IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘අපේ වැඩට හරස් කැපූ අය දැන් ඒකම කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

යහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට ප්‍රමිතියකින් තොර පරිගණක දී පිළිකා හදන්න උත්සාහ කරන බව කිව්වත් මේ ආණ්ඩුවෙන් දැන් ගෙන්වා ඇත්තේ ද යහපාලන ආණ්ඩුවෙන් ගෙන්වන්න හැදූ පරිගණක වර්ගයම බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පොත් කන්දක් ඔසවාගෙන යනු වෙනුවට ටැබ් පරිගණකය පමණක් ගෙන පාසල් යන දරු පරපුරක් නිර්මාණය කරන්නට උත්සාහ කළ නමුත් උදය ගම්මන්පිල වැනි අයගේ ප්‍රකාශ නිසා එය වැළකී ගිය බව කී කාරියවසම් මහතා අද එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ අහිංසක දරු පරපුර බවද සඳහන් කළේය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.

 



අදහස් (7)

‘‘අපේ වැඩට හරස් කැපූ අය දැන් ඒකම කරනවා‘‘

nm Friday, 30 July 2021 07:10 PM

පොත් කන්දක් ඔසවාගෙන යනු වෙනුවට ටැබ් පරිගණකය පමණක් ගෙන පාසල් යන දරු පරපුරක් නිර්මාණය කිරීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළයුතුව ඇත. ටැබ් පරිගණකය ලබාදෙන්නේ නම් සියලු අධ්‍යාපන කටයුතු (පාසල තුළ දරුවා ලබාගන්න අධ්‍යාපනය) ටැබ් පරිගණකයෙන් දරුවාට ලබාදීම කෙසේවත් නොකළ යුතුවේ. ටැබ් පරිගණකය මගින් දිනකට පැයක් පමණ කාලයක් වෙන් කිරීම සුදුසු වේ. 5වන ශ්‍රේණියේ සිට 9වන ශ්‍රේණිය දක්වා දරුවන් හට පොත්පත් පරිශීලනය අත්‍යාවශ්‍ය වේ. දියුණු රටවල දරුවන් පොත් බෑගය තවමත් පාසලට ගෙනයාම සිදුවේ. දරුවන් ලෝකය සමග සම්බන්ධ කළයුතුය... දරුවන්ට තාක්ෂණය ලබාදීමත් කළයුතුවේ. දේශපාලනික වශයෙන් ටැබ් පරිගණකය ජනප්‍රිය පුවතක් වන්නට හැකිවුවත්... වැඩෙන දරුවාගේ සෞඛ්‍යය... විශේෂයෙන්ම ඇස සහ මනස වර්ධනය එන අවධියේදී පරිගණකයට වැඩි වෙලාවක් යොමු නොවිය යුතුවේ. මේ වනවිට දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය නිසා කුඩාකල සිට දරුවන්හට දුරකථන පවා ලබාදී තිබේ. අනාගතයේ සමස්තයක් වශයෙන් ලොව පුරා දරුවන් හට පරිගණකයට සහ ජංගම දුරකථන නිසා හඳුනා නොගත් සෞඛ්‍ය ගැටළු මතුවෙමින් තිබේ. කොරෝනා නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් සිදුවුවද එය සාර්ථක ක්‍රමයක් නොවන බව සියලු රටවල් මේ වනවිට තේරුම් ගෙන ඇත...

:       78       18

RaveendraFriday, 30 July 2021 09:16 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අවාසනාවකට"අධ්‍යාපනයේ කෙල පැමිණි පක්ෂ, විපක්ශවල මිහරකුන්ට" නොතේරීම කණගාටුවකි. විමසීමක් කළහොත් අපි තමයි මේ තුන් ලෝකෙටම වැඩ්ඩෝ.. නමුත් මේ පක්ෂ, විපක්ශවල කාටවත් ඒ දණ්ඩේවත් යාමට නොහැකිය...

:       352       11

DhammikaSaturday, 31 July 2021 10:29 AM

ඇස සහ මනස වර්ධනය එන අවධියේදී පරිගණකයට වැඩි වෙලාවක් යොමු නොවිය යුතුවේ.. සහතික ඇත්ත මගේ දරුවාට දැන් වයස අවුරුදු 2යි.. එයා මාස 6 සිට ටැබ් මගින් කාටුන් බැලුවා. මොකද දරුවා බලන්න උදව්වට අපට කිසිවෙක් නැහැ මම ඉන්නෙත් රට. නමුත් අවසානයේ දරුවාට විෂුවල් ඔටිසම් කියන කථන සහ මොලයේ වර්ධනය අඩාල වන තත්වය ඇතිවෙලා. දරුවාට දෙමව්පියන් හඳුනා ගන්නත් බැහැ. දැන් රට පුරාම අපි දුවනවා පුදුම දුකක් සහ කම්පාවක් තියෙන්නේ අපට, ඔබත් මේ වැරැද්ද කරන්න එපා කිසිසේත් කුඩා දරුවන්ට ඩිජිටල් තිර දෙන්න එපා.. අන්තර්ජාලයෙන් හොයා බලන්න විෂුවල් ඔටිසම් කියන භයානක තත්වය. අවාසනාවන්ත ලෙස ලංකාවේ දරුවෝ විශාල ප්‍රමාණයක් මේකට ගොදුරුවෙලා කියලා අපි දැක්කා ...

:       0       1

Sri Lanka Friday, 30 July 2021 07:48 PM

හැමදාම හැමෝම කළේ ජනතාව ගොනාට අන්දපු එක. එකම ගේම පාට වෙනස්... ජයවේවා...!!!

:       30       38

SUNIL MILANO Friday, 30 July 2021 08:22 PM

මෙයාගේ මේ කතාවත් කුලියාපිටියේ... කාර් කර්මාන්ත ශාලාව වගේ තමයි...

:       156       167

මිලානෝ cleanerSaturday, 31 July 2021 09:29 AM

මෙන්න තව අර දෙළුම් වගේ තවත් ඉස්කෝලේ නොගිය කෙනෙක්..

:       0       1

Bandara Saturday, 31 July 2021 12:06 AM

අම්මෝ රනිල් එලිබැස්සම මෙයාටත් එලි බහින්න හිතිලා වගේ

:       94       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 506 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site