



කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්රී ලාංකික ශ්රමිකයන් එරට පොලිසිය එල්ල කළ ප්රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ.
එහිදි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවෝ වෙනුවෙන් කාන්තාවෝ සටන් කරනවා.. මැදපෙරදිග රැකියා නැතිව අසරණ වුණු පිරිමි ගැන හොයන්න කවුරුත් නැහැ නේද?
සාධාරණ ඉල්ලීමක්... විදේශ සේවයන්ට සලකන්නේ නැති පාලකයින්ට ඡන්දෙ නොදි වෙන කෙනෙකුට දෙන්න. විදේශ සේවකයන් කොරෝනා බෝම්බ ලෙස හඳුන්වන ඇමැතිලා ඉන්න ආණ්ඩුව මාරු වුණොත් විදේශ සේවකයාට යම් සහනයක් ලැබේවි..
මේ ගෑනුටික ගානක් හම්බකරගන්න කරන නිශ්ඵල ක්රියා. ගන්න සල්ලිවලට කලා කියලා පේන්නත් දෙයක් තියෙන්න එපායෑ.
ඒ නෝනලා ටිකත් එහෙම අරගෙන ඇති නේද? ලංකාවේ ජනතාවගේ මුදලින් ඒ ගොල්ලෝ ගෙන්වන්න ලැහැස්ති වෙන්න එපා හොඳේ..
කලබල වෙන්න එපා දරුවනි.., ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...
කලබල වෙන්න එපා දරුවනි. ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...
ඡන්දෙන් පස්සේ අබම සරණයි...!!!
මේ විරෝධතා කිරීම හොඳයි... ඒත් ඒ අය ළමා අපචාරවලදී නම් නිහඬයි.