(ඩයනා උදයංගනී)
මෙරට ජනතාවට ලබාදෙන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
එබැවින් මෙරට එම එන්නත් භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
යුරෝපයේ රටවල් කිහිපයක භාවිතය නවතා ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා එක් එන්නත් කාණ්ඩයක් පමණක් බවත් එම එන්නත් කාණ්ඩය මෙරටට ලැබී නැති බවත් ඇමතිවරයා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇයි ඔයා එන්නත් කළේ නැත්තේ...?
දැන් මෙහෙම කියයි. මොනවා හරි දුන්නොත් ඉවරයි. යුරෝපය වැනි උගතුන් සිටින රටටම වැරැදුණා නම්..?
ඔය කොයි එන්නතත් විදගෙන විදගෙන ගියේ කලින් ටෙස්ට් කරලාලුද..?