IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම 24 වැනිදා

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (19)  දැනුම් දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සිංගප්පූරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වු නියෝගයද එදින ප‍්‍රකාශයට පත් කරන බව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කොට තිබූ සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.

පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරයි.

 



අදහස් (8)

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම 24 වැනිදා

හිච්චිමහත්තෙයා Friday, 19 July 2019 05:31 PM

හරිත සහ ලෝහිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී සූර්ය උදාවෙන් හෝරා දෙකයි. නිමේෂ සතරක් ගියතැන උතුරු නැගෙනහිර බලා ලියැවිල්ල අත්සන් කිරීම සුබයි!

:       1       141

sirimal Friday, 19 July 2019 06:10 PM

එදාටද බහිරව නැකත තියෙන්නේ? එක්කෙනෙක් කිව්වා නේද සිංගප්පූරු ජනාධිපතිගෙන් ඔය මනුස්සයා අල්ලලා දෙන්න කියලා ආයාචනයකුත් කළා කියලා. ඒකට මොකද්ද දන්නේ නැහැ ලැබුණු ප්‍රතිචාරය...

:       0       114

Nandalal DE SILVA - FranceFriday, 19 July 2019 09:40 PM

ඕකත් අහන්න ඕන ප්‍රශ්නයක්ද?

:       0       0

sudath Saturday, 20 July 2019 03:06 AM

චන්දෙත් ළඟයිලුනේ.

:       0       0

Raveendra Saturday, 20 July 2019 06:37 AM

අම්මපා මේ ගෝයියන්ට හදිසියේ නැට්ට ගිනිගත්තා වගේ අර්ජුන තක්කඩියව මතක් වුනේ...? අද හෙට තිරිසනුන්ව තෝරන තරගයක්වත් තියෙනවද? එ් කිව්වේ බූරුවෝ මීහරකුන්, බල්ලන්වගේ නම්බුකාරයින්ව තෝරන පොරයක් තියෙනවා වගේ.... මෙච්චරකල් අර්ජුනගේ අතීසාර යාළුවා වන "සූත්තර පුංචා" අර්ජුන කියන පරයව ඉහළින්ම නිර්දේශ කරලනේ.. ඒ තනතුරට ගත්තේ. නමුත් සූත්තර පුංචා අර්ජුනයා හොරකම් කරලා රටිනුත් පැනලා ගියාට පස්සේ අවුරුදු කීයක් හිටියද බලාගත් අත බලාගෙන... ම්ම් හොඳා හොඳා ... බලමු බලමු පර අර්ජුනව අල්ලාගනියිද? සූත්තර පුංචා සිංගප්පුරුවේ පුරවැසිකම ගනියිද කියලා...

:       0       242

ravi Saturday, 20 July 2019 07:57 AM

මේ....189 වෙනි වරෙන්තුවද?

:       0       7

Hafeel Saturday, 20 July 2019 01:17 PM

ඔන්න තවත් සංදර්ශනයක් තිරගත වුණා.

:       0       1

කුමාර Saturday, 20 July 2019 01:59 PM

ඇයි අනේ හදිස්සි... ඕකට තව කොච්චර කල් තියනවාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site