
(ඩයනා උදයංගනී)
භාරතීය හිටපු ජනාධිපති,ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ ජන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තරව ලබාදෙන ‘අබ්දුල් කලාම් සම්මානය’ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ද පිරිනමා ඇත.
පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාව තුළ පූනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් පියවර අගය කරමින් රංජිත් සියඹලාපිටිය මහතාට මෙම සම්මානය පිරිනමා ඇත.
‘සූර්ය බල සංග්‍රාමය’, ‘සුළං සංග්‍රාමය’, ‘සෑම නිවසකටම විදුලිය’ ඇතුළුව ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු ලබාදුන් දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන බව සම්මාන කමිටුවේ සභාපති ලීඩර් ඉන්දියා පදනමේ සභාපති ආචාර්ය හරි ක්‍රිෂ්ණා මහතා සම්මාන ප්‍රදානයට එක්වෙමින් පැවසීය.
එම සම්මානය පිරිනැමීම කොළඹ, බණ්රනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.
COMMENTS
අපේ කට්ටිය මෙච්චර සැලසුම් රහිත රටක වරින්වර සැලසුම් සහිත සම්මාන ලබන හැටි කදිමයි. ගිය ආණ්ඩුවේත් බැඳුම්කර ඉඩදුන්නු මුදල් ඇමැතිටත් ඔය වගේ ගෝලීය සම්මානයක් හම්බ වුණාලු.