IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘අයථා ලෙස උපයා ගත් මහජන දේපළ බාර දෙන්න මාස 2 ක් දෙනවා‘‘

(පුෂ්පකුමාර ජයරත්න)

දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය.

එසේ බාර නොදුනහොත් විමර්ශනයක් සිදු කර අයථා ලෙස උපයාගෙන ඇති සියලු මහජන දේපල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පක්ෂ විපක්ෂ කිසිඳු දේශපාලකයෙකු සමඟ තම පක්ෂයට පෞද්ගලික කොන්තර හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර කිසිවක් නැති බව පෙන්වා දුන් දිසානායක මහතා මේ සියල්ල කරන්නේ නීතිගරුක රටක් බිහි කිරීමේ අරමුණින් බවද සඳහන් කළේය .

රට තුළ ක්‍රියාත්මක වත්මන් දේශපාලන ක්‍රමවේදය බොහෝ සෙයින් ලාබ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයිද ඒ තුළින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ දේශපාලඥයින් අයථා ලෙස මහජන දේපළ අත්පත් කරගෙන සිටින බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මෙලෙස උපයාගෙන සිටින මහජන දේපළ නැවත රටේ මහජනතාව අතට පත්කළ යුතු බවද ඒ සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමුවෙන්ම පියවර ගන්නා බවද ජවිපෙ නායකයා අවධාරණය කළේය.

කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති මෙම ජනහමුවට විශාල ජනකායක් සහභාගී වූහ.

 



අදහස් (24)

‘‘අයථා ලෙස උපයා ගත් මහජන දේපළ බාර දෙන්න මාස 2 ක් දෙනවා‘‘

chandima Thursday, 10 October 2019 02:05 PM

ඒ කියන්නේ තීරුබදු රහිතව ගෙන්න ගත්තු කාර්, අවුරුදු පහෙන් හදාගත්තු විශ්‍රාම වැටුප් එහෙමද?

:       157       461

RaveendraThursday, 10 October 2019 03:36 PM

අපේ රතු මලයා ගරු සේවයක් මෙතෙක් කල් කලේ. කිසිදු වැටුපක් නොගෙන, කිසිදු දීමනාවක් නොගෙන කෙටියෙන් කියනවා නම් දියවන්නඔයේ හෝටලයෙන් ඉතාම අඩු මුදලකට සපයන අධි පෝෂ්‍යදායි කෑම වේලක්වත් ගන්නේ නැතිව ගෙදරින් හාමිනේ හදලා දෙන බත් පැකට් එක රැගෙන පාරේ බස් එකේ දියවන්නඔය එන කෙනෙක්නේ. ඉදිරියටත් එසේ ගරු සේවයක් කරයි නේද ?

:       93       120

PahanFriday, 11 October 2019 05:52 AM

පළමුව අයථා ලෙස අපෙන් එකතු කළ හැඳුනුම්පත් ටික දෙනවද ?

:       0       97

ranasinghe Thursday, 10 October 2019 02:06 PM

පළමුව තීරු බදු රහිතව විකුණපු තමන්ගේ වාහන වලට බදු ගෙවන්න. ඉන් පසුව අන්සතු නමුත් කොල්ලකන ලද යැයි පවසන දේපල රජයට ගන්න.

:       698       827

budThursday, 10 October 2019 05:38 PM

හොයල බලලා අදහස් දැම්මා නම් හොදයි නේද?

:       86       64

saliyaFriday, 11 October 2019 05:08 AM

ඔබට හොඳටම විශ්වාසද...? කට තිබුන පලියට කතාකරන්න එපා. මේ අය උඩබලාගෙන කෙල ගහන අය නොවෙයි.

:       108       4

පී දයාවතී Thursday, 10 October 2019 02:20 PM

ජනාධිපතිතුමනි තවත් දේ තියෙනවා කරන්න.

:       4       258

ananda Thursday, 10 October 2019 02:35 PM

පුච්චපු බස්වලට වන්දි ගෙවන්න, අහිංසකයින්ට වන්දි ගෙවන්න... තව කොච්චර වැඩද? හොරකම් කරපු අයිඩෙන්ටි කාඩ් ටික හදවලා දෙන්නත් තියෙනවා...

:       1051       474

budThursday, 10 October 2019 05:40 PM

ඇත්තටම හොරු දැකලම නැද්ද? හැමදාම එකම තැටිය දාල හොරුමනේ රජ කරන්නේ

:       0       20

lionFriday, 11 October 2019 12:20 AM

ඔඋන් දැන් අවුරුදු 30 පමණ වෙනවා ප්‍රජතාන්ත්‍ර ප්‍රවාහයට එකතු වෙලා. ඊට පස්සේ ඔවුන් කාටවත් ගල් කැටයක්වත් ගැහුවේ නැහැ, ඔවුන් අතර එක හොරෙක් ඉන්නවද බලන්න. අනිත් පක්ෂ දෙක වටා ඉන්න අය ගැන බලන්න වැඩි හරියක් නීල කාස හොරු, උසාවි වල හොරකම් කරපුවට නඩු.

:       209       282

samFriday, 11 October 2019 06:24 AM

ඇත්තටම ඔය ආපහු බාර දෙන්න කියන්නේ ලංකාවේ තිබෙන දේවල් නේද? පිටරට තිබෙන දේවල් ගැන මොකද කියන්නේ. අනික ඔය නීතිය කොච්චර කලක් ආපස්සට වලංගුද? දැන් ජීවතුන් අතර නැති මැති ඇමතිලා අවුරුදු 30 - 40 කාලෙකට පෙර පිටරටවලට කොමිස් කුට්ටි ඇරලා ගත්තු වතු එහෙමත් එයාලගේ දරුවන්ගෙන් ගන්නවාද.

:       4       1

mpFriday, 11 October 2019 03:05 AM

ජේවීපී එක කථාකරන්නේ සුද්ධවන්තයෝ වගේ. හිතලා තියන දුර. මේගොල්ලන්ට ජනාධිපතිවරු වෙන්න කවුද ඡන්දේ දෙන්නේ?

:       139       34

Thusitha Thursday, 10 October 2019 02:39 PM

අර විජේදාස රාජපක්ෂගෙන් ගත්ත ලක්ෂ 25ත් දෙන්න වේවි මගේ හිතේ...!!!

:       865       299

පී දයානන්ද Thursday, 10 October 2019 02:41 PM

අනේ මම හිතුව ජනාධිපතිකමට ඉල්ලලා මොනවා හරි කරගනියි කියලම... සජිත් මහත්තයගෙන් වයිරස් එක බෝවෙලා වගෙයි. ඔහේ කියවන්නම් වාලේ කියවන්නේ... මුහුද තව කොච්චර දුරද? ඒක පීනන්නත් හැමෝටම බෑ ලස්සන සිහින මැව්වට...

:       765       133

ගල්කටස් Thursday, 10 October 2019 02:52 PM

අර්ථකථනය ගොඩදාන උපාය මාර්ග කවරෙද..? අාදායම් උත්පාදනය සදහා ඔබ ගන්නා කුියාමාර්ග කවරෙද..? සිංහල ජාතිය රැක ගැනීමට ඔබ ගන්නා කුුියාමාර්ගයන් ා මෙනවාද .අන්තවාදීන් සම්බන්ධයෙන් ඔබ කුුියා කරන්නෙ කෙසෙද..? දැනට සිරගතව සිටින සිරිනරැවන් නිදහස් කරන්නෙද..? 88/ 89 කාලයෙදී ඔබලා විසින් කෘර ලෙස ඝාතනය කල අයගෙ ජීවිත අාපසු ලබා දෙන්නෙද..? වනදි දෙනවා නම් එවා ලබා දෙන්නෙ කෙසේද කොපමණක්ද ..? මුස්ලිම් අන්තවාදය .ඔබ ගෙ අාර්ථික වැඩ පිලීවෙල කුමක්ද..ඩොලර් එක ස්ථාවර කරන්න ඔබ සතුවැඩ පිළිවෙල කුමක්ද

:       59       22

Mahee Thursday, 10 October 2019 03:55 PM

අතීතයේ වැරදි නොකළ කිසිම දේශපාලන පක්ෂයක් මුළු ලෝකයේම නැහැ කියන එක යතාර්ථයක්. අපි එච්චර ප්‍රශස්ත තත්වයක් කොහොමවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් ජ.වී.පෙ. ට හැකිනම් කියන දෙයින් බාගයක් කරන්න, ඒ ටික රටට හොඳටම ඇති. දැනට අඩුවෙන්ම බොරු කියල තියෙන අඩුවෙන්ම අපිව රවට්ටලා තියෙන පක්ෂය හැටියට මම අනිකුත් සියලුම පක්ෂවලට වඩා ජ.වී.ප ට කැමතියි.

:       4       114

Perera Thursday, 10 October 2019 05:21 PM

ඒවා ඔක්කොම භාරදෙන්න මටනම් මාස දෙකක් මදි.

:       0       3

chinthaka Thursday, 10 October 2019 05:44 PM

මේ මනුස්සයා අපේක්ෂක අවධියේදීම ජනාධිපති සිහිනය දැකලා මහේ හිතේ. අනේ මෙහෙම උන්නැහලද දැන් ඔය රටේ පාලනය දෙන්න කියල ඉල්ලන්නේ?

:       50       177

dilan Thursday, 10 October 2019 05:45 PM

ඔහුගේ සිහිනය ඔහුට දකින්න ඉඩ හරින්න,,,, ඒ සිහිනෙන් ඔහු මුදන්න ලං නොවන්න, ලං නොවන්න, ලං නොවන්න,,,,,,

:       58       190

Kumar (gulf) Thursday, 10 October 2019 06:46 PM

මෙයා බය්ලා ගහනවා, එතකොට අර බෝම්ඹ කාරයන්ගේ තාත්තා මෙයාලාගේ, එයාගේ උඩින් ආපු දේපල ?

:       29       56

Bandara Friday, 11 October 2019 02:03 AM

හීනෙන් දොඩවන්න එපා

:       19       56

Palitha Friday, 11 October 2019 04:26 AM

රට හදන්න කලින් මියගිය තමන්ගේ පක්ෂයගේ නායකයාගේ දරුවන්ට භාර්යාවට යුතුකම් වගකීම් ඉටු කරන්න.

:       27       157

Lion Friday, 11 October 2019 04:46 AM

දිලාන් ඒගොල්ලන්ට හීන දකින්න කියලා අපි අවුරුදු 70 කරපු අයටම දෙමු. හරිහොඳ කට්ටිය හොරකම දන්නෙම නැහැ. ඇල්වතුරත් නිවලා දෙපැත්තේම ඉන්න උපාසක අප්පුල බොන්නේ.

:       1       28

kamal Friday, 11 October 2019 07:45 AM

මාස දෙකක්? ඒ කියන්නේ දින හැටයි. දින සියේ කෙරුවාව අපිට තම මතකයි. ජනාධිපත් කමක් නෙමයි කුකුල් කොටුවක වැටක් ගහන්න වත් බැරි දේශපාලකයෝ ඡන්ද උන විකාරෙන් කරන දෙඩවිලි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 426 2

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 605 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 545 1

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2924 4

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 376 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 303 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 323 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site