( ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම එජන්සියේ රැදී සිටි තරුණියන් සිව් දෙනකු හා තරුණයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
රැකියා ඒජන්සිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 500 ක්ද පොලිස්බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිසද මතට ඇබ්බැහිවුවන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්වූවෝ අවුරුදු 21,22,23 යන වයස් කාණ්ඩ වලට අයත් එම පිරිසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වැඩියි.
රට රැකියා ඒජන්සිකරුවන් තනිකරම ස්ත්‍රී දූෂකයින්. රට යවන බොහෝ කාන්තාවන් දේශනවලට ගෙන්වන මුවාවෙන් මොවුන් ඉතා සූක්ෂම අයුරින් දූෂණය කරනු ලබනවා. රටේ කාන්තාව කියන්නේ රටේ දරු පරපුර බිහිකොට රටේ අනාගතය සුරක්ෂිත කරනා හා රටේ පැවැත්ම සුරකින අය. එබැවින්, ඔවුන් ආරක්ෂා කරගැනීම රජයේ හා රටේ සෑම අයෙකුගේම වගකීම. කාන්තා කාර්යාංශය, කාන්තා සංවිධාන වල වගකිවයුතු අය තද නින්දේ...
කෝ ඉතින් නැහැනේ මේ වලත්තයගේ විස්තර, ඒජන්සියේ නම, චායරුප මුකුත් නැහැනේ... මාද්‍ය නිදහස තොරතුරු දැනගැනීමේ නිදහස, ඒ සියල්ල වැසිකිලියට දාලද...? සියලුම මාද්‍ය ආයතනවල වගකීම මෙවන් තිරිසනුන්ගේ සියලු විස්තර සමාජයට දැනගැනීමට සැලැස්වීම .එනමුත් එවන් විස්තර නිසිලෙස කිසිදු මාද්‍යක් මගින් සිදු නොවීම ඉතාමත්ම කනගාටුවකි.