථ 14ක් යොදා ගෙන ඒවා පුත්තලම අරුවක්කාලු කසල අංගනය වෙත ගෙන යමින් තිබෙන බවත් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
කුණු අදින්නත්... පාර්ලිමේන්තු කමිටු දාන රටක් කවදානම් දියුණු වෙන්නද..?
ලෝකයේ වෙනත් දියුණු රටවල මෙන් නගරවල කසල එකතු කිරීම සඳහා සිටින පුද්ගලයන් හට රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි. ඔවුන්ගේ සේවයට වටිනාකමක් දීමට නම්... 1. කසල එකතු කරන සේවකයන් හට නිල ඇඳුමක් ලබාදීමට කටයුතු කළයුතුය. එමෙන්ම සේවය කරන අවස්ථාවලදී නිල අැඳුම අනිවාර්ය කළයුතුය. 2. කසල එකතු කිරීම කාර්යක්ෂමව සිදු කිරීමට නම් එකතු කරන සේවකයන්ගේ තනතුරට ශක්තිමත් සේවකයන් බඳවා ගැනීම කළ යුතුමය. පඩිය වැඩිකර එම තනතුරේ නාමයද වෙනස් කළයුතුවේ.
ලබන මැතිවරණයේදී ඔය 225 න් 1ත් අනිවාර්යයෙන්ම අරුවක්කාලු කසළ අංගනයට දමන්න.. නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනපතිවරණයෙන් දිනවමු.
කුණු ප්‍රශ්නෙට සාමාන්‍ය ජනතාවත් වගකිව යුතුයි. බහුතරයක් කසල වර්ගීකරණය කරන්නේ නැහැ. කුණු ගන්න එන සේවකයින්ට පගාවක් දීලා වර්ගීකරණය නොකරපු කුණු ටික දෙනවා. කුණු අදින සේවකයින්ද පගා ගැනීමේ මාෆියාවෙන් ඉවත් කළයුතුයි. ගෙදරින් කුණු ටික අරන් ගියාට රටේ කොහේ හරි තැනක මෙවැනි වර්ගීකරණය නොකරපු කුණු දාපුවහම පාරිසරික ප්‍රශ්නයක්. හරියට වෙන් කරනවා නම්... පොළවේ වලකට දැමූ කෑම දිරාපත් වෙන්න ගතවෙන්නේ දින කිහිපයක්... පොලිතීන් ටික ලේසියෙන් වෙන්කරන්න පුළුවන්... ජපානේ වගේ මෙහෙ නීති ඕනේ...