
( ගම්පොළ -සුරංග රාජනායක)
අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කළේය.
ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂෘවක් මෙසේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මොවුන් මාස 8ක පෙම්වතුන් වන අතර පසුගිය 19 වන දින අතිරේක පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත.
අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇත.
මෙහිදී පාසල් සිසුවා මෙම ගමනට කලින්ම සූදානම් වී ගමනට මුදල් සොයාගෙන ඇත්තේ ඔන්ලයින් පාඩම් සඳහා මව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7000 කට විකුණා දමමිනි.
බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීම සඳහාය.
මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වුව ද පාසල් ශිෂ්‍යාවගේ මව එම ශිෂ්‍යාව නිවසට නොපැමිණී බව පවසා දු අතුරුදහන් බවට ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමක දී මේ බව හෙළි වී ඇත.
පහළොස් හැවිරිදි මෙම දැරිය දූෂණයට ලක්ව ඇතැයි හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණි.
වෛද්‍ය පරීක්ෂණය සඳහා එම ශිෂ්‍යයාව ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දුවේ මොකද්ද මේ කරගත්තේ...? දැන් ඉතිං මොනවා කරන්නද? පලයන් දැන් ආයෙත් ඉස්කෝලේ... තවත් ඔන්ලයින් ඛේදචාචකයක්...
අන්‍යෝන්‍ය කැමත්තෙන් යමක් සිදුවුණොත් එය දූෂණයක් ලෙස අර්ථ දක්වන්න එපා. මේ අය තවම ළමයි. ඒ අයට හරි වැරැද්ද කියලා දෙන්න. මේවා අමතක කරලා ඉදිරි වැඩ කරගෙන යන්න අත්වැලක් සපයන්න. මට පේන විදියට මෙතන දූෂකයින් දුරදිග නොපෙනෙන වැඩිහිටියන්මයි.
මේක මෝඩකම සහ හැඟීම්වලට වහල්වීම නිසා වුණු අපරාධයක්. දෙන්නගේම ජීවිතේ නිකන් කාලකන්නි වෙලා. රස්සාවක් නැතුව පවුලක් නඩත්තු කරන්න ගියාම තේරෙයි. රස්සා කරන මිනිස්සුත් අද කාලේ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්...
වැරදි පාරේ ගියත් කොල්ලා දක්ෂයෙක් වගේ...
රටේ සංස්කෘතිය විනාශ කරන නළු නිළියන් හා ගායකයන් ඉන්න රටක ඔවුන්ගේ පළමු දෙවැනි විවාහයන් ගැන අගයන අය සිටින තුරාවට බාල අපරාධ වැළැක්විය නොහැක.
අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි රාලෙ කීවලු
නීතියෙන් කසාද බැන්දොත් තමයි ප්‍රශ්නේ... මෙහෙම ගියොත් අවුලක් නෑ.