(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් වන අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ සහයේගය පමණක් නොව වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගයත් අවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.
ඇමරිකානු එෆ්.බී.අයි නිලධාරීන් වැලිසරට පැමිණ එම පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය හා එහි අවසරය මත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමරිකානු එෆ්.බී.අයි ආයතනයේ නිලධාරීන් පැමිණ වැලිසර නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එසේ ප‍්‍රශ්න කිරීමේ කිසිඳු ගැටලුවක් නැතැයි කී විජයවර්ධන මහතා නාවික හමුදාපතිවරයාත් එයට අවසරය දුන් බව පැවසීය.
එය රට ඇමරිකාවට පාවාදීමක් නොවන බව කී ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා එසේ රට ඇමෙරිකාවට පවරාදීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නැතැයි ද කීවේය.
අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි තවත් රටවල් ගණනාවකට එල්ල වී ඇතැයි කී රුවන් විජයවර්ධන මහතා එය මර්දනය කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවන බව ද සඳහන් කළේය.
මහනුවර ඇසළ පෙරහැරේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ වන විට ආරක්‍ෂක පියවර රැසක් ගෙන ඇති අතර බුද්ධි අංශ නිලධාරීන් ද මාස දෙකක පමණ සිට ඒ ස සඳහා යොදවා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
COMMENTS
ලංකාවේ මුසිල්ම් ත්‍රස්තයින් IsIs වලට සම්බන්දයක් නැතිබවත් මේ හිස්ගෙඩි ISIS කාරයින් අනුගමනය කරන්න යාමක් බව තේරීම් කාරක සභාවේදී කියවුණා. කරුණු එසේනම් කොහෙවත් තිබෙන ISIS මර්ධනයට වඩා රටතුළ ඉන්නා වූ ත්‍රස්තයින් කඩුගා දමන්න කටයුතු කරමු. ඕස්ට්‍රේලියානු අගමැතිනි, ජූලියා ගිල්ලාඩ්ට තරම් කශේරුකාවක් අපේ මහා උන්දැලාට නැද්ද? එතුමිය කීවා ෂරියා නීති ඉල්ලන මුසල්මානුවන්ට වහාම බදාදාට කලින් රටින් පිටවෙන්න කියලා... අනේ එහෙම අගමැතිනියක් අපිට මේ කල්පයේ ලැබෙයිද? අපි වගේ කාලකන්නින්ට ලැබෙන්නේ ඒවගේම නායකයින්ම තමයි...
කඳයි බඩයි විතරයි... වෙනින් දෙයක් නැහැ. අපරාදේ අපේ බදු සල්ලි.
මර්දනයටද? වර්ධනයටද? කියන එක තේරුම් ගන්න බලන්න. ඇමෙරිකාව කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදයේ පියා කියන එක තේරුම් ගන්න බැරි ඔබ වගේ පුද්ගලයෙක් ඔය තනතුර දැරීම රටටම අනතුරකි.
බමුණා අසරණවී ඇති බවක් පෙනෙන්නට තිබේ...
ත්‍රස්තවාදය විනාශ කළරටක දැන් කෙරෙන මෙවැනි කතා අහන්නත් ලැජ්ජයි.
නිවට පරපුරත්, නිවට පක්ෂයත් මේ රට පාවා දෙන බව කවුරුත් දන්නවා.