(මුදිතා දයානන්ද)
රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප‍්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
රටේ ආදායම රුපියල් බිලියන 2000යි. ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 1800ක් අවශ්‍යයි. රට ගෙනියන්න ඉතිරි වෙන්නේ බිලියන 200ක් වෙද්දී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීමට බිලියන 100කුත් බදු කපාහැරිමට බිලියන 400කුත් පොහොර නොමිලේ ලබාදීමට බිලියන 400කුත් සොයාගන්නේ කෙසේද? ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න කතා කරන අය ඇත්තටම කළ යුත්තේ මුලින්ම මේ ආයතන මහ බැංකුවෙන් නිසි නියාමනයකට ලක් කිරිමයි.
දෙවනුව අපේ රටේ ජනතාව මේ ආයතනවල ණය උගුලකට අසුවීමට බලපාන ආර්ථික රටාව වෙනස් කළ යුතුයි. වඩාත් වැඩියෙන් මේ ණය උගුලේ සිරවී සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න සහය දීමෙන් මේ ණය උගුළෙන් ගොඩ ගන්න පුළුවන්. ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමනේ මහත්මයා, අපි වගේ සාමාන්‍ය දැනුමක් තියෙන අයට උනත් හිතාගන්න පුළුවන් රට හරියට කරන නායකයෙක් ආවොත් එයාට ඕනනම් මහබැංකු මංකොල්ලේ මුදල් ආපසු අපේ රටට ලැබෙන ක්‍රමවේදයක් සකසන්න පුළුවන්. ඒ වගේම අපනයන ආර්ථිකය වර්ධනය කරන්න ඊට අදාල යටිතල පහසුකම් දෙන්නත් පුළුවන්.තව බව-භෝග වර්ග ආනයනය කරන්න වැයවෙන මුදලට වඩා ලාබෙට කාබනික පොහොර ගොවීන්ට නොමිලේ සපයලා ඒ තුලින් ආනයන වියදම ඉතුරු කරන්නත් පුළුවන්. එතකොට තව පුල්මුඩේ හමුවන ඛනිජ වර්ග 14 නිසි ක්‍රමවේදයකට අරගෙන ඒවා මේ රටේ නිෂ්පාදන වලට යොදවන්න පුළුවන්. එතකොට එප්පාවල ෆොස්ෆෙට් නිධියේ කැනීම් විධිමත්ව පරිසර හිතකාමිව කරලා මේ රටේ කාබනික පොහොර ඇතිවෙන්න හදන්න පුළුවන්. පුරන් වෙච්ච කුඹුරු වල තිරිගු හදලා මේ රටේ තිරිගු පිටි වලට වැයවෙන ආදායම 50%කින් අඩු කරගන්න පුළුවන්. තව කොච්චර දේවල් තියෙනවද? මේ රටේ තියෙන දේවල් වලින් අපිටම යැපෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දැක්මක් සහ කොන්දක් තියෙන නායකයෙක් විතරයි. දැනට ඒ දෙකම තියෙනවා පේන්නේ ගෝඨාගේ විතරයි.
ණය ගෙවීමෙන් පසු රටේ ඉතිරිවෙන්නේ බිලියන 200 නම් ඔබලා කොහොමද රට ගෙනියන්නේ කියා පහදා දෙන්න? එජාපයින්ට නම් කොහොමත් රට ඉදිරියට ගෙනයන්න බැරි බව අපි දන්නවා. රජයේ සේවකයින්ට පඩි වැඩි කිරීමට බිලියන කීයක් වැය වෙනවාද? එසේ වැඩි කිරීමෙන් වාසිවෙන්නේ රාජ්‍ය සේවකයාට පමණි. ඒ වැඩිකිරීමෙන් වන්නේ රටේ උද්ධමනය තවත් වැඩිවීමකි. නමුත් ගොවියාට පොහොර නොමිලේ ලබා දීමෙන් කරන්නේ රටේ හිගන්නාගේ සිට ධනවතා දක්වා සැමටම සහනයකි. පොහොරමිල වැඩි උනොත් සහල් මිල ඇතුළුව ගොවි නිෂ්පාදනවල මිල ඉහල යයි. එවිට බත්පතේ මිල ඉහල යනවා. ජනතාව පිටි භාවිතය වැඩිකරනවා. ගොවි නිෂ්පාදනවල මිල ඉහල ගොස් ජීවන වියදම වැඩි උනොත් රජයේ සේවකයා තවත් ඔහුගේ වැටුප් වැඩිකර ගනී. සෙසු ජනතාවට වන්නේ උපයන මුදල කෑමට පමණක් වියදම් කිරීමටය.
මෙන්න මේවගේ ප්‍රශ්න තමයි අහල ජනතාව දැනුවත් කරන්න ඕන. නැත්නම් මේකටත් කියාවි මහා බැංකු කොල්ලය ගැන. අනිත් කොල්ල කාපු 100ක් විතර තියෙනවා, කාටවත් කොන්දක් නෑ කතා කරන්න. මේවා ඔක්කොම අල්ලනවා කියල ආපු අයත් තාම නිදි.
ඔක්කෝම නිකං දීගෙන දීගෙන යනව කියන සජිත් ඒවට සල්ලි හොයාගත්තෙ කොහොමද කියල අහන්න නිකං මොකක්ද වගේ නේද....?
ලෝක බැංකු සහ චීන ණය වගේම උපදෙස් ගත්තු හැම රටවල්ම ආර්ථික වශයෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න උග්‍ර ලෙස වැඩි වෙන්න මූලික හේතු දෙකක් තියෙනවා. එකක් මහින්ද රාජපක්ෂගේ ඉවක් බවක් නැති ණය ගැනීම. ඉස්සර අපිට ලැබුනේ අඩු පොලී ණය නුමුත් බොරු වාර්තා පෙන්නලා වානිජ ණය ගත්තු නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක්ම නිර්මාණය වුනේ. ඔහුගේ බොහෝමයක් ප්‍රොජෙට් ලාභයක් එන ඒවා නොවේ. ඒකයි එවකට ණය ගෙවන්න, රාජපක්ෂ ආන්ඩුව හැම දේම වැඩි කරේ. ඔහුගේ කාලේ ඉනධන, ගෑස් වගේම විදුලි බිලත් එන්න එන්නම වැඩි කරේ ඒකයි. ඔවුන් ඉස්සරහට ආවත් කරන්නේ පොදු මහජනයා මත බදු වැඩිකරලා ඔය ටික කරන එක. අනිත් ප්‍රශ්න නිර්මාණය වුනේ බොන්ඩ් කේස් එකෙන්. ඒකත් ඉස්සර ඉදන්ම වුන දෙයක් ඒත් හාමුගේ කාලේ ඒක උග්‍ර වුනා. ඔවුනුත් ඒකයි අඩු කරපු ඉන්ධන වැඩි කරේ සහ බදු පනත් ගෙනාවේ. කවුරු ආවත් ණය ගන්නවා මොකද ඒවායේ කොමිස් හැමෝටම ලැබෙනවා.
ඕක සිම්පල් නෙ. අර සජිත් ගේ ප්‍රකාශ වගේ නෙමෙයි අනුර මැත්ඳුන්ගෙ ප්‍රකාශ. අනුර හොරුන්ට තදබල අනතුරු ඇඟවීමක් කලා තව මස දෙකයි දෙන්නෙ හොරකම් කල මුදල් ආපසු ගෙවනලෙස. මම හිතන්නෙ මාස දෙක ගෙවෙනකොටම ඔය බිලියන ගාන එකතුවෙයි කියල.
මේක ගොඩ දාන්න පුළුවන්. හැබයි විශාල කැප කිරීම් ඕනේ. කවුද ඒවාට කැමති? ජනාධිපති වෙන කෙනා කැමතිද එයාගේ සැප අඩු කරන්න? මැති ඇමති වරු කැමතිද? ඊට පස්සේ ඉන්න රජයේ ලොකු නිල දරන අය කැමතිද? මේක වටේ ඉන්න විශාල වෙළෙන්දෝ කැමතිද? ඇමතිවරු කැමතිද ඒ වෙළෙන්දන්ගෙන් එන කොමිස් අඩු කරන හරි විදිහට වෙලන්දම් කරගෙන යන්න දෙන්න? රටට උහුලන්න බැරි පෞද්ගලික වානහ අඩු කරලා පොදු ප්‍රවාහනය වැඩි කරලා, ආනයන කරන තෙල් අඩු කරලා සල්ලි ඉතුරු කරන්න? රටින් ගලා ගෙන යන බුද්දි ගලනය අඩු කරලා එක රටේ යහපතට යොදවන් වැඩ කරන්න?
"ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණය" ඒ ක්‍රමවේදය 71 සහ 88-89 වගේ තරුණයො ලක්ෂ ගණන් මරල ද ? පොදු දේපොළ විනාශ කරලා , ගිනි තියල ද ?
යුද්දෙ දිනන්න බැහැ කියල ඒ දවස්වල ඔය කට්ටිය කිව්වා නේද? අවුරුදු 30 ක යුද්දය අවුරුදු 3 න් ඉවර කරන්න ඔහු මුලික වුනා. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත් කරන්න. මුදල් නාස්තිය නැතිකරන්න. තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. නව අදහස් එක් කරන්න. රට ගොඩනගමු. ලෝකයේ තියෙන ඕනෑම අමාරු රැකියාවක් කරන්න පුළුවන් දක්ෂයන් ලංකාවේ ඉන්නවා ඕනෑම ක්ෂේත්‍රයක. අපිට උවමන නිවැරදි නායකත්වය පමණයි. ක්‍රියාවෙන් ඔහු පෙන්නුවා.. ඒ ගෝටාබය ...
ඇයි අනේ ඔය තරම් අමාරු වැඩක් කරන්න එල්ලී එල්ලී යන්නේ. ගෙදර ගිහින් සන්තෝසෙන් ඉන්නකෝ.
1.. රජයේ පාඩු ලබන සියලුම ආයතන පිළිබද කඩිනම් තීරණ ගැනීම. 2. මෝටර් රථ ආනයනය වසර පහකට අත්‍සිටුවීම. 3. උවමනාම දේ පමණක් පිටරටින් ගෙන ඒම. 4.ඉගෙනීමට සහ පිටරට සංචාරයට විනිමය නිකුත් කිරීම වසර පහකට අත්සිටවිම 5. අධිවේගී මාර්ග වෙනුවට කර්මාන්ත ශාලා ඉදිකිරිම 6. තරුණ ශ්‍රමිකයන් සදහා කෙටිකාලින විදේශ රැකියා පුහුණු පවත්වා විදේශ ගත කිරීම මෙවන් කෙටිකාලින සහ දිගු කාලින යෝජනා සියයක් පමණ වහා පටන් ගතහොත් මේ තත්වයට මුහුණ දිය හැකිය ...
දැන් ජේ වී පී යනු යු එන් පී අතකොලුවකි.
රනිල් බලය ගත්තේ හොරු අල්ලනවා කියල මිසක් දඬුවම් කරනවා කියල නොවෙයි නේද? අන්න එම විධියට තමයි මහින්දලා ගෝඨා දිනුවොත් ඉදිරියට වැඩ කරන්නේ. ඔය කවුරුත් එකම වල්ලේ පොල්. ඔය දෙගොල්ලන්ම රටේ කෑලි කැලි විකුණලා කොමිස් කුට්ටි පිට රටවල ගිණුම් වලට බා ගත්තු මිනිස්සු මම නම් කියන්නේ ඡන්දෙදි කියන බේගල් විස්වාස කන්න තරම් අපි මෝඩ වෙන්න ඕනේ නැහැ කියලයි.
මොනවා කියන්නද ඔක්කොම කියලනේ
බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත. දිනුම හෝ පැරදුම කවරක් වුවද අනිවාර්යයෙන්ම පවතින දේශපාලනය හා දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ප්‍රතිපත්ති සහිත විකල්පය තෝරමි. අදුරට එක පහනක් කෝ දැල්වීම සදහා මෙවර ම පසුබට නොවෙමි. මේ දුෂිත දහරාවේ ගොදුරක් වූ බහුතරයක් කෙරෙහි අනුකම්පා කරමි. ජාතිබේදයෙන් තොර ව ශ්‍රී ලාංකිකයන්ත උදෙසා, විනාශය 70 වසරක් නිර්මාණය කල යක්ෂය න් දෙදෙනාම ප්‍රතික්ෂේප කරමු. පුද්ගල කේන්ද්‍රීය නොවූ (කිසිදා ඉටු නොවන බොරු පොරොන්දු ඇති ) ප්‍රතිපත්ති හුවාදක්වමින් චන්දය පතන පාර්ශව අතරින් ආලෝකයක් සෙවීමට මෙවර මැලි නොවෙමු.
ලංකාවේ ඉතහාසය හොයල බල්ලන එංගලන්තයේ අයවැය පියවන්න ලංකාවෙන් මුදල් ගෙනිච්චේ නිදහසට පසුව