අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.
අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත් කී ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘බැග්ඩෑඩි බල්ලකු ලෙස මියගිය’ බව ද කීවේය. අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
055
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
COMMENTS
ඔවුන් විසින්ම හදා පෝෂණය කල දාමරිකයා මිය ගොස් ඇත..
බොස් කිව්වා නම් හරි බොස් අපි පිළිගන්නවා. ළඟදී අපේ නායකයන් වෙන්න ඉන්න අයත් ඔබතුමාගේ නායකත්වය යටතේ ඉන්න අය නිසා ඒ අයත් පිළිගන්නවා ෂුවර්..
නියමයි... !
බැග්ඩෑඩ් එඩිතර ලෙස සියදිවි නසා ගත්තා නම් ‘සුනඛයකු ලෙස මියගිය’ බව ට්‍රම්ප් කියන්නේ කෙසේද?
එම ගැටුමේදීද යුද අපරාධ සිදු වී ඇති ද කියලා පරික්‍ෂණ කල යුතුයි.
ඔය කියන විදියට ඔහු මැරිලා තියෙන්නේ ආයුධ පෙන්නන්න එක්කන් ගිහිල්ලා වගේ.
ට්‍රම්ප් තහවුරු කලාට කිසිම සාක්කියක් නැතුව අපි පිළිගන්නේ නැහැ. මෙලෝ සාක්කියක් නැහැ. අඩුම තරමේ මොකක් හරි පින්තුරයක්වත් ඉදිරිපත් කලේ නැහැ. හෙලිකොප්ටර් 8 කින් ගිහින් එතන පැය දෙකක් හිටියලු. සජීවීව මෙහෙයුම බැලුවාලු. නමුත් ජනතාවට පෙන්වන්න එක පින්තුරයක්වත් නැහැ .
ශ්‍රී ලාංකිකයන්ටත් යම් යුක්තියක් ඉටු වුණා යයි සිතමි. අපිටත් ට්‍රම්ප් වැනි නායකයෙක් නොබෝ දිනකින් බිහි වේවායි පතමි.
මෙය බිල්ලාඩන්ගේ විනාසය තරම් මහා ජයග්‍රහණයක් නොවේ. මොහු අයි.එස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයයි. සන්නද්ධ නායකයා නොවෙයි. ප්‍රහාරවල අඩුවක් වෙයි කියලා හිතන්න අමරුයි.
තවත් එක සාපයක් ලොවෙන් තුරන් විය...
ප්‍රභාකරන් මැරුණු විදිහත් හොයන අය තාම ඉනවානේ.
කොහොමද ඇමරිකන් ජාතිකයන්ගේ වැඩ කිඩ, අපිටත් ළඟදීම එවැනි නායකයෙක් ලැබෙනවා.
මේ වගේ අය ලෝකේ හිටියා. හෙටත් ඉඳීවි නමුත් මේ අයගේ ඉරණම එක සමානයි.
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සාමකාමී ජනතාවගේ එකම පැතුමයි. මෙය අගය කළ යුතු කටයුත්තකි. නමුත් පේ රටේ ත්‍රස්තවාදය පරාජය කළ විට බටහිර රටවල් මානව හිමිකම් ගැන කතා කරමින් මහලොකුවට විවේචනය කරන ලදී.. ලෝකයේ සියලුම රටවල් ත්‍රස්තවාදය පරාජය කිරීම පොදු සාධකයක් බවට පත්විය යුතුයි.
මේ වගේ මාධ්‍ය නාට්‍ය නිර්මාණය කිරිමට ඇමරිකානු දේශපාලනයට මාධ්‍යයේ විශේෂ වගකීමකි. කෙසේ වෙතත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි කොහේ හෝ සුවසේ ඇතැයි සිතමි.
ෆොටෝ එකේ නම් ට්‍රම්ප් එතරම් සතුටින් නැහැ වගේ ....
මුස්ලිම්වරුන්ව අපහසුතාවට පත්කළ කාලකණ්ණියාට දෙවියන් වහන්සේගේ දඬුවම...
ඇමෙරිකාව විසින්ම හදා, වඩා පෝෂණය කල අයි.එස්.අයි.එස් දාමරිකයව ඇමෙරිකාව විසින්ම මරා දමා "බල්ලෙක් ලෙස මැරුනා යැයි උදම් අනනු ලබයි,,, මෙහි ඇමෙරිකාව සතු ජනග්‍රහනයක් තීබෙදයි බුද්ධියක් ඇතිවුණ් සිත බලත්වා!!!!!!
ඔව් අපි විශ්වාස කළා. ඔහුට පණ කොපමණක් තිබෙනවාදැයි අපි නොදනිමු. ඔහු මීටපෙරත් දෙවතාවක් මියගිය බව ඇමෙරිකානු ඊශ්‍රායෙල් මාධ්‍ය ප්‍රකාශ කළා. ඔහුව ඇති දැඩි කළ ඇමෙරිකානු ඊශ්‍රායෙල් සුසංයෝගය ඔහුව ඉතා සූක්ෂම ලෙස ආරක්ෂා කරති. අනෙක් අතට ලොවට අබු බකීර් හිටියත් එකයි. නැතත් එකයි. නමුත් මැරුණා කියන එක නම් බොරු...