
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද ( 20) සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු අයෙකි.
වැඩිමහල් සහෝදරයාගේ නිවසේදි මෙම ඝාතනය සිදු ව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් තිබි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බඩේ ඉපදිච්ච වයිරක්කාරයෝ
මේ දෙන්නා පාසල් කාලයේ කොහොම ඉන්න ඇද්ද? විවාහයට පස්සේ බිරිඳ කියන ආකාරයට කටයුතු කරන්නේ අතීතය නොදන්නා ආකාරයට... මට කියන්න පුළුවන් තණ්හාය ජායතී සෝකෝ... තණ්හාය ජායතී භයං... කියලයි. නීතියෙන් කෙසේ බේරුණත් දැන් ඉතින් ජීවිතාන්තය දක්වාම මැරි මැරී උපදිනවා මේ දෙන්නගේ අම්මා ඉන්නවා නම් උන්දෑත් දුක් විඳිනවා..
ගොඩක් ආරාවුල්වලට ප්‍රධාන හේතුව දේපළ සහ ඉඩකඩම් ප්‍රශ්න...