අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද (15) වාර්තා කළේය.
සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානීයා කියා සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවූ සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නැරඹී මඟින් තමන්ට මෙම ත්‍රස්ත ක්‍රියාවන් හී නිරත වීමට පෙලඹවූ බව පිළිගෙන ඇති බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානීයා එම ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් තිස් තුන්දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු, කේරලයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
(125)
2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයිසීස්ලාට සම්බන්ධ 127 ක් ඉන්දියාවෙන් අත්අඩංගුවට