(මනෝප‍්‍රිය ගුණසේකර)
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (19) දැනුම් දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සිංගප්පූරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වු නියෝගයද එදින ප‍්‍රකාශයට පත් කරන බව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කොට තිබූ සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.
පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරයි.

COMMENTS
හරිත සහ ලෝහිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී සූර්ය උදාවෙන් හෝරා දෙකයි. නිමේෂ සතරක් ගියතැන උතුරු නැගෙනහිර බලා ලියැවිල්ල අත්සන් කිරීම සුබයි!
එදාටද බහිරව නැකත තියෙන්නේ? එක්කෙනෙක් කිව්වා නේද සිංගප්පූරු ජනාධිපතිගෙන් ඔය මනුස්සයා අල්ලලා දෙන්න කියලා ආයාචනයකුත් කළා කියලා. ඒකට මොකද්ද දන්නේ නැහැ ලැබුණු ප්‍රතිචාරය...
චන්දෙත් ළඟයිලුනේ.
අම්මපා මේ ගෝයියන්ට හදිසියේ නැට්ට ගිනිගත්තා වගේ අර්ජුන තක්කඩියව මතක් වුනේ...? අද හෙට තිරිසනුන්ව තෝරන තරගයක්වත් තියෙනවද? එ් කිව්වේ බූරුවෝ මීහරකුන්, බල්ලන්වගේ නම්බුකාරයින්ව තෝරන පොරයක් තියෙනවා වගේ.... මෙච්චරකල් අර්ජුනගේ අතීසාර යාළුවා වන "සූත්තර පුංචා" අර්ජුන කියන පරයව ඉහළින්ම නිර්දේශ කරලනේ.. ඒ තනතුරට ගත්තේ. නමුත් සූත්තර පුංචා අර්ජුනයා හොරකම් කරලා රටිනුත් පැනලා ගියාට පස්සේ අවුරුදු කීයක් හිටියද බලාගත් අත බලාගෙන... ම්ම් හොඳා හොඳා ... බලමු බලමු පර අර්ජුනව අල්ලාගනියිද? සූත්තර පුංචා සිංගප්පුරුවේ පුරවැසිකම ගනියිද කියලා...
මේ....189 වෙනි වරෙන්තුවද?
ඔන්න තවත් සංදර්ශනයක් තිරගත වුණා.
ඇයි අනේ හදිස්සි... ඕකට තව කොච්චර කල් තියනවාද?