(රංජන් කස්තුරි)
කොළඹ නගරයේ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වලට අද (16) අවසර ලබා දී තිබේ.
ආරක්ෂක හේතූන් මත වසර 25 ක් තිස්සේ ජනාකීරණ කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවා කටයුතු තහනම් කර තිබූ අතර අද එම තහනම ඉවත් කර තිබේ.
ඒ අනුව ගාලු මුවදොර පිහිටි හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයේ සිට සංචාරකයින්ට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සලසාගත හැකිය.
කොළඹ නගරයේ ප්‍රමුඛතම තරු පන්තියේ සංචාරක හෝටල්වලට සහ ගාලු මුවදොරට ආසන්නයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට නව ගුවන් පථයක් ඒ සඳහාම අලුතින් ඉදිකර තිබේ.
සංචාරකයින්ට එතැන් සිට මහනුවර , හම්බන්තොට , ගාල්ල , මාතර , යාපනය , සීගිරිය , ආරුගම්බේ සහ පොළොන්නරුව වැනි වැදගත් ස්ථානවලට එම ගුවන් සේවා පහසුකම් ලබාගත හැකිය.
මෙතෙක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා ලබාගත හැකි වුයේ රත්මලාන ගුවන්තොටුපලේ සිට වූ අතර ඒ සඳහා කොළඹ නගරයේ ලැගුම්ගෙන සිටින සංචාරකයින්ට පැයක පමණ කාලයක් ගෙවා එහි යෑමට සිදුව තිබිණ.
කොළඹ සිට අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට දේශීය ගුවන් සමාගම් හතරක් ඉදිරිපත්ව තිබේ.
(ඡායාරූප- ඉෂාන් සංජීව)




2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අභ්‍යන්තර ගුවන් ගමන්වලට පනවා තිබූ තහනම ඉවතට
kamalunp Thursday, 16 January 2020 05:13 PM
අපේ සර්ගේ හෙලිකොප්ටර්නේ. ජයවේවා !
chandima Thursday, 16 January 2020 06:26 PM
හරි පාරේ යනවා වගේ....
lalithm Friday, 17 January 2020 03:06 AM
ආරක්ෂාව තහවුරු වෙලා වගෙයි. අපි කොච්චර පසුගාමී ජාතියක්ද? තනි එන්ජිමේ ගුවන් යානා හදන්න රේවත විජේවර්ධන මහතා කළ ඉල්ලීම රාජ්‍ය රක්ෂාවේ නාමයෙන් ඉවත දැමුවා කියලා ඉස්සර කතාවක් තිබුණා. ඒ මදිවට රෝද දෙකේ ට්‍රැක්ටරෙත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා ප්‍රතික්ෂේප කළාලු. ඉතින් තව මොන කතාද? දැන්වත් අපිට තාක්ෂණිකව ඉස්සරහට යන්න පුළුවන් වේවිද?
hemantha Friday, 17 January 2020 11:59 AM
ඔය සැහැල්ලු ගුවන් යානා අංගනය මේ මාස දෙකටද හැදුවේ? දැන් නැති නිසා අහන්නේ, වැරදි විදියට තේරුම් ගන්න එපා...