(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ අද රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී සිටියේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ අනුශාසක ධූරයෙන් ඉවත් කරන බව සහ එතුමියගේ සාමාජිකත්වය අත්හිටුවන බවට ආරංචි පැතිර ගියද අද රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් ගෙන නොමැත.
ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපිය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී නොමැත.
එම ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද බව එතුමියට ලිපියක් මගින් දැනුම්දීමට එහිදී තීරණය වී තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ගෙනයන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති අතර පක්ෂයේ උපරිම ශක්තිය යොදවා රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ද මෙම කාරක සභාව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එක්ව පවත්වන රැස්වීම් මාලාවට අමතරව ශ්‍රීලනිපය වෙනමම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද මධ්‍යම කරක සභාව තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන ඉන්න පැත්තකට මමනම් ඡන්දේ දෙන්නේ නැත.
පොහොට්ටු පක්ෂයේ තිබෙන පවුල්වාදය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් බෝවීගෙන එනවාද කියලා හිතෙනවා. මෙතෙක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්සේ සැලකිය හැකිව තිබුන පක්ෂය පක්ෂයේ අනුශාසිකාවටවත් නොදන්වාගත් තීරණයක් නිසා මෙය ඇතිවූබව සිතාගත හැකිය.
අම්ම තාත්ත හදපු පක්ෂයේ අනුශාශිකව අයින්කරන්න රෝහණ ලක්ෂ්මන්ලා දයාසිරිලා කවුද? මේ රටේ ශ්‍රී ල නිපයට ආදරේ ජනතාවක් ඉන්නවා. ඒ අය තමන්ගෙ පක්ෂෙ කිසිම හේතුවක් නැතුව කඩා දාල වෙන පක්ෂ හදපු එකට විරුද්ධයි.
ගෝඨාභය කොහොමත් දැන්නම් පරාදයි අනිවාර්යෙන්ම, ජනපති මැදුරෙන් හම්බන්තොට ගිරුවා පත්තුවට ගිය සජිත් ප්‍රේමදාස හම්බන්තොට ඉඳලා ඇමෙරිකාවේ පදිංචි වෙච්ච අයට වඩා ජන දුක හඳුනනවා, ඔහුට මඩ ගහන්නෙ දේශපාලන හේතුවකට විනා වෙන දෙයකට නොවෙයි.
චන්ද්‍රිකා සහ වෙල්ගම දෙදෙනා ඊයේ ශ්‍රී ල නි පක්ෂයට අත්කළ ඉරණම මොනවට පැහැදිලි කලාද? මේක හරියට මව මරා දරුවට ජිවිතේ දුන්න වගේ වැඩක්. ශ්‍රී ල නි පාක්ෂිකයෝ වන අපි... ඉදිරි ඡන්දයේදී හොදින් බුද්දීමත්ව හිතා ඡන්දය දැමිය යුතුයි.
ජනතාව සමග යුඑන්පී විරෝදී ගමනක් යාමට 2015 දී ශ්‍රී ලං නි ප ට නොහැකි නිසා හොඳම පිරිස පොහොට්ටුවට ගීයා. ඔවුන්ද ශ්‍රී ලං නි ප අයයි. ඒ නිසා පොහොට්ටුව පාවාදීමක් කරන්නේ නැත. බියනොවී සමගිව ඉදිරියට යන්න. නැතොත් ඔබටත් මටත් රටක් නැත.
හූ හඬත් සැපයි නේද?
පක්ෂ සාමාජිකත්වයෙන් මුලින්ම අයින් කල යුත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේද?
අනේ ඔබලාට තේරුම් ගන්න බැරි ඇයි.? අද හූ කියන අය මහමැතිවරණයේ දී සියළු ශ්‍රි.ල.නි.ප. අපේක්ෂයන්ට හූ නොකියාවි කියලද ඔබ හිතන්නේ. එයාලට මනාප නොදෙන්න සැළසුම් කරයි. මනාප තරගයෙන් සියළු පොහොට්ටු සාමාජිකයින් දිනුවාම ශ්‍රී.ල.නි.ප. ඉවරයි. චන්ද්‍රිකා මැතිණිය ඒක තේරුම් අරන් ඉන්නේ. අද පොහොට්ටුවට කඩේ යන අය ජාතික ලැයිස්තුවෙන් යයි. අනෙක් අපේක්ෂකයන් හා පාක්ෂිකයින් අනාථයි. දයාසිරි මහත්තයෝ ඒක තේරුම් ගන්න.
හූ හඩ වාතයකටවත් මායිම් කරන්නේ නැත.
පොහොට්ටු අයයි ශ්‍රී ලංකා අයයි කියන්නෙ කව්ද ශ්‍රීලංකා අය හැටියට ඉන්නෙ මෛත්‍රීත් එක්ක එකතුවෙලා පක්ෂෙ පාවලදීලා එ ජා පෙත් එක්ක මගුල් කාපු අය පොහොට්ටු කියන්නෙ එ ජා පෙ ට විරුද්ධව කෙලින් හිටපු ශ්‍රී ලංකා කාරයො හදා ගත්ත පක්ෂය එතන තමයි ශ්‍රීලංකා කාරයො ඉන්නෙ එන මැතිවරනයෙන් ජනතාව තීන්දු කරයි ඒක චන්ද්‍රිකා, විතරක් නෙමෙයි අනුරත් අම්මට විරුද්ධව යූ එන් පී එකට ගියා අපි එදත් හිටියා චන්ද්‍රිකා විජයත් එක්ක ගිහින් මහජන පක්ෂය හැදුවා එහෙමයි එයාල පක්ෂෙ රැක්කෙ අපිනම් පක්ෂෙ පාවල දුන්නු එකෙකුටවත් ඡන්දෙ දෙන්නෙ නැහැ.
ගොටාභය නියත වශයෙන්ම පරදිනවා, මේ රටේ බහුතර ජනතාව තේරුම් ගත යුත්තේ පවුල් පාලනයෙන් මේ රටට වෙන සෙතක් නැත කියල.
එතකොට පක්ෂය හැරලා පොහෝට්ටුවට ගිහින් එකෙ සාමාජිකත්වයයි නායක කමයි ගත්තම විනය පරික්ෂන හො තහනම් නැද්ද? අනික වෙල්ගම ඇතුලු කට්ටිය උත්සහ කරන්නෙ පක්ෂය රකින්න මිස එය දියකර හරින්න නොවෙයි නේද?
අපි කෙලෙහිගුණ අමතකකලයුතු නැහැ.1994දි චන්දිකා මහත්මිය පැමිණ පක්ෂයට නායකත්වය නොදෙන්න තවමත් එකදිගටම විපක්ෂයේ. 1977 සිට 1994 දක්වා කොයි තරම් දේවල් කලාද උද්ඝෝසණ ,පා ගමන් සබ්ද පුජා. 1989 මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට බැරිවුණා තම ඡන්ද කොට්ටාසය දිනාගන්න, මනාප ක්‍රමයට පින්සිද්ද වෙන්න පාර්ලිමේන්තු ආව මිසක්
දුප්පතාගේ පක්ෂයක් වශයෙන් ශක්තිමත්ව පැවති ශ්‍රීලංකා නි. පක්ෂය මෑත යුගයේ හොරැ කල්ලි විසින් එහි බලය පැහැර ගන්නා ලදි. අවසාන වශයෙන් එය ධනපති පක්ෂයක මුක්කුවක් වී අවසන් වෙනු පෙනෙන්නට ඇත. මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා තිදෙනාම මේ තත්ත්වයට වගකිව යුතුය. ප්‍රතිපත්ති ගරැකව සඟ, වෙද, ගුරැ බලවේගයක් වශයෙන් පැවති ජනතාව ආදරය කළ දේශපාලන ෂක්ෂයක් අවස්ථාවාදි නායකයන් නිසා. විනාශ වීම ගැන එයට ආදරය කළ ජනතාව කණගාටු වෙති. අද වෙන කොට කුමාර වෙල්ගම මහතාට පැරණි ශ්‍රීලංකා නි. පාක්ෂය නැවත ගොඩ ගැනීමේ හැකියාවක් පවති.
මෙතන අදහස් දල තියන සමහර අයගේ වහල් බව පැහැදිලියි. අපිට නම් චන්ද්රිකවත්, වෙල්ගමවත්, පක්ෂයක්වත් වැඩක්ම නැත, අවශ්‍ය වන්නේ කවුරුහරි පැමිණ රට ගොඩ ගැනීමයි. අවුරුදු 70 මේ පක්ෂ මෙය කලාද. අපි පොඩි කාලේ බලාගෙන හිටිය යුද්දය අවසාන වී හමාරයි. පවුල්වාදය කියා අපි හංසයාට 2015 දුන්න නේද. වැඩක් වුනාද අවුරුදු 4 හමාරක් රට කරවූ ඔවුන් රට ආපස්සට ගත්ත නෙවෙයිද? පක්ෂ අදාලම නැත මෙතන අදහස් දාල තියන සමහරු එක එක අයගේ හෙන්චයියල නේද?
තාත්තා ගිය පාරේ දුවත් යනවා. මේ ඔක්කොම එකයි. අපේ මෝඩයින්ට පුන්නක්කු දෙන්න ඕනේ...
දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ මේකට... එක්සත් ජාතික පක්ෂයට කරන්න ගියදේ... ඒ ගොල්ලන්ටම ඵලදීලා නේද?