( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂයේ " අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
මෙම රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණ යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර එහිදී විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ මැතිවරණ පනත 19 වගන්තියට අනුකූලව අදාළ දිස්ත්‍රික් වල තේරීම් බාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් , නාමයෝජනා බාර දුන් අවස්ථාවේදීම විරෝධතා දැක්වීමට හැකියාව පෙත්සම්කරුවන්ට පැවති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණී.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා දිස්ත්‍රික් හතරකට දුන් අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව පවසමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කළහ
මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම විභාග කර තීන්දුවක් දෙන තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඇතුළු අපේ ජන බල පක්ෂයේ අපේක්ෂකයන් ගේ නම් ඇතුලත් නාම යෝජනා පත මාර්තු මස 19වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලබා දුන් බව පෙත්සමෙහි සදහන් වේ.
එහෙත් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කළ අතර එම නාම යෝජනා පත්‍ර සමග ලබා දුන් දිව්රුම් පෙත්සමක දෝෂයක් නිසා නාම යෝජනා පත ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එහෙත් එවැනි හේතුවක් මත නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීවරයා ට බලයක් නැති බවට පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එබැවින් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
එසේම සිය නාම යෝජනා බාර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ සහ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2559
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි
nuwan Monday, 22 June 2020 10:08 AM
විනිසුරු නවාස් නම් මොන සාධාරණයද බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරුවනේ..?
ජයන්ත මිලානො Monday, 22 June 2020 10:36 AM
රටේ වාසනාව...