IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අයවැයේ ඡන්දය දෙන ආකාරය ගැන සන්ධාන තීරණය හෙට

(ඩයනා උදයංගනී)
          
අයවැයට සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය.

ඒ සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කරන බව කී මන්ත‍්‍රීවරයා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වී අවසන් තීරණයක් ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.

මෙවර අයවැයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති අමාත්‍යාංශවල වැය ශීර්ෂ සෙසු අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය. 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කරවන බව කියන්නේ මත්කුඩුවලට එරෙහිව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පරාජය කරවීමට අවශ්‍ය මන්ත‍්‍රීවරුන් බව ද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

අයවැයේ ඡන්දය දෙන ආකාරය ගැන සන්ධාන තීරණය හෙට

de silva Monday, 04 March 2019 11:59 AM

අනේ ඡන්දෙ දෙන්නේ නැත්නම් තියාගන්න කියන්න. ඕක පැරදුනොත් පාර්ලිමේන්තු ඡන්දෙකට යාවිනේ... එතකොට අපි පක්ෂ, පාට කුමක් වුණත්, දශක ගණනක් තිස්සේ රටපාලනය කරපු නමගිය පුද්ගලයින්ට මනාපේ නොගහ අලුත් කාට හරි හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට ඡන්දෙ ගහමු. දැන් හදන්නේ කොහොමත් මේ අවස්ථාවේ තිබෙන ව්‍යවස්ථාමය ප්‍රශ්න සහ ජනප්‍රියභාවය අඩුවීම වැනි කරුණු කාරණා නිසා ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙලා දිනන්න බැරි රනිල්, මෛත්‍රී, රාජපක්ෂ යන තුන්දෙනාම, 20 කියලා තවත් අලුත් ව්‍යවස්ථා කැඳ හැලියක් අරන් ඇවිත්, ජනමත විචාරණයක් තියලා මෛත්‍රීව තව අවුරුදු 5 ඔය විදිහටම තියාගෙන ගිහින්, අපිව තව ටිකක් කන්න. මොන ජනමත විචාරණේ තැබුවත්, රනිල්, මහින්ද යන දෙදෙනාම උදව් කළත් ගියපාර ඡන්දෙට කලින් දීපු මැතිවරණ පොරොන්දු වලින් 10% වත් ඉටු නොකරපු , මෛත්‍රිව තව අවුරුදු 5කට ජනධිපති පුටුවේ රූකඩයක් වගේ තබන්න. එ්කට ජනතාව ඉඩදෙන එකක් නැහැ. දැන් ඉන්න ඡන්ද දායකයෝ 80, 90 දශකවල හිටපු ඡන්ද දායකයන්ට වැඩිය දේශපාලන දැනුමෙන් වැඩිය. දැන් ඉන්නේ අන්තර්ජාලයේ සැරිසරන පරපුරක්..

:       0       28

smnMonday, 04 March 2019 12:59 PM

ඉන්න මූසල හැත්ත ගැනත් දැනගත්තා.. හිටපු කාලකණ්ණි හැත්ත ගැනත් මතකයි. අපි ඕකුන්ගේ පාමුල වැඳ වැටෙන්න ගියෙත් නැහැ…. යන්නෙත් නැහැ...ඊළඟ සැරේ ඡන්දෙ නොදී නන්නාඳුනන අලුත් සෙට් එකකට දීලා බලමු.. සුදුසු නැත්නම් ඉක්මනින්ම නාගෙන ගෙදර යාවි. ඊට පස්සේ කළ යුත්ත ගැන එතකොට බලමු.

:       0       81

චමින්ද Monday, 04 March 2019 12:08 PM

පැරණි කියමනක් තියෙනවා කන්න ඕනවුණාම කබරගොයා, තලගොයා වෙනවා කියලා. මෙයාගේ කථාවත් ඒ වගේ එකක්... අයවැය ඉදිරිපත් කළෙත් නැහැ එහි රටට යහපත් දේ තිබෙනවාද දන්නෙත් නැහැ. මොවුන්ට වුවමනා කරන්නේ රට හැදීමට වඩා පක්ෂය හදාගැනීම... අපි නිදහසින් පසුව කිව්වේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා වර්තමානයේ කියන්නෙත් ඒකමයි. මෙහෙම කරලා තවත් සියවසක්වත් ලංකාව ඌන සංවර්ධිත රටක් කියලා හෝ නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියමු.

:       0       73

sirimal Monday, 04 March 2019 12:16 PM

තීරණය "රටේ ජනතාව" ගැන නොව "බලය" ගැන සිතා ගන්න එකක් බව නම් ස්ථීරයි...

:       0       71

de silva berlin Monday, 04 March 2019 12:19 PM

සමහරවිට අර ශ්‍රීලනිපෙ ඇතුලේ පොහොට්ටුව පිපුණු විදිහට, රනිල් දිගටම නායකයා වෙලා හිටියොත් අලියාගේ බඩ ඇතුලෙත් අලි පැටියෙක් හැදෙන්න පුළුවන්.. එහෙම වුනොත් දෙවන පෙළ නායකයෝ අලියාගේ පිටේ නැගලා ඉන්න ගමන් යටින් උදව්කරලා අලිපැටියා පෝෂණය කරලා, පටිය ලොකු වෙනකොට පස්සේ එකා දෙන්නා බැගින් ගිහින් අලි පැටියාගේ වලිගෙ එල්ලෙන්න පුළුවන්.. එතකොට දැන් ශ්‍රීලනිපෙට සහ සිරිසේනට වුණ දේ රනිල්ට සහ එජාපෙ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වේවි... රනිල් දැන් රාජපක්ෂලාගේ මඟුල් ගෙවල්වල යාමත්, 2015 දී ලැබුණු ජනවරම, තම බලය සහ තම පැලැන්තියේ මිනිස්සු ආරක්ෂා කරගැනීමට නිස්කාරණයේ විනාශ කරගැනීමත් ගැන, බිම් මට්ටමේ එජාප ක්‍රියාකාරියෝ ඉන්නේ කිසිම මනපයකින් නොවේ. එජාපය රනිල්ගේ නායකත්වය යටතේ කැඳ හැලි ආණ්ඩු අටවාගෙන රට පාලනය කරන එකට වැඩිය, ශක්තිමත් නායකයෙක් යටතේ විපක්ෂයේ සිටින එක හොඳ බව බිම් මට්ටමේ සාමාජිකයින්ගේ වැඩි දෙනෙකුගේ අදහස ඇත. එතකොට ඔවුන්ට තව අවුරුදු 5 කින් හෝ ශක්තිමත් රජයක් සැදීමේ බලාපොරොත්තුවක් ඇත. රන්ජන්, සජිත්, හරින්, වැනි කෙනෙකුට ඉදිරි මාස 2-3 තුළ එජාපෙ නායකත්වය නොදුන්නොත් පක්ෂය තුළ විශාල පෙරළියක් ඇතිවිය හැක.

:       0       43

Bandula. Tuesday, 05 March 2019 04:39 AM

විරුද්ද පක්ෂය කියාගෙන බොරුවට බිරුවට ජනතාවගේ බෙල්ල ලගටම හිරකරකරලා බදු ගහල මිනිසුන් කන්න නැතුව දුක් විදින කොට ඔය විපක්ෂය කියන අයත් හිටියනේ, ඒවගේම තමා මේකත් ඡන්දෙ දවසට පාර්ලිමේන්තුවට නිවාඩු දාල ගෙදර ඉදවී .එතකොට අනේ අපි දන්නේ නැහැනේ කියලා ඇග බේරගන්න පුළුවන්නේ.

:       0       29

sri lankikaTuesday, 05 March 2019 06:17 AM

සහතික ඇත්ත, එහෙම නැත්නම් කැන්ටින් එකේ පෙප්සි එකක් බී ගෙන ඉදී. මෙකයි ඇත්ත තත්වේ..

:       0       0

Sumith Tuesday, 05 March 2019 05:13 AM

225 අද අවුරුදු. ජනතාවට හුලං

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 59 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site