( සුජිත් හේවාජුලිගේ)
පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍යාංශ අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෙට ( 20 ) සිට අරඹන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරි ගුප්ත රෝහණදීර මහතා පවසයි.
ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු නිර්දේශ 78 ක් වාර්තා වේ සඳහන් වන අතර එම නිර්දේශ ඒ ආයතන වලට යොමුකිරීමේ කටයුතු ද දැනට ආරම්භවී ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යුතු යැයි සඳහන් වන ආයතන සංඛ්‍යාව පනහකට ආසන්නය. ඊට ආරක්ෂක, අධිකරණ, හා අධ්‍යාපන අමාත්‍යාංශ ද ඇතුළත් වන බව එම කමිටුව පවසයි.
අමාත්‍ය අනුකමිටුව වර්තා වේ නිර්දේශ භාරදීමෙන් පසුව ඒවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය ගැන පසු විපරම් කිරීමට ද කමිටුව බලාපොරොත්තු වන්නේ යැයි රෝහණදීර මහතා පැවැසුවේය.
පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබීය. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අමාත්‍ය අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන සහ ගසන්න රණතුංග යන මහත්වරු ක්‍රියා කළහ.
COMMENTS
නියම සෙට් එකක් කමිටුවේ ඉන්නේ...
කමිටුවේ ඉන්න අනික් අය කොහොම වෙයිද කියන එක ගැන කියන්ඩ දෙයක් නැහැ .
එදා ෆොන්සේකාට අහුවුණා නම්, ඔය කමිටුවේ සභාපති අද අවසන් මර නින්දේ... වාසනාවකට ෆොන්සේකා මහත්තයා ඉවසුවා. මේ අයගේ මොල වැඩ කරන්නේ නැහැ දැන්. මොලය හැරෙන්නෙම සල්ලි, ජරාව දෙසටයි.
හෙට තව කොමිටියක් දායිද දන්නේ නෑ
ඔය කමිටුවෙ ඉන්න සෙට් එකේ අධ්‍යාපන සුදුසුකම් ටික දාපල්ලකො කවුරුහරි .