(ටී.කේ.ජී.කපිල සහ ඉන්දිකා රාමනායක)
ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්‍රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි .
කෙසේ වෙතත් අද රාත්‍රී 8.00 පමණ වනවිටත් මෙම රටවලින් පැමිණි ගුවන් මගීන් 50 ක පමණ පිරිසක් , තමන් මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු නොකර ගන්නා ලෙසත් , තමන්ට කඩිනමින් තම නිවෙස් කරා යෑමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලීම් කරමින් , ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලිල්ල තුළ විරෝධතා පවත්වමින් සිටින බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා පැවසීය.
මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අද (11) පවසා සිටියේ කොරෝනා වෛරසයෙන් මහජනයා ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකිකයන් වශයෙන් සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවත් රටතුළ සිදුකරන නිරෝධායන කටයුතු සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමිණි රටවලට ආපසු යා හැකි බවත්ය. කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශකවරයා එසේ පැවසීය.
රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වන පිරිසට එරෙහිව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදනය ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් , මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා අනිවාර්යයෙන් දින 14 ක කාළයක් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ පිළිබඳව අදාළ ආයතන සහ විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කර ඇති බව ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .
කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන තෙක්ම , මෙම නීරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වී නොතිබීම නිසා , මෙවැනි ගැටුම්කාරී තත්වයක් කටුනායක ගුවන් තොටුපළ තුළ නිර්මාණය වී ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
දැනට භාවිතා කෙරෙන ක්‍රියාවලිය මගින් ගුවන් මගීන් මෙම රෝගය ආසාදනය වී ඇත් ද යන්න අනාවරණය වන අතර , ඔවුන්ගේ දරු පවුල් සහ සමස්ථ රටේ ජනතාව ද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වන බවද සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය .
විදේශීය ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කළ යුතු බවත් මෙම පිරිස බලා ගැනීමේ වගකීම තමන්ට ඇති බවත් පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් අතරින් කිසිවකුට හෝ කොරෝනා වෛරසය ශරීරගත වී තිබුණ හොත් එය රට තුළට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා එම සියලු දෙනා දින 14 ක නිරෝධයනයට යොමු කිරීමකළ යුතු බවත් සඳහන් කළේය.
මඩකලපුව පුනානි හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටින පිරිසට රජය ලබාදියහැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් හමුදා ප්‍රකාශවරයා සඳහන් කළේය. ශ්‍රි ලංකාවට පැමිණ මෙම පිරිස පුනානි හා කන්දකාඩු මධ්‍යස්ථාන හැර වෙනත් කිසිඳු මධ්‍යස්ථානයක රඳවා නොමැති බවද ප්‍රකාශකවරයා පැවසීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


COMMENTS
ගායෙන් පෙළෙමි... පව්...
කොරෝන වැලක්වීමට රජය ගන්න සියලු ක්‍රියාමාර්ග වලට සහය දෙමින් රටතුළ කොරෝනා පැතිරීම වළක්වා ගනිමු. එහෙම නොවුනොත් අපේ රටත් කොරෝනා වලට බිලිවිය හැකියි.
ඉතාමත් හොදයි. කවදාක හරි අපිත් ආපු දවසකට එවැනි තත්වයකට මුහුණ දෙන්න වුනොත් කිසිම විරෝධතාවයකින් තොරව ඊට එකග වෙනවා. ඒ වගේම මේ අය සංවෘත බස් රථ වලින් පමණක් ප්‍රවාහනය කරන්න. අපි දුටුවා ඒ අය බස් රථයේ විදුරු ඇරගෙන පිටතට අත්, ඔලු දමාගෙන යන අකාරය. යම් විදියකින් ඔවුන් අතර එක අසාදිත පුද්ගලයෙක් හෝ සිටියි නම් මේ ගමන් කරන ආකාරයට අනුව විෂබීජ පරිසරයට මුදා හැරීමට ඇති ඉඩකඩ ඉතාම ඉහළයි. මේ ලෙසින් ඔවුන්ව රැගෙන ගොස් නිරෝධායනය කිරීම විහිළුවක්. කරුණාකර ඒ ගැනත් සැළකිලිමත් වන්න.
ඉවසන්න බැරිනම්, කියනදේ කරන්න බැරිනම් ආපහු යන එකයි ඇත්තේ. නැත්තන් ඒ අයව පිටුවහල් කරන්න. මොකද මජ ඉන්නෙත් රට. මම දන්නවා ඉතාලි වල ඉන්න මිනිස්සුන්ගෙන් සීයට අනූවක් ඉන්නේ නූගත් මිනිස්සු. එයාලා හිතන්නේ එයාලා එවන සල්ලි ලොකුයි කියලා. තමන්ගේ රටට ආදරයක් නැති ජාතියක්.
මුලින්ම අපේ රටේ හමුදාවට හිසනමා ආචාර කළ යුතුයි. කෙළින් හිටගෙන කතා කරන්න පුළුවන් අය දැමීම ගැන රජයට ස්තූතියි. අනික කියන දේ කරන්න බැරිනම් පිටුවහල් කරන්න. ඉතාලිය වගේ රටවල් වල ඉන්නෙත් ඔහොමයි. ඉතින් තමන්ගේ රටට ආවමත් ඔහොමයි.
තර්ජනාත්මක කතා වෙනුවට මෙම විධිවිධාන අපගේ තානාපති කාර්යාල වෙත දැනුම් දිය යුතුව තිබුනේ ඔවුන් අපේ විදේශ විනිමය උපයන්නන් වන නිසායි.
නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන, මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් පිනට ලබපු දැනුමෙන් වෙන රටවල් පොහොසත් කරලා, අන්තිමට කුණු ලෙඩ හදාගෙන ඇවිත් ඒක අපේ රටේ අහිංසක, බේත් පෙත්තක්වත් ගන්න වත්කමක් නැති මිනිස්සුන්ට බෝ කරන්නත් ට්‍රයි කරනවා. මේ හමුදාවේ මහත්තයට පිං, රටේ අහිංසක මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය දෙන්න බැරිනම් ආපහු හිටපු රටටම යන්න යෝජනා කරන්න.
නියමයි බ්‍රිගේඩියර් තුමනි නිරෝධාන ස්ථාන වලට යන්න බැරිනම් බෝට්ටුවක නංවා මුහුද මැද නතර කරන්න කොහොමත් මෙයාලට සුදුසු බෝට්ටුව, ලංකාවෙන් ගියෙත් බෝට්ටුවෙන් නේ...
නිරෝධානය කලයුතුයි.
පුදුම මිනිස්සුනේ. ආපහු යවන්නත් ඒ රට වලින් ගන්නේ නැහැ. රජයට සහ අපේ හමුදාවන්ට අපේ ගෞරවය.
දැඩි හමුදා පාලනයමය ක්‍රියාවලියක් මඟින් චීනයේ කොරෝනා උවදුර මුළුමනින්ම අවසන් කරගත් බවයි අන්තර් ජාතික මාධ්‍ය පවසන්නේ. බටහිර රටවල එවැනි දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී විවිධ විරෝධතා මතුවන නිසා කිසිසේත් එවැනි දැඩි ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති බැවින් කොරෝනා වයිරසය පැතිරීම චීනයේ මෙන් කඩිනමින් මර්ධනය කිරීමට නොහැකිබවයි එම මාධ්‍ය වාර්තාවල දක්වා ඇත්තේ.
චිනේට මුලින්ම ප්ලේන් එකක් ඇරලා ගෙන්නාගෙන දියතලාවේ නවත්වලා නොමිලේ වයිෆයි දීලා ජනතාවට ආණ්ඩුව නටල පෙන්නුවේ නාඩගමක්ද එතකොට ?.. ඒ මිනිස්සුන්ව ගෙන්නගත්තේ ප්ලේන් ඇරලා නේද ? කොහොමද ගෙනල්ල සලකපු විදිය ? මේ එන්නේ ලෙඩ්ඩු නෙමෙයි .. එහෙම තියෙද්දී කොහොමද මේ මිනිස්සුන්ව ගෙදර නොයවා රඳවා ගන්නේ ? කරන්න තියෙන හොඳම දේ තමයි මේ මිනිස්සුන්ව ගෙදර ඇරලා නිවසේ දින 14 ක් රඳවා ගැනීම. එතකොට රජයේ වියදමත් ඉතුරුයි. මේ මිනිස්සුන්ට තමන් කැමතිම පහසුකම් ටිකත් ලැබෙනවා. මම හිතන්නේ නැහැ ලෙඩේ තියෙනවා කියලා සැක කිසිම කෙනෙක් නිරෝදායන මධ්‍යස්ථානයකට නොගිහින් ගෙදර යයි කියලා. කවුද කැමති ගෙදර පවුලේ සාමාජිකයන්ට මේක හැදෙනවට. ඒ වගේම මොවුන් ගෙදර ගියහම පවුලේ සාමාජිකයන්, අසල්වාසීන් උනත් මොවුන් ගැන අවධානයෙන් සිටීවි.
පිට රට ඉන්න අයත් පව්. රටේ මිනිස්සුත් පව්. පිටරට ඉන්න අය ඒ රටවල ම ඉන්න එක දෙගොල්ලන්ටම හොදයි . ගුවන් ගමන් නිසා ලෙඩේ බෝවෙන්න පුලුවන්. ලංකාවට ආදරේ නම් මේ වෙලාවේ පිටරටට වෙලා ඉන්න එකහොදයි.
ඔව් මම කියනවා හරි ඔබ .. බුදු සරණයි
ජනාධිපතිවරණය වෙනුවෙන් "අතින් කාලා හරක් බලපු" අය වෙනුවෙන් ඔබ තුමා කරන මේ ප්‍රකාශය ඉතාම සාධාරණයි. ඒ වගේම රට විරුවෝ කියන පුහු දේශප්‍රේමී දේශපාලන බැතිමතුන්, අධි සැප පහසුකම් බලාපොරොත්තු වීම සම්බන්ධයෙන් උනත් මේ කරන ප්‍රකාශ ඉතාම නිවැරදියි.
මම කැමතියි අහන්න ඔය රටක සිට අමතියෙක්ගේ කවුරුහරි ආවොත් ඔයාලට පුලුවන්ද ඔය නීතිය ක්‍රියාත්මක කරන්න.
ඒක හොද කතාවක්. සමහරු හිතාගෙන ඉන්නවා රට ගිහින් අවාම සුද්දෝ වගේ වගේ කියලා. හැමෝටම ඒක සමානව සලකන්න ඕන. චීන රටේ ඒ අයට ඉන්න බැහැ , ඒ ගොල්ලෝ යන්න පුළුවන් සෑම රටකටම යනවා. අපේ අය කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුවම දත් විලිස්සලා ඒ අයව ඇතුලට ගන්නවා.
බොහොම හොඳ කියමනක් !
ඔය කියන රටවලින් ලංකාවට එන්න ගුවන් යානයට නගින්න ඉස්සරවෙලා නිරෝධන කටයුතු වලට සහභාගී වෙන්න ඕනේ කියලා ඒගොල්ල ලිකිතව දැනුවත් කලා කියලා එම පුද්ගලයන්ගෙන් අත්සන් ගන්න කියලා ගුවන් සමාගමට කියන්න , එතකොට මේ ප්‍රශ්නේ විසදෙනවා , කරුණාකර චීනෙන් එන පුද්ගලයාටත් මේක අනිවාර්ය කරන්න .
මේ අය පිටරට ඉන්නකොට මහලොකුවට සිංහ කොඩිය වන වනා දේශ ප්‍රේමය පෙන්නුවාට දැන් පේනවා නේද ඒගොල්ලන්ගේ ආත්මාර්ථකාමී බව රටේ ඉන්න අනිත් ජනතාව තඹ දොයිතුවකටවත් මායිම් කරන්නේ නෑ
ඔබතුමන්ලා කරන කර්තව්‍ය ඉතාම අගනේය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හරි ජනාධිපති කාර්යාලයෙන් හරි සැමටම මෙම වසංගතය තියෙන බර පතල කම වටහා දීම ඉතාම වැදගත්ය.
කොරෝනා ගැන හොද සුදානමක් තහුරු කර ගැනීම ඉතා වැදදගත් නිකන් බොරු කයිවාරු ගහන්නේ නැතුව.
විපතට පත්වෙලා ඉන්න ජනතාවට සංවේදීව කතාකරන්න.
ලංකාව දැනටම නාගෙන. සංචාරකයන්ට ලංකාවට එන්න දෙන එක වැරැද්දක්.
කොන්ද කෙලින් තියාගෙන වැඩ කලොත් රටම බේරෙනවා
ඔය කට්ටිය මෙහෙ ලෙඩේ නැහැ කියලා හිතලා තමයි තමයි සුද්දෝන්ව දාලා මෙහෙ දුවන් එන්නේ, නැතිව ලංකවට තියන ආසාවට නෙමෙයි , මෙහෙත් ඔය ලෙඩේ තිබබනම් ඔය කට්ටියේ මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.
ශවේන්ද්‍ර සිල්වා මහත්තයා පොඩි බ්‍රේක් එකක් අරගෙන වගේ.
මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි.
තමන් සිටින රටෙන් පිටත් වෙන්න කලින් අලුත් නීති ගැන දැනුම් දුන්නොත් හොඳ නැද්ද. එම නීති වලට අකමැතිනම් නෑවිත් සිටින්න පුළුවනි.
අපි මොනවා හිතුවත් මහජන ආරක්ෂාව සුරැකීම රටේ සියලු දෙනාටම වැදගත්. හොඳ පැහැදිලි පණිවුඩයක් සහ ප්‍රකාශයක්.
ඕක කෙලින්ම කියපු එක හොදයි . සියල්ලටම වඩා රටේ ප්‍රමුකතාවය සැලකිල්ලට ගත යුතුයි.
සියලුම රටවලින් එන සියලුම දෙනාට මේක ක්‍රියාත්මක කරන්න නැත්නම් නිරෝධායනය තේරුමක් නැති වැඩක්නේ..
නියමයි සර්... අන්න ඔහොමයි කතා කරන්න ඕනි. ඕවට විරුද්ධ වෙන්නේ පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක්.
එක ගොඩේ ඔක්කොම දාගෙන ඉන්න කොට ලෙඩේ නැති කෙනාට තව කාගේ හරි ලෙඩකින් බෝවෙනවා. මේක තේරෙන්නේ නැත්ද. ආණ්ඩුවත් එකයි හමුදාවත් එකයි. ඔක්කොටම වැඩිය මෙලෝ හසරක් නොදන්නා ඇමති. රාජිත හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. රටට හම්බ කරලා ගේනා මේ අයට මෙහෙම කරද්දී ලංකාවේ සල්ලි පිටරට ඇරලා උපාධි වලට ඉගෙන ගන්න චීනෙට ගිය අය (වීරවංශ පුතා ඇතුළුව) වෙන වෙනම තියලා, වෙනම ගුවන්යානා යවලා, රජ සැප නොමිලේ දීලා කරපු විගඩන් අපිට හොඳට මතකයි.
නියම කතාව....
ඔන්න ඡන්දෙ දාන්න ආවනම් එක්කෝ ලංකාවේ කොඩිය දාල රට බේරගන්න ආපු විරුවන් කියලා පිළිගන්න තිබ්බා.
විසා අවසන් වූ කෙනෙක් පැමිණියොත් ඒ ගොල්ලෝ ආපසු ඒ රටට යවන්න මේ අයට තිබෙන බලය කුමක්ද?
දින 14 හිරේ දැම්මානම් හරි...
අනාගතේ හරිම පැහැදිලියි, එයාලටම ඡන්දෙ දෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය ලස්සනට ඇතිකරයි.
නියම කතාව. රටත් ජනතාවත් බෙර ගැනීම ඔබලාට දීල තියෙන්නේ. සමහර අය මේ දේ ගැන බලන්න පාට කන්නාඩි දාගෙන. මේ පුංචි රටේ ඕක පාලනය කරගනන් බැරි උනොත් ලංකාවටම බලපානවා.
රට මිලිටරි කරණයකට යන්න ඕන නෑ. ශ්‍රී ලාංකිකයෙක් හරවලා යවන්න එහෙම කාටවත් ඕන විදියට බෑ. ඔය ඉහල පැලැන්තියේ වී අයි පී මිනිස්සු හොර පාරෙන් ගෙදෙර යවන එකයි. අහිංසක ගමේ මිනිහ අල්ලලා නිරෝදනය කරන එකයි ප්‍රයෝගික නෑ. පහසුකම් ඕන වියදම් දරන්න පුළුවන් මිනිසුන්ට වෙන රටවල කරනවා වගේ සාදාරන මුදලකට හොටෙල් පහසුකම් සුදානම් කලානම් ඉවරයි. අනිත් අයට අඩුපාඩු අවම පොදු නිරෝධාන මද්‍යස්ථාන රජයේ වියදමින් කරන්න පුළුවන්. දවස් 14 කට 7500 දෙන්න බෑ කියන මිනිස්සු අරක්කු බෝතලයක් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඔය මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරනවා අපි ඕන තරම් දැකලා තියනවා.
මේක ඡන්දෙ පිලිබන්ධව ප්‍රශ්නයක් නෙවේ මහත්තයෝ. ලංකික ජනතාවම ආරක්ෂාකරගන්න යොදපු ආරක්ෂක වැඩපිළිවලක්. කුහක නොවී සියලු දෙනා මේකට සහයෝගය දෙමු. නැත්නම් සියලු දෙනාගේ අනාගතය අනතුරේ
බොහොම සරලයී. අකමැති අයගේ නම් ගම ප්‍රසිද්ද කර ගෙදර යවන්න ඔවුන්ව ගමෙන් එළවාවී
මේකයි ප්‍රශ්නේ. කලින් ලංකාවේ හිටියේ කරවලයි බතුයි කාලා දැන් කන්නේ යුරෝපීය කෑම. රට ගිහින් කරන රස්සා අහන්න දෙයක් නෑ. ඕක දන්නේ නෑනේ හමුදාපති.
හරි ක්‍රමයක් නැති බව පැහැදිලියි. හමුදාවේ ඉන්න සියලු දෙනා සෞඛ්‍ය නිලධාරීන්ද ? පළමු කොරෝනා වයිරස් කණ්ඩායම ගෙනාපු හැටිත් මේ එන අයට සල කන හැටිත් බලන කොට රජය ලැජ්ජා විය යුතුයි. මේ එන්නේ රටේ මුදල් හොරා කාල රට ගිය ඇත්තන් නොවේ.රටට යම්කිසි මුදලක් එවපු අය. රජයේ මැති ඇමතිවරු මහජන මුදල් ප්‍රකෝටි ගණන් වියදම් කර පිටරට ගොස් ප්‍රතිකාර ලබා එන අතර මේ මිනිසුන්ට මුදල් ටිකක් වියදම් කර නිසි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොකරන්නේ මන්ද ? සමහර ශ්‍රී ලංන්කිකයන්ට මේ අයව පේන්නෙ නිකම් සත්තු ටිකක් වගේය. මහ පුදුම රටක් මේක .ධාර්මික කිව්වට ඒක නිකම් කියමනට සීමා වෙලා වගේ.
ප්‍රශ්නය නිරෝධනය නෙවේ, කරන වැඩේ පිළිවෙලක් නැති එක, ලෝකයේ ගොඩක් රටවල් මේ ප්‍රශ්නය තියන රටවල්වලින් එන ගුවන්යානා තම රටට ඇතුල් කර ගන්නේ නැහැ. එනමුත් ලංකාව ඕනෙම කුණුගොඩක් ඇතුළට ගන්නවා. ඇත්ත... අපි දුප්පත් රටක් තමයි. නමුත් මේ අවස්ථාවේ මේ රෝගය දරුණුවට තියන රටවලින් එන ගුවන් ගමන් නතර කරන්න ඕනේ... මේ වගේ දේවල් පාලනය කරලා රටේ ජනතව රැකගන්න නම් කැප කිරීම් කරන්න වෙනවා. එහෙම නැතුව කැමති නැති අයව ආපසු යවනවා කියලා තර්ජනය කිරීම අනුමත කරන්න බැහැ. සෞදි අරාබියාව අද ලංකාව ඇතුළුව අාසියාවේ රටවල් 8ක් තහනම් කරා.... මොකද ලංකාවේ ආණ්ඩුවට එහෙම කරන්න බැරි?
නියම කතාව... කොහොම හරි අන්තිමට කොරෝනා ලංකාවට ආවෙත් ඉතාලියෙන්මයිනේ.
මෙතන කමෙන්ට් කරන හැමෝටම අමතක වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය පිටරටවල වැඩ කරන කට්ටිය එවන සල්ලි කියලා. එහෙම උදව් කරන ඇත්තන්ට මේ විදිහට සලකන ඔබලා වගේ ගුණමකු මිනිස්සුන්ව හාමතේ මැරිලා යන්න... සත පහක් එවන්න නරකයි.
අාපු අයගෙන් 90%ක් නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇත. ඉතුරු 10% කරුණු කියලා එක්කගෙන යන්න තියෙන්නේ. ලොකු දේවල් කියන කරන එකේ තේරුමක් තියෙනවද? ගොඩක් Comment කරන අයගේ තියෙන්නේ වෙන තරහක්...
මෙම පිරිස රැගෙන ආපු පයිලට්ලා සහ ස්ටාෆ් එකට, මාධ්‍ය සාකච්ඡාවක්, පින්තූරයක් සහ කෑමවේලක් ලැබුණාද දන්නේ නෑ. අනේ පව්අප්පා එ් කණ්ඩායම රැගෙන ඇවිත් තියෙන්නේ මනුෂ්‍යයින් කොටසක් නොවෙයි ඔටුවන් රැළක්.. ඕකතමයි අපිට කෙලවිලා තියෙන්නේ... අපි මනුස්සයින් සියලු දෙනාටම සමාන අයිතින් සහ වරප්‍රසාද ලබාදිය යුතුයි. මනුෂ්‍යයින්ට ලෙඩක්, දුකක් හැදුණාම අපේ මිනිස්සු වීරයෝ වෙන්න හදනවා. අපි දැන ඉගෙනගෙන තියෙන්නේ මනුෂ්‍යයින්ට පිහිට වෙන්න. අපි දකින්නේ සේරම සංදර්ශන විතරයි.
රුපියල් 7500 ක් අයකරන්න රජය කළ තක්කඩි උත්සාහය මොහු දන්නෙම නැද්ද? අනික පිටරට සිට පැමිණෙන කිසියම් මෝඩයෙක් නිරෝධන මධ්‍යස්ථානයට යාම ප්‍රතික්ෂේප කළේ නම් ඒ සඳහා කිසියම් නීතිමය පියවරක් ගත යුතුව තිබුනා. කොහොමත් ඔය රට විරුවෝ කියාගෙන කයිවාරු ගහන අම්බරුවන්ව කුඹුරකට ගාල් කළා නම් තමා වඩා හොඳ. පිටරවවලුත් කාල ලංකාවත් කන්න එනවා. ගහලා එළවන්නමයි ඕනා.
විදේශවල ඉන්න ලාංකිකයන්ගෙන් අඩුම ගණනේ ලක්ෂයක්වත් කෙටි කාලයක් තුළ ආවොත් කොහොමද ඔය නිරෝධායන කටයුතු කරන්නේ? විදේශවල ඉන්න ලාංකිකයන්ට කෙටි කාලයකට ලංකාවට එන්න තහනම් කරලා විදේශයකදී කොරෝනා වැලදී අසනිප වුනොත් එරට රෝහල් බිල ලංකා ආණ්ඩුවෙන් ගෙවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න.
විදේශිකයින්ටත් ඕකම කරානම් හරි.
කට කට... කොරෝනා විතරක නෙවෙයි අපට තර්ජනය කරන්නෙ? මානව හිමිකම් අමතක වුණාද?
අනුන්ගෙන් ණයට කාලා ඉන්න රටක්. අපි නිකම් ජාත්‍යන්තරය තරහ කරගන්නවා විතරයි. වීසා දුන්නේ ලංකාවට එන්න. දැන් එනකොට තවත් කතාවක්. සංචාරකයෙක් තියා සංචාරක කුරුල්ලෙක්වත් එන එකක් නෑ.
දැන් සැපද ....? කෝ සිංහ කොඩි ... ?
සිංහ කොඩි කෝ...
දුක හිතෙන කතා ....