(දිලංගා ගෝමස්)
පාපැදියක් තල්ලුකරගෙන පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයකුගෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙසට යතුරු පාපැදිය තල්ලු කර පළා යාමට උත්සාහ කළ පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
බොරුපන දෙස සිට පැමිණි පාපැදිකරු බොරුපන හින්දු විද්‍යාලය අසල යොදවා ඇති මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් දුටු අවස්ථාවේ පාපැදියෙන් බැස එය තල්ලු කර ගෙන නිලධාරීන්ගේ අවධානය යොමු නොවන ආකාරයට මාර්ග බාධකය පසුකර යෑමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් පා පැදිකරුගේ අනන්‍යතාවය පරික්ෂා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා ඇත.
එම පුද්ගලයා විසින් ඔහු තල්ලු කරගෙන පැමිණි පාපැදිය පොලිස් නිලධාරීන් වෙතට තල්ලු කර දමා පැන ගොස් ඇත.
පොලිස් නිලධාරීන් පුද්ගලයා හඹාගොස් අල්ලා ගන්නා අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd