IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී සමුගනී

අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර තිබේ. හමෙඩ් බකයෝකෝ මහතා මියයන විට පිළිකා රෝගයට ප්‍රථිකාර ලබමින් සිටියේය. සිය 56 වන උපන්දිනය සැමරීමට දින කිහිපයක් තිබියදී ඔහු අභාවප්‍රාප්ත විය.


මීට පෙර අයිවරි කෝස්ට් හි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමදු ගොන් කුලිබාලිගේ හදිසි අභාවයෙන් පසු පසුගිය වසරේ ජුනි මාසයේ බකයෝකෝ  මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙබරවාරි මාසයේ දී බකයොකෝ මහතා ප්‍රංශයට ගෙනයන ලද අතර පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ජර්මනියට මාරු කරන ලදී.

මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසුව දේශපාලනට පිවිසි අතර අග්‍රාමාත්‍ය ලෙස පත්වීමෙන් අනතුරුව අයිවරි කෝස්ට් හි සිවිල් යුද්ධයේ ප්‍රමුඛ මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කළේය.

"බකයොකෝ, දේශපාලන ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් සහ ප්‍රතිසංවිධානයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකි. එසේම ශ්‍රේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රකයෙක් සහ පක්ෂපාතී මිනිසෙකු ලෙස සැමට ආදර්ශයක් වෙමින් ජීවත් වූ මිනිසෙකි." යනුවෙන් අයිවරි කෝස්ටි හි ජනපති ඇලසෙන් ඔවාටාරා මහතා පැවසීය. 

අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව හැරුණු විට රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද බකයොකෝ මහතා කටයුතු කළේය.

බකයොකෝ මහතාගේ අභාවයෙන් පසු අයිවරි කෝස්ට් හි අතුරු අග්‍රාමාත්‍යවරයකු පත්කර ඇති අතර ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා අතුරු ආරක්ෂක ඇමැති ලෙස නම්කර තිබේ.

අයිවරි කෝස්ට්, අප්‍රිකාවේ බටහිර වෙරළ ආසන්නයේ  පිහිටා ඇති රටකි.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී සමුගනී

Pieris L.G. Thursday, 11 March 2021 05:10 AM

අපේ කවද්ද කියන්නත් බැහැ. නිවන් සුව ලැබේවා..!!!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site