(විනීතා එම් ගමගේ)
අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් පසුගිය දිනවල එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරගත් අතර 1200 කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී තිබිණි.
එයින් මූලිකත්වය දුන් ගැබිණි මව්වරුන් හා රෝගී තත්ත්වයේ සිටින පිරිස් මෙසේ අද ගෙන්වනු ලබන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
සාමාන්‍යයෙන් ලංකාවෙන් යද්දී වෛද්‍ය පරීක්ෂණ පවත්වා සුදුසු අය විතරක් නේද ගෘහ සේවය සඳහා යොදවන්නේ? ගර්භණී අය යවන්නේ නෑ නේද? එහෙම නම් එහිදි ගර්භනී බවට පත් වුණාද?
බොහොම ස්තුතියි.
ජාතියක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතු කරුණක්. අපි මව්වරුන් සහෝදරියන් සහ බිරින්දෑවරු මැදපෙරදිග අවලමුන්ගේ වහලුන් බවට පත් කර ඇතිවා නොවේද?
“අබුඩාබියේ රැකියා සඳහා ගොස් සිටි 275 දෙනෙකු ශ්‍රී ලංකාවට“ වගේ මාතෘකාවක් දැමමා නම් හොඳ නැද්ද?
ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම හරිම කණගාටුයි.
ගොඩක් ශ්‍රී ලංකික පවුල් පිටින් එහේ ජීවත් වෙනවා.
පවුල් පිටින් එහි ගොස් රැකියා වල නිරත වන අයත් සිටිනවා.
අපේ සහෝදරියන්ට අවමන් කරන්න එපා...
සම"හරක්" ගේ හිතේ තියෙන දේ කමෙන්ට්වලින් පේනවා. උඩින් පල්ලෙන් කියවා බලා අපහාස කරන්නේ තමන්ගේම රටේ සොහොයුරියන් පිරිසකට බව වටහා ගන්නවත් තරම් මොලයක් නොතිබීම කණගාටුවට කරුණක්...
අපේම අය අපේම මිනිසුන් පිළිබඳව හිතන හැටි කණගාටුවට කරුණක්...
මෙම රටේ නීති ඇති සැටියෙන්ම ක්‍රියාත්මක වෙනවා.
මේ අය හිතාගෙන ඉන්නේ මැදපෙරදිග වැඩට යන හැමෝම ගෘහ සේවයට යන්නේ කියලා. ඉහළ වෘත්තීන් කරන කාන්තාවන්, ස්වාමියා රැකියාවක් කරන ෆැමිලි වීසා තියෙන පවුල් සහ පාසල් යන දරුවන් කොපමණ අය ඉන්නවද? අනික ඔය කාන්තාවන් සියල්ල සිංහල අය විතරයිද? එක එක රටවල්, එක එක ජාති, එක එක ආගම්, එක එක පාට, එක එක භාෂා කතාකරන විවිධත්වයක් තියන පුද්ගලයෝ මෙහෙ ඉන්නවා. හැමෝමත් එක්කම අපි හොඳින් ඉන්නවා. එ්ක ලෝකේ හැටි. මෙලෝ හසරක් දන්නේ නැති බයියන්ට කව්රුහරි ඔවුන් මවාගෙන ඉන්න ලෝකයට වඩා සැබෑ ලෝකය ලොකුයි කියලා කියලා දෙන්න. නැත්තම් අපට ජීවත් වෙන්න ලංකාවක් ඉතුරු කරන එකක් නැහැ..
මෙය ඛේදවාචකයකි. ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වේවා... !!!
මැද පෙරදිග සේවය කරනා සියළු දෙනා ගෘහ සේවක සේවිකාවන් බව සිතා සිටිනා අපගේ බුද්ධිමත් ජනතාවට විනාඩියක නිශ්ශබ්දතාවයක්...!!!
මැදපෙරදිග සේවය කරන ගණන ලක්ෂ 16 කි. එක පවුලකට ආසන්න ලෙස 4 දෙනකු සිටියහොත් එම ආදායමෙන් යැපෙන්නන් ගණන ලක්ශ 64 කි. එනම් ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් කෙලින්ම යැපෙන්නේ මැදපෙරදිගින් උපයන මුදලිනි. මීට අමතරව වක්‍රව රට උපයන ආදායම අපමණයි. මේ අයට ලංකාවේ ඉඳන් කළහැකි දෙයක් නැත. ලංකාවේ ඇති ස්වභාවික සම්පතක් නැත. පොළව නිසරුය. වවන දේ දැනටත් විකිණීමට නොහැකිව ඉතිරී වී සිටින්නන්ද වහබොති. කළහැකි එකම දේ තේ නෙලීම, රබර් කැපීම හෝ වැඩවසම් කාලේ මෙන් බැලමෙහෙවරකම් හෝ හිඟාකෑම පමණි. රටේ කුඩා, මධ්‍යම පන්තියටද මේ අය සේවය සඳහා යොදා ගත නොහැකිය. හෙට මේ සියලු අය මැදපෙරදිගින් පැන්නුවොත් කෙරුවාව බලාගත හැක. මේ ටික ලිව්වේ ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග යවන්නේ ඇයි කියා ප පණ්ඩිත කතා කියන්නවුන් සඳහාය. දේශපාලකයින්ට දොස් කීමෙන් පලක් නැත. 1948 සිට රටතුළ ඇති අසමගිය හා යුද්ධය මේ සඳහා බල පෑ අතර තවදුරටත් මෙය ගියහොත් ලංකාවේ සහෝදරියන්ට සදාකාලිකව මැදපෙරදිග සේවය කිරීමට සිදුවිය හැකිය.
එතකොට ඔය ළමයින්ගේ තාත්තලා ලංකාවට එන්නේ නැත්ද ?