IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අරණායක පොලිසියේ තුනකගේ වැඩ තහනම්

(සමන් විජය බණ්ඩාර)
 
කසිප්පු මුදලාලිගෙන් අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක් ලබාගත් අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ඇතුළු පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියමයෙන් අරණායක මාවනැල්ල භාර සහකාර පොලිස් අධිකාරි මහතා විසින් අද (24) තීරණය කර ඇති බව පොලිසිය පවසයි.

අරණායක පොලිස් බල ප්‍රදේශයට අයත් අරණායක, අම්බලකන්ද, පෝඩාපය ප්‍රදේශයේ දී ඊයේ 23 ත්‍රීරෝද රථයක් පරික්ෂාවට ලක් කරන ලද අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂක රත්නායක, පොලිස් සැරයන්වරුන් වන 46091 චන්දන කුමාර, සහ 33743 ආශෝක යන මහත්වරුන්ට අංක 5839 දරණ ත්‍රීරෝද රථයේ තිබි කසිප්පු බෝතල් 80 ක් හමුවී ඇත්තේ එම නිතීවිරෝධි කසිප්පු ප්‍රවාහනයේ යෙදී සිටින අතරවාරයේදිය.

මෙම ත්‍රීරෝද රථයේ රියදුරා ලෙස කටයුතු කර ඇත්තේද කසිප්පු නිතී විරෝධි ලෙස අලෙවි කරන මෙම සැකකරු විසිනි. අරණායක පෝඩාපය කන්ද ප්‍රදේශයේ දී පොලිසියට කොටු වු මෙම සැකකරුට පොලිස් නිලධාරින් තිදෙනා පවසා ඇත්තේ මෙම කසිප්පු බෝතල් 80 න් කසිප්පු බෝතල් 25 කට නඩු පවරා දිය හැකි බවත් ඒ සඳහා වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කර දෙන ලෙසයි. නඩුව වෙනුවෙන් ඒ සඳහා අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක් ක් ඉල්ලා ඇත.

පසුව සැකකරු විසින් පොලිසිය ගෙනා එම යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර පොලිසියට ඒ වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලු රුපියල් 60,000 ක මුදල පොලිස් නිලධාරින්ට ලබා දි ඇත. එම හැටදහසක මුදල රුපියල් විසිදහස බැගින් පොලිස් නිලධාරින් තිදෙනා බෙදා ගෙන තිබිණි.

මෙම නිතීවිරෝධි ක්‍රියාව සිදු කරන ලද සැකකරු සමග අල්ලස් ගත් චෝදනාව සම්බන්දයෙන් කෑගල්ල පොලිස් අධිකාරි කේ.බි. කීර්තිරත්න මහතා කිසියම් පුද්ගලයෙකු විසින් කරන ලද දැනුවත් කිරිම අනුව මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කිරිමට සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා පොලිස් අධිකාරි මහතාගේ නියෝගයෙන් සිද්ධිය ගැන විමර්ශනයට ඒවා ඇත.

එම පරික්ෂණය සිදුකර සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ගත් පොලිස් නිලධාරින්ගෙන් මුලින්ම ප්‍රශ්න කරද්දී ඔවුන් එය සාවද්‍ය ප්‍රකාශයක් බව අගවා ඇත. පසුව ඔවුන් සන්තකයේ තිබී අල්ලස් ලෙස ලබා ගත් මුදල් හමු වි ඇති අතර ඒ අනුව මොවුන්ගේ වැඩ අද දිනයේ තහනම් කරන ලද බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය වෙත පැවසීය.



අදහස් (3)

අරණායක පොලිසියේ තුනකගේ වැඩ තහනම්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 June 2020 12:48 PM

පොලිසියේ සිටින මෙවන් දූෂිත නිලධාරින්ව අත්අඩංගුවට ගත් අවංක නිලධාරීන්ට අපගේ ස්තුතිය..!!! පිරිසිදු පොලීසියක් ගොඩනැගීම සඳහා කෙරෙන මෙවැනි වැටලීම් නිතර නිතර සිදුවිය යුතුයි..

:       0       42

Hafeel Wednesday, 24 June 2020 01:06 PM

මේ තුන්දෙනාම වැඩ තහනම් කළ එක සාධාරණයි. නමුත් අද ආරංචි වුණු හිටපු විදුලි ඇමතිගේ කෝටි පනහේ කප්පම් සිද්ධිය හමස් පෙට්ටියට තමයි.

:       0       2

Duka Wednesday, 24 June 2020 01:15 PM

අනේ මට පුදුම සතුටක් දැනෙන්නේ. තුන් දෙනාගේ විතරක් නෙවේ.. ඔක්කොගෙම වුණත් කමක් නැහැ. මෙලෝ රහක් නැති පොලිසියක්.. සල්ලි වලට ඕනෑම දෙයක් කරයි. අසරණ මිනිස්සුන්ට පුප්ඵන අය තමයි මෙකෙ වැඩිපුර ඉන්නේ. මොනවා හරි පොඩි දෙයක් වුණත් ඇත්ත කතා කළොත් අරණායක පොලිසියේ මහත්වරුන්ට තදවෙනවා. හිරේ දානවා, කූඩුවේ දානවා කියලා බය කරනවා. කවුරු හරි පගා පප්පෙක් හිටියොත් හිටියොත් එයාට උදව් කරනවා. සැලව පන්සලේ භාරකාරව සිටි සොරකම් කළ අයෙක්ව එළියට දාලා පන්සල වැහුවා.. ඒක පැමිණිලි පැමිණිලි කරපු මිනිස්සු වැරැදි කාරයෝ කරපු පොලිසියේ අය ඉන්න තැනක් තමයි ඔතන... පගාව දුන්නු භාරකාරයාට හැම වෙලාවෙම උදව් දුන්නා. මේවා පැමිණිලි කරන්න කෙනෙක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site