IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයුතු අවහිරයක් ගැන කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගෙන් පැමිණිල්ලක්

(තරිඳු ජයවර්ධන)

හදිසි පරීක්ෂාවකට රූපවාහිනී සංස්ථාවට ගිය කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට එළියට ඒමට නොදී සිවිල් ආරක්ෂකයන් ජාතික රූපවාහනී සංස්ථාවේ ගේට්ටුව වසා දැමුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද රාත්‍රී මෙම පරීක්ෂාවට පොලිස් නිලධාරීන්ද සමඟ රූපවාහිනී සංස්ථාවට ගිය බවත්, එහිදී අයුතු අවහිරයක් කළ බවත් කියමින් අතිරේක දිස්ත්‍රික්  ලේකම්වරයා පැමිණිලි කර ඇතැයි පොලිසිය කීවේය.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව ගේට්ටුව වසන බව සිවිල් ආරක්ෂකයන් කීවේයැයි ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් රූපවාහිනී සංස්ථා සේවකයන් ප්‍රකාශ කරනුයේ  අනවසරයෙන් ජාතික රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට ඇතුළු වීමට ගිය පිරිසක් නතර කළ බවයි. පොලිස් නිල ඇඳුමින් සිටි පුද්ගලයෙක් ප්‍රධාන පාලක මැදිරිය ඇතුළ වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ බව ද සේවකයෝ කියති. පූර්ව දැනුම්දීමක් හා නිසි අවසරයක් නැතිව ප්‍රධාන පාලක මැදිරියට ඇතුළුවීම තහනම් බව ද සේවකයෝ පවසති.

මෙම සිදුවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද ඒ ගැන සොයා බැලීමට ජාතික රූපවාහිනියට ගොස් තිබේ. 

 



අදහස් (7)

අයුතු අවහිරයක් ගැන කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගෙන් පැමිණිල්ලක්

චමින්ද Friday, 08 November 2019 12:47 AM

පොලිස් නිළධාරියෙකුට පහරදුන් පිරිසක් පැමිණි මොටර් රථයක් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ නිළනිවසේ ගරාජයේ සඟවා තිබූ පුවතක් පසුගිය සතියේ වාර්ථාවිය.

:       2       11

galapara Friday, 08 November 2019 01:19 AM

පේනවනේද දැන් දැන් අයුතු කඩාපැනීම්... මේක අර පරණ කල්ලියේ වැඩක් වෙන්නත් පුළුවන්. යහපාලනයේ වෙනස මහජනතාවට තේරුම් යන්නේ බැරිවෙලාවත් ඒ කල්ලියට බලය ගියොත් තමයි. ඡන්ද කොමසාරිස් වහාම මේ ගැන සොයා බැලිය යුතුයි.

:       557       583

nishanthaFriday, 08 November 2019 03:16 AM

මැකෝටත් උඩින් දැන් කට්ටිය වැඩ

:       2       245

ranjanFriday, 08 November 2019 06:22 AM

මැකෝගේ උපදෙස් අනුව හදිසියේ නිලධාරීන් ගිහින් තියෙන්නේ.

:       3       159

DilanFriday, 08 November 2019 06:35 AM

බලයේ මේ ආණ්ඩුව සිටියදී වෙනත් පිරිසකට ඕනෑ ආකාරයට කටයුතු කළ හැකි නම් මේ ආණ්ඩුව බලයේ සිටීමේ ඵලය කුමක්ද? ආණ්ඩුවක් පත්කරලා තියෙන්නෙ දේශපාලන වේදිකාවල ඉඳගෙන එක එක කල්ලි වලට ඇඟිල්ල දික් කරන්න නෙවෙයි ඒවට ක්‍රියාමාර්ග ගන්න. බෝම්බ ගහද්දි අනතුරු ඇඟවීම් නොසලකා එයාලා විතරක් ආරක්ෂා වෙලා කියනවා ඒක අරයගෙ වැඩක්ලු. වර්ජන මෙහෙයවන්නේ අරයලු. අන්තිමට ගෑස් හැංගුවෙත් එයාලු. මේව අහගෙන මිනිස්සුත් හුරේ දානවා. මේව අහලා දැන් තිත්ත වෙලා.

:       43       95

Bamunuarachchi Friday, 08 November 2019 02:25 AM

පූර්ව දැනුම් දීමකින් හදිස්සි පරික්ෂා වලට එන්නේ මොන රටේද? මේ ආවේ දේසපාලුවෝ නොවෙයි රාජ්‍ය නිලධාරීන්. උසස් රාජ්‍ය නිලධාරියෙකුට රජයේ ආයතනයක් පරික්ෂා කරගන්න බැරි තරමට රට ආරාජික වෙලා.

:       453       497

සුපුන් Friday, 08 November 2019 04:27 AM

ඇයි හදිසියෙ පරික්ෂා කරන්නෙ? මේ වාහිනිය බලන කෙනෙක් නෑනෙ.

:       0       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site