
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා ව්‍යසනය හමුවේ අපේ රට බේරගන්න අධ්‍යාත්මික නායකත්වයක් රටට අවශ්‍යයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා අද (15) පැවසීය.
විජේවර්ධන මහතා එසේ පැවසුවේ වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන මත ඉදි වූ රන් වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය වගේම බුද්ධ ධර්මයේ ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙනවා මේ රට බේරගන්න. දෙවැනි කොරෝනා රැල්ලක් ආයෙත් ආවොත් මැඩපැවැත්වීමට අමාරුයි කියලා එදා රනිල් වික්‍රමසිංහ අගමැති තුමා සමග කළ සාකච්ඡාවේ දී කිව්වා.දැන් ඒක ඇත්ත වෙලා.
රට පුරාම මේ ව්‍යසනය පැතිරිලා තියෙනවා. අප කළ යුත්තේ දේශපාලන වශයෙන් බෙදිලා වෙන් වෙලා ඉන්න එක නෙමෙයි.අප සියලු දෙනාම එකතු වෙන්න අවශ්‍යයි.අපේ ස්වාමීන් වහන්සේලා ගේ නායකත්වය ඇත්ත වශයෙන්ම දැන් අත්‍යාවශ්‍යම වෙලා තියෙනවා.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න ,නවීන් දිසානායක මහත්වරු ද සහභාගි වූහ.
කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ,වාද්දුව සමුද්‍ර්රාමයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර ,කළුතර දිසා සාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූව ගුණානන්ද මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
COMMENTS
ඔබ කියන ආධ්‍යාත්මික නායකයා කවුද කියලත් කියන්නකෝ? ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූවා කියන්නේ ගහපු ගැසට් කැසට් තරම්වත් නොවටිනා බව නිසා වෙන්න ඇති..
කොරෝනා ව්‍යවසනය හමුවේ පමණක් නොව කඩා වැටි ඇති ආර්ථිකය පමණක් නොව රටේ ජනතාව මුහුණ දෙමින් පවතින විවිධාකාර වූ ගැටළු සඳහා විසඳුම් දීමට හැකි, අපේ පිරිහුණු රට බේරගන්න අධ්‍යාත්මික නායකත්වයක් රටට අවශ්‍ය වේ. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන ලද සියලු දේ වර්තමානයේ රටේ ජනතාවට මෙන්ම එතුමාව විවේචනය කළ සියලු දෙනාහටද නුදුරේදීම තේරුම් ගනු ඇත. දේශපාලකයන් ජනප්‍රිය වූ පමණින් රටක ප්‍රශ්න විසඳීමට නොහැකිබව මේ වනවිට මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාවද තේරුම් ගෙන තිබේ. වැඩි දවසක් යාමට පෙර රටේ පීඩිත අසරණ ජනතාව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සොයා ඔහුගේ නිවසට පැමිණ රට ගොඩගැනීමට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින දිනය වැඩි ඈතක නොවේ. රනිල් වික්‍රමසිංහ යනු ජනප්‍රිය නායකයකු නොවෙන්නට පුළුවනි. නමුත් ඔහු වර්තමානයට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව සමස්ත රට සහ සියලු ජාතීන්ට නායකත්වය දියහැකි රටවැසියා වෙනුවෙන් එදත්, අදත්, හෙටත් පෙනීසිටින මොලෙන් වැඩකළ හැකි ගෞරවනීය නායකයෙකු බව පිළිගැනීමට වඩා විවාද අවශ්‍ය නැත.
කොරෝනා ව්‍යවසනයට අවශ්‍ය එන්නතක් මිස අධ්‍යාත්මික නායකත්වයක් නොවෙයි.
කියන්නකෝ... ඒක තියෙන්නේ ඔයා ළඟද? කරු ළඟද? පුතාණෝ ළඟද? පිස්සු කියන්න එපා අනේ..
කවුද පාර්ලිමේන්තුවේ ඉන්න ආධ්‍යාත්මික නායකයා...?
ඒ කියන්නේ ඔබතුමාලට බලය ලබාගන්න දුන්නත් වැඩක් වෙන්නේ නැහැ නේද?