(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.
අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුණූ ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට එවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබු බව ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයෙක් පැවසීය.
COMMENTS
වැඩකට නැති කෙනෙක්ගේ නමක් එවන්න ඇති,
වැරදීමකින් පරණ ලියුම එවලා ඇත්තේ .. සමාවෙන්න හොදේ ......
ඔවුන්ගේ තේරීම ඔබ අනුමත කරන්න එපා..
හෙන්චයියෙක් වෙන්න ඇති. කොහොමත් මෛත්‍රීට උතුර, දකුණ මාරුවෙලා.. මුල මතකත් නැහැ. කන්න දීපු අතත් කනවනේ..
ජනාධිපති තුමා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැ. ඒකයි හේතුව
ප්‍රභාකරන් කිව්වනේ සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතකයේ තියෙන්නේ සති දෙකයි කියලා . ඉතින් ඒක ඔප්පු කරන්න මීටත් වඩා උදාහරණ ඕනැද??
එවපු එක්කෙනාගේ ලිපිගොනුව තිබෙනවද දන්නේ නැහැ..
බලයේ සිටියදී මෙතරම් සවුත්තු වුණු ජන නායකයෙක් තවත් නැතුව ඇති.
කෝ ජනාධිපතිගේ තුරුම්පු? මෙයා මේ වෙනවිට ගත්තු සියලුම දේ අසාර්ථකයි. මරණ දඬුවම් කතාවත් දැන් පුස් වෙළා. ෆයිල් ටික නැති වෙලාලු. මේක රටේ නායකයෙක් කරන ප්‍රකාශයක්ද? මේ අඩුපාඩු තියද්දී තමා රනිල් සමග අවුරුදු හතරක් කියලා පොතක් ලියනවලු...
"අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා මම යෝජනා කර එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පළමු වතාවට ප්‍රතික්ෂේප කරපු බව මම දන්නේ නැහැ. දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කරපු බව මම දන්නෙත් අද උදේ පත්තරෙන්"....
ඔය කට්ටිය කොච්චර කියෙව්වත් ඇති පලේ මොකක්ද. බලන්න ඡන්දෙයක් ආවහම අපේ කට්ටිය උඩ පැනලා ඡන්දෙ දෙන හැටි. අපේ ජනතාව දැනුවත් කරන්න කවුරුත් නෑ. දැනුවත් වෙන්නෙත් නෑ. ඒක තමයි තුන්වන ලෝකයේ මන්ද මානසිකත්වය.
අර ආණ්ඩුකාරවරු පත් කළා වගේ ඔය පරාද වුනු දේශපාලකයෝ හරි ඡන්දෙන් දිනන්න බැරි දේශපාලකයෝ හරි පත් කලානම් හොඳ නැද්ද?
ජනාධිපතිගේ බලතල ව්‍යවස්ථාදායක සභාවට දෙන එක හොඳබව ජනාධිපති හා ව්‍යවස්ථාදායකය පක්ෂ දෙකක අන්තර්ගත වීමෙන් ඇතිවී තිබෙන මෙම ප්‍රශ්නයෙන් පෙනීයනවා. නමුත් මෙවැනිම ගැටුම්කාරී තත්වයක් නව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතෙන්ද යෝජනා වී තිබෙනවා. ඒ ව්‍යවථාදායකය විසින් ගෙනෙන නීතියක් සියලුම පළාත් සභාවලින් ඒකමතිකව සම්මත වියයුතු බවයි. එක පළාත් සභාවකට මුළු රජයම පාලනය කිරීමේ හැකියාව එවිට උද්ගත වෙනවා අපි කවුරුත් ප්‍රශ්නයට අදාලව මත ඉදිරිපත් කරනවා නම් මගේ වැරැද්දත්, ඔබේ වැරැද්දත් හදාගත්තා නේද?
සවුත්තු වෙනවා කියලා මෙහෙමත් සවුත්තු වෙනවද? හරියට දෙයක් කරන්න බැරි බව නැවත නැවතත් ඔප්පු කර කර පෙන්වනවා. අනේ මෙහෙමත් අය...
ශුද්ධ වෙලා තිබෙන ස්ථානයකට අශුද්ධ එකෙක් දමලා අයිමත් අපවිත්‍ර කරන්නයි ඔය හදන්නේ ..ඉඩ දෙන්න එපා .
ප්‍රතික්ෂේප වූ නමක් නැවත එවීමෙන් ජනාධිපති කරන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තම ඒකාධිපති බලයෙන් යටපත් කරන්න උත්සාහ කිරීමක් නේද? විධායක ජනාධිපති ධූරයේ භයානකත්වයට මෙයම හොඳ උදාහරණයක් නොවේද?
තමන්ට ඕනැ කෙනෙක් පත්කරගන්නවත් බැරිනම් මොකටද ඔය ජනාධිපතිකම?
මෙතරම් පාච්චල් වෙච්ච කෙනෙක් මුළු ලෝක ධාතුවේම නැහැ. කියන්න දුකයි. එ්ත් ඇත්ත මෙතුමා උපන් මෝඩයෙක් කටමැත දොඩවනවා හැරෙන්න වෙන කිසිම දෙයක් බෑ...