IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අරක්කු සිගරට්වලට දිනකට රුපියල් කෝටි 97ක්

(බිඟුන් මේනක ගමගේ)
 
ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 97 ක් පමණ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි. 
 
රුපියල් කෝටි 50 ක් අරක්කුවලටත් රුපියල් කෝටි 9 ක් බියර්වලටත් රුපියල් කෝටි 38 ක් දුම්වැටි සඳහාත් වශයෙන් මෙම මුදල් වැය කෙරෙන බව එම මධ්‍යස්ථානයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
 
සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ලංකා දුම්කොල සමාගමේ දත්ත වාර්තා ඇසුරින් මෙම ගණනය කර ඇත.
 
මෙරට කාන්තාවන්ගෙන් දුම්වැටි භාවිත කරන්නේ 0.1% කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද මධ්‍යසාර භාවිත කරන කාන්තාවන් සංඛ්‍යාව 0.5%ට අඩු යැයි ද එහි සඳහන් වේ.
 
මෙරට පිරිමින්ගෙන් 34.8% ක් මධ්‍යසාර භාවිත කරද්දී 29.4% ක් දුම් පානය කරන බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (13)

අරක්කු සිගරට්වලට දිනකට රුපියල් කෝටි 97ක්

මාවිල්මඩ වජිර හිමි Thursday, 28 March 2019 08:07 AM

මෙයින් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලබන කම්කරුවන්. ඔවුන්ගේ දෛනික ආදායමෙන් 60% ක් පමණ වියදම් කරන්නේ මත්පැන් හා දුම්වැටි වලට. ඉතිරි 40% න තමයි මුළු පවුලම නඩත්තු වෙන්නේ. ඉතින් කොහොමද දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ. ඒ දරුවනුත් යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම මේ වසංගත වලට ඇබ්බැහි වෙනවා. දුප්පත්කම නුගත්කම පරම්පරාවෙන් පරමපරාවට උරුම වෙනවා. මිනිස්සු මේ උගුලෙන් ගලවා ගන්න අපේ පාලකයින්ට උවමනාවකුත් නැහැ.

:       0       105

Bamunuarachchi Thursday, 28 March 2019 08:08 AM

ඉතින් මොකක්ද කරන්න කියන්නේ? ඔයගනනින් 75% පමණ ආණ්ඩුවට ගෙවන බදු නේද? ඉතින් මොන කෙන්ගෙඩියකටද කතා කරලා කනබොන මිනිහගේ ප්‍රෙෂර් නගන්නේ. කඩා ගන්න ගානක් කඩාගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව.

:       323       50

NissankaThursday, 28 March 2019 09:54 AM

අරක්කු සිගරට් බිල ලෙඩ වුන මිනිසුන්ට බෙහෙත් වලට ආණ්ඩුවට ඊට වඩා වියදම් කරන්න වෙනවා කියලා මේ ගල් බමුණට තේරෙන්නේ නැද්ද?

:       1       124

BamunuarachchiThursday, 28 March 2019 05:59 PM

කව්ද බීලා ලෙඩ වෙන්නේ? ඔයා අරක්කු දකින්න කලින් මම බොන්නේ. අපිට ඉහෙන් බහින ලෙඩක් නැහැ වැඩට බැස්සාම තාම අවුරුදු 20 අය වගේ වැඩ. දැන් 75 යි තව මොනවද කතා. හැබැයි ඊර්ෂා කොරන්න එපා. ඔබලාටත් එහෙම ඉන්න පුළුවන් වේවායි! ප්‍රාර්ථනා කොරනවා.

:       0       0

nisarThursday, 28 March 2019 11:21 AM

බමුණු ආරච්චිතුමා දන්නවා මිනිස්සු මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය වලින් ඈත් උනොත් ඡන්ද දායකයන්ගේ මොලේ වැඩකරනවා, තාර්කිකව හිතල තීරණ ගන්නවා, අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිවෙනවා. එහෙම උනොත් එයාලට ඕන විදියේ ආණ්ඩු ඇතිකරගන්න හැකියාවක් නෑ කියල.

:       0       92

BamunuarachchiFriday, 29 March 2019 12:39 PM

හලෝ බීම ගැන කතා කොරන්න පුළුවන් බොන මිනිස්සුන්ට පමණයි. බීම ටිකක් කටේ තියලාවත් නැති ඔහේ කොහොමද බීම ගැන දන්නේ.... හලෝ ජේසුස් වහන්සේ ඔබලා කියන විදිහට ඊසා කියන පුද්ගලයා අන්තිම බෝජනයෙදීත්, "ලාස්ට් සපර්" වයින් බීව බව දන්නවනේ. හැබැයි දොස්තර කීවොත් හෘදරෝග වලින් බේරෙන්න් පොඩ්ඩක් ගන්න කියලා. ඔන්න එතකොට බාර් එකකට රිංගලා වටපිට බලලා ෂොට් එකක් දාලා කට පිහදාගෙන එනවා නේද?

:       1       0

sandy123Thursday, 28 March 2019 02:39 PM

හොදට සප්පායම් වෙන පුද්ගලයෙක් වගේ....

:       0       1

UAE Sanath (Dubai) Thursday, 28 March 2019 08:16 AM

අපේ අය කොහේ ගියත් බේබදු කමට හරි ප්‍රසිද්ධයි. මේ රටවල්වල කොච්චර ඉන්දියන්, පිලිපීන්, පකිස්තාන්, බංග්ලාදේශ් මිනිස්සු හිටියත් ලෝකෙන් උතුම් රටෙන් පැමිණි අපේ අය තමා බේබදු කමට ප්‍රසිද්ධ. අනිත් රටවල මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේ තමන්ගේ දරු පවුල් නඩත්තු කරන්න වියදම් කරද්දී අපේ ගොයියෝ මෙහෙත් කාල බීලා පිස්සු නටන එක තමා කරන්නේ. මම අහලා තියෙන විදිහට කොරියාවෙත් ඒක තමා තත්වය.

:       0       81

sandy123Thursday, 28 March 2019 02:34 PM

සහතික ඇත්ත.

:       0       0

diasThursday, 28 March 2019 02:46 PM

සම්පුර්ණ ඇත්ත. මෙයට මුල නම් නුගත්කම සහ විනයක් නැති කම.

:       0       0

ගොන් බමුණා Thursday, 28 March 2019 08:46 AM

ඒ මිනිස්සු එකෙන් මුදා ගන්ඩ වැඩ පිළිවලක් හදන්න ඕනේ !

:       0       0

sarath Thursday, 28 March 2019 12:20 PM

කවුද ඕකෙන් හම්බ කරන්නේ . සුදු ඇඳගෙන මල්වට්ටි අරන් පන්සල් / පල්ලි යන මන්ත්‍රීලා ටිකයි. අරක්කු කොම්පැනි එකේ අයිති කාරයයි . ඉස්සර නම් ගමේ රා /අරක්කු විකුණන එකා උදේට දැක්කත් මග හැරලා යනවා. දැන් මැති ඇමතිලා ඔක්කොටම බාර් ලයිසොන් ..??? විලි ලැජ්ජයි රටේ අනාගතය විනාශ කරලා කෝටිපතියෝ වෙනවට වඩා හොඳයි වහ කනවා.

:       0       5

sandy123Thursday, 28 March 2019 02:37 PM

අනිත් මත්ද්‍රව්‍ය වලටත් ලයිසන් දෙනවනම් ඉතින් 225 හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 672 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 324 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site