( තිළිණි ද සිල්වා )
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ඩුබායිහි සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් ("Abu Dhabi Big Ticket" ) නැමැති ලොතරැයියේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 15 ක (රුපියල් කෝටි 81) මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
එසේම එම ලොතරැයි තරගයේ හත්වැනි දිනුම වූ ඩිරාම් 60,000ක මුදලද වෙනත් ශ්‍රී ලාංකිකයෙකු විසින් ද ජයග්‍රහණය කර ඇත.
මෙම ජයග්‍රහණය අබුඩාබි බිග් ටිකට් ලොතරැයි ඇදීමේ සංවිධායකයින් විසින් පෙරේදා (03) රාත්‍රීයේ ප්‍රකාශයට පත් කෙරිණි.
මෙලෙස මෙම ලොතරැයි ඇදීමෙන් පළමු දිනුමක් ලබා ඇත්තේ ඩුබායි අවුරුදු 16කට ආසන්න කාලයක් හි සිවිල් ඉංජිනේරුවෙකු " ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ජේ.ඩී.එස්.රසික නැමත්තෙකි.ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 81 කට ආසන්න වේ.
එම ලොතරැයි ඇදීමේ තරගයේ හත්වැනි දිනුම ලබා ගෙන ඇත්තේ සුලෙන්තිරන් රසේන්දිරන් නැමැති ලාංකිකයෙකු වන අතර ඔහුගේ ලොතරැයි දිනුම මෙරට මුදලින් රුපියල් තුන් කෝටියකට වඩා වැඩි මුදලකි.
ජයග්‍රාහී පළමු දිනුම ලබාගත් ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවරයා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හි පදිංචිව සිටින අයෙක් වන අතර ඉකුත් මැයි 29 වැනිදා ඔහු මෙම අබුඩාබි බිග් ටිකට් ලොතරැයි පත මිලදී ගෙන ඇත. 2005 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ඔහු ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ ඇතැම් ව්‍යාපෘතිවල සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන අතර . ඔහු රාස් අල් කයිමා හි නැවතී සෑම දිනකම ඩුබායි සිය රාජකාරී සදහා පැමිණෙන්නෙකි.
ඔහුගේ මෙම ජයග්‍රාහී ටිකට්පත මිළදී ගැනීම සඳහා යහළුවන් අට දෙනෙකු දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව ඔහු මෙම පිරිස සමග ත්‍යාග මුදල බෙදා ගනු ඇත.
COMMENTS
ලංකාවට ඇවිත් දේශපාලනඥයින් ඇසුරට ගනන එපා
සුබපැතුම්
ජයග්‍රාහකයෙකුගේ සියලු විස්තර මෙලෙස ප්‍රසිද්ධ කිරීම කොයිතරම් අනුවණ කමක්ද? මෙයා ඒ පුද්ගලයාගේ සහ පවුලේ ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද?
ජයවේවා..!!!
සුබ පැතුම්...!
සල්ලි ටික ඩොලර් වලින් වහාම එවන්න. අපට ඩොලර් හිඟයි මේ දවස්වල.., ඕකත් ලොකු දෙයක් මේ දවස්වල.. අරක බෙදාගන්නේ කෝටි 10 ගානේ එක්කෙනාට, ඉතිරි කෝටිය ඔයාට...
ගොඩක් සතුටුයි අපේ කොල්ලෙක්ට ලැබුණාට. පරිස්සමින් කොල්ලෝ...!!!
සුබපැතුම්..! අප සමග එකම ආයතනයේ වැඩ කළ සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙතින්...!!!