තරිඳු ජයවර්ධන
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවදුරටත් බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින බව එරට ආරංචි මාර්ග කියයි.
ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරුන් හෙට උදෑසන බර් ඩුබායි පොලිසියේ නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවී කරුණු දැක්වීමට නියමිත බවත්, ඒ සඳහා එම නිලධාරියා කාලය වෙන්කරගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ඔහු ඇතුළු 31 දෙනෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන්ව පවතී. මනසට හා හැඟීම්වලට බලපෑම් කළ හැකි ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එතැන සිටින කිහිප දෙනකුට චෝදනා එල්ල වනු ඇතැයි දැනගන්නට තිබේ.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඇටෝර්නි බලපත්‍ර සහ ප්‍රොක්සි අත්සන් කරගෙන එය ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ඇති බවත්, ඒ අනුව තමාට සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතාට ගායකයන් දෙපළ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ඇති බවත් නීතීඥ උදුල් පේමරත්න මහතා පැවසීය.
COMMENTS
මේ ගෝතයා අර පෙරටුගාමී කරයා නේද? කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියට අරක් ගෙන එ්ක කා දැමූ පුද්ගලයා. දැන් කුඩු ජාවාරම් කාරයන් බේරගන්න ඉදිරිපත්වෙලා..
නීතිඥ උදුල් පේමරත්න කියන්නේ අර අන්තරේ හිටපු කැඳවුම් කරුද? නැත්තන් වෙන එක්කෙනෙක්ද?
මෙම සැකකරුවන් සතුව මත්ද්‍රව්‍ය තිබෙන්නෙට ඇතැයි සිතීම මුලාවකි. එසේ එළිපිට මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබුණා නම් එම හෝටලයද මේ වනවිට සීල් තබා වසා දමනු ඇත.
උදුල් කියන්නේ අන්තරය කොටවපු කටහැකයා නේද?
මෙහෙමත් කාලකන්නි , දියවන්නා ඔයේ 225 වගේම" මේ සුදු කෝට් හිඟන්නෝ " නහය නැත්නම් අසුචිත් ගිලින ජාතියක්...
මේ අයට වියදම් කරන්නේ කවුද කියලත් විමසා බැලිය යුතුයි.
මේ දෙන්නා ඇත්තටම ගායකයෝද?
මේ වගේ නීතිඥයන්ට විරුද්ධව මිනිස්සු පාරට බහින්න ඕනෑ. නැත්තං කුඩුකාරයින් ඔක්කොම එළියේ ඉඳීවි...
මේ පෙරකදෝරුවෝ හැමදාම කරන්නේ නඩුකාරයන්ට බොරුකියලා කුඩු කාරයෝ බේරලා තව තවත් එම බිස්නස් එකටම යොමු කරන එක, ඔවුන්ගෙන් යහමින් ජරාව සූරාගන්නවා.
කෝ ජනාධිපතිගේ ඉල්ලීම?
මේ දෙන්නටම මතක නැහැ මෙයාලා ගියේ කොහෙද කියලා ! ඒ හින්ද මේ විදියට හිරිහැර කරන එක හරි නැහැ නේද?
ඉදිරිපත් වන නීතීඥයන් වර්ජනය කරමු.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නොපමාව මරණ දඬුවම දී දිනක් ඇතුලත එය ක්‍රියාත්මක කරන්න.
බෑන්ඩ් එකක් නැතිව සින්දු කියන්න මේ දෙන්නා ගියාද? බොරුනේ ඕවා මොන ගායකයත් සින්දු කියන්න ආරාධනා කරනකොට අහනවා බෑන්ඩ් එක මොකක්ද කියලා ගිහින් තියෙන්නෙම මොකටද කියලා හිතන්න බැරිද
මුස්ලිම් නීති වලට බැන බැන අපේ මේ ලොකු පන්ඩිතයන් ඉල්ලන්නේ ශරියා නීතිය ... නේද පිටිගල... ගලපිටමඩ
අර ජීවිතය බිලිදුන්න දැරිය වෙනුවෙන් කිසිම කැක්කුමක් තිබුණද? මේ ඇමතිලට. මුදලට කතා කරන නිති වරුන්ට. ඒ රටේ නිතිය අනුව මේකට්ටියගේත් හිස ගසා දමන්න ඕන.
අමල් පෙරෙරා වගේ තාත්තලාට දඩුවම් දෙන්න ඕනේ...
මේ අය බේරන්න ඇයි මේ තරම් දගලන්නේ. රටට ගිය කලක්.
එතනට ගියේ වැරදිලා වෙන්න ඇති නේද, වැරැද්ද කරලා දැන් සුද්ද වෙන්න දැගලුවට දෙවියන් විසින් තොපට නිසි දඩුවම් ලබාදේවි.
කමක් නැහැ ලංකාවේ දෙන්නෙක් හරි ගිහිල්ල පෙනී හිටියට. මොකද ඉන්දියාවේ 12 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දැනට ඉදිරිපත් වෙලාලු. හැබැයි ඉතින් අරාබි නිතිය ලංකාවේ නිතිය වගේ නමන්න බැහැ. මෑන්ස්ලා මට්ටුවෙලා තියෙන්නේ බඩුත් එක්කමනේ.
පෙරකදොරුවයි තාත්තයි , පුතයි තුන්දෙනාටම දඩුවම් දෙන්න තියෙන්නේ.........