(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට ප්‍රමිතියකින් තොර පරිගණක දී පිළිකා හදන්න උත්සාහ කරන බව කිව්වත් මේ ආණ්ඩුවෙන් දැන් ගෙන්වා ඇත්තේ ද යහපාලන ආණ්ඩුවෙන් ගෙන්වන්න හැදූ පරිගණක වර්ගයම බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පොත් කන්දක් ඔසවාගෙන යනු වෙනුවට ටැබ් පරිගණකය පමණක් ගෙන පාසල් යන දරු පරපුරක් නිර්මාණය කරන්නට උත්සාහ කළ නමුත් උදය ගම්මන්පිල වැනි අයගේ ප්‍රකාශ නිසා එය වැළකී ගිය බව කී කාරියවසම් මහතා අද එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ අහිංසක දරු පරපුර බවද සඳහන් කළේය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.
COMMENTS
පොත් කන්දක් ඔසවාගෙන යනු වෙනුවට ටැබ් පරිගණකය පමණක් ගෙන පාසල් යන දරු පරපුරක් නිර්මාණය කිරීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළයුතුව ඇත. ටැබ් පරිගණකය ලබාදෙන්නේ නම් සියලු අධ්‍යාපන කටයුතු (පාසල තුළ දරුවා ලබාගන්න අධ්‍යාපනය) ටැබ් පරිගණකයෙන් දරුවාට ලබාදීම කෙසේවත් නොකළ යුතුවේ. ටැබ් පරිගණකය මගින් දිනකට පැයක් පමණ කාලයක් වෙන් කිරීම සුදුසු වේ. 5වන ශ්‍රේණියේ සිට 9වන ශ්‍රේණිය දක්වා දරුවන් හට පොත්පත් පරිශීලනය අත්‍යාවශ්‍ය වේ. දියුණු රටවල දරුවන් පොත් බෑගය තවමත් පාසලට ගෙනයාම සිදුවේ. දරුවන් ලෝකය සමග සම්බන්ධ කළයුතුය... දරුවන්ට තාක්ෂණය ලබාදීමත් කළයුතුවේ. දේශපාලනික වශයෙන් ටැබ් පරිගණකය ජනප්‍රිය පුවතක් වන්නට හැකිවුවත්... වැඩෙන දරුවාගේ සෞඛ්‍යය... විශේෂයෙන්ම ඇස සහ මනස වර්ධනය එන අවධියේදී පරිගණකයට වැඩි වෙලාවක් යොමු නොවිය යුතුවේ. මේ වනවිට දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය නිසා කුඩාකල සිට දරුවන්හට දුරකථන පවා ලබාදී තිබේ. අනාගතයේ සමස්තයක් වශයෙන් ලොව පුරා දරුවන් හට පරිගණකයට සහ ජංගම දුරකථන නිසා හඳුනා නොගත් සෞඛ්‍ය ගැටළු මතුවෙමින් තිබේ. කොරෝනා නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් සිදුවුවද එය සාර්ථක ක්‍රමයක් නොවන බව සියලු රටවල් මේ වනවිට තේරුම් ගෙන ඇත...
හැමදාම හැමෝම කළේ ජනතාව ගොනාට අන්දපු එක. එකම ගේම පාට වෙනස්... ජයවේවා...!!!
මෙයාගේ මේ කතාවත් කුලියාපිටියේ... කාර් කර්මාන්ත ශාලාව වගේ තමයි...
අම්මෝ රනිල් එලිබැස්සම මෙයාටත් එලි බහින්න හිතිලා වගේ