
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පා අද (15 ) රාත්‍රියේ අම්බලන්ගොඩ ධීවරයෝ පන්දම් දල්වා අම්බලන්ගොඩ ධීවර වරාය තුළදී විරෝධතාවක නිරතවූහ.
සමස්ත ලංකා ධීවර සංගමය සංවිධානය කළ මේ විරෝධතා ව්‍යාපාරය එම සංගමයේ සභාපති දේව් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඉන්ධන මිල ඉහල යාමෙන් සිය රැකියාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් එයට විරෝධය පා තමන් මෙසේ විරෝධතාවට එක්වූ බව අම්බලන්ගොඩ ධීවරයෝ පැවසූහ.
ඉහල දැමූ ඉන්ධන මිල අඩු කරන ලෙස දිවා කාලයේදී කළ ඉල්ලීම් අදාළ බලධාරීන් කණකට නොගත් නිසා තමන් මෙසේ පන්දම් දල්වා රාත්‍රියේදී මේ ඉල්ලීම කරන බව ද ඔවුහු කීහ.
පැයක පමණ පන්දම් විරෝධයෙන් පසුව ඔවුහු රාත්‍රීයේදීම සිය යාත්‍රා මුහුදට දියත් කරමින් රාත්‍රී පන්නය සදහා ගියහ.



COMMENTS
මේ වීරෝදාර විරුවා ගණන් ගන්නේ නැහැ. පාරට බැහැලා මුලු ජනතාවම විශාල උද්ඝෝෂණ කරන්න ඕනේ. පථ කාර්වල එන හොර දේශපාලුවන්ට හූ තියලා එළවන්න ඕනේ... !!
තෙල් මිල වැඩිවීම ගැන විරෝධය දක්වන්නේත් තෙල් ගැල්වූ පන්දම් වලින්.
මේ බිහිරි ආණ්ඩුවට මොනවා කියලත් වැඩක් නෑ. ළඟදී ඡන්දයක් වත් නැති එකේ කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න එපා..