
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ද බදාදා දිනය නිවාඩු ලබා ලබා දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඉල්ලා සිටී.
උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීම සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සෑම බදාදා දිනයක්ම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වෙමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd