IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


අපේ අරමුණ රනිල් අගමැති කිරීම නොවෙයි

(මොහොමඩ් ආසික්)

රනිල් වික්‍රමසිංහ  මහතාට අගමැතිකම ලබා දීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් තමන්ට ඇත්තේ  ඔක්තෝබර් 26 වැනිදා රටේ ව්‍යවස්ථාවට සිද්ධ වූ උල්ලංඝණය නැවත නිවරුදි කර බලාත්මක කරවීම බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා කීය.

මහනුවර තැපැල් සංකීර්ණයේදී අද (28) වැනිදා සවස පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කිය.

     ‘‘ප්‍රජාතාන්ත්‍රවාදය නැති වීම නීතියේ පාලනය නැති වීම කියන එකේ වැඩිම වින්දිතයින් බවට පත් වන්නේ අවසානයේ කාන්තාවන්.අපේ රටේ  හුඟක් කාන්තාවන්ට මේක ගැන අවබෝධයක් නෑ.

පසුගිය 26 වනදා මේ රට දැක්ක දේ හිටපු අගමැතිවරයා ඉවත් කිරීමත් නව අගමැතිවරයෙක් පත් කිරීමත්. ඒක තමයි රටත් ලෝකයත් දැක්ක දේ. 2015 දී පොදු අපේක්ෂකයා  බලයට පත් කරන්න දායක වූ  අපි තේරුම් ගෙන හිටියා ඔහු අපි අපේක්ෂා කළ දේවල් ඉටු කරන්නට සැදී පැහැදුණු නායකයෙකු නොවන බව ඒක තේරුම් ගන්න පුළුවන් වුණේ ඔහුම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයෙක් පොතක්  ලිව්වා ‘මා දුටු ජනවාරි අට’ කියලා.

පසුගිය 26 වනදා වෙච්ච කුමන්ත්‍රණයේ මුල් නිමිත්ත ඒ පොතේ  ඉතා හොඳින් අනාවරණය කරනවා. ජනාධිපතිධූරයේ දිවුරුම් දීමෙන් පසුව මුලින්ම කරල තියෙන්නේ මහින්ද අමරවීර කියන මහජන නියෝජිතයාව මුණගැහිල තියෙනවා.

ඔහු ජනාධිපති පදවියට පත් කරන්න  මූලික වුණ සෝභිත හාමුදුරුවන්ට දැනුම් දෙන්නේ නැතිව, චන්ද්‍රිකා මැතිණියට දැනුම් දෙන්නේනැතිව රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන්නේ නැතිව.එහිදී මහින්ද අමරවීර  ඉල්ලා තිබෙනවා රාජපක්ෂ පවුල ආරක්ෂා කරල දෙන්න කියලා ඉල්ලා සිටිනවා කියන එක.ඒ පොතේ මේ ගැන  ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියනවා. අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ කතානායකට විරුද්ධවයි කියලා. පාර්ලිමේන්තුවට කතානායකවරයා ගෙනාවේ පාර්ලිමේන්තුවේ පොලිසිය නෙවෙයි. ඒ නිසා අපි ඒකට විරුද්ධයි කියලා. නමුත් ඔහු කියන්නේ නෑ. කතානායකවරයා පාර්ලමේන්තුවට ආවේ පොලිස් ආරක්ෂාව මැදයි කියලා. ඔහු කියන්නේ නෑ පාර්ලිමේන්තුවට ගෙනාවේ මැරයෝ කියලා. ගෙනාවේ පොලිස් නිලධාරින්.

වෛද්‍ය සංගමයේ සභාපතිවරයා  එක්තරා අවස්ථාවක කියනවා ගිලන් රථ සේවාවකින් රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර කරනවද නැද්ද කියලා හිතල බලන්න ඕන කියලා වෛද්‍යවරු කියන්නේ බර කරත්තයකින් රෝගීන් රැගෙ ආවත් ප්‍රතිකාර කරන්න ඕන.ඒ ගොල්ල හැම දෙයක් ගැනම අර්ථ දක්වන්නේ එහෙමයි.

අපට තියෙන්නේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් අරගෙන දෙන වගකීම නෙවෙයි .අපට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපට අවශ්‍යයයි ඔක්තෝබර් 26 වනදා මේ රටේ ව්‍යවස්ථාවට සිද්ධ වූ උල්ලංඝණය නිවැරදි කරලා  නැවත එක බලාත්මක කරන්න.

ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. සදාචාරයට පටහැනි ක්‍රියාවක් කළා. ඒ නිසා පසුගිය ඔක්තෝබර් 26 වනදාට කලින් තිබුණ තත්වය නැවත ස්ථාපිත කරනන් ඕන.ඒක ස්ථාපිත  කරන්න සූදානම් නැත්නම් මේ පවතින ක්‍රියාවලිය තව දුරටත් ඇදි ඇදී යයි .ඒකෙදි ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි .

රජයේ සේවකයින්ට වැටුප් නැති වෙයි. විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප නැති වෙයි. සියලු දේවල් බරපතල ලෙස කඩා වැටෙයි. මම එහෙම වෙනවට කැමැතියි. මේ විදියහට සදාචාර විරෝධි වැඩ වෙන  කොට පුරවැසියන්ට දැනෙන්නේ නැත්නම් පුරවැසියන්ට දැනෙන්න මොකක් හරිවෙන්න ඕන. මිනිස්සුන්ට මේකේ තියෙන භයානක කම තේරෙන්න ඕන .ඔක්තෝබර 26 වනදා සිදු වූ මේ ක්‍රියාවට විරුද්ධව කවුද පාරට බැහැල ඉන්නේ.ඇයි එහෙම බහින්නේ නැත්තේ. ඒක තමාගේ ඇඟට දැනේනේ නෑ.

ඇඟට දැනෙන්නේ  ක්‍රිියාවලියක් දක්වා  මේක දික් ගැහෙන එක හොඳයි. මේකට වෙන කෙටි විසඳුම් අවශ්‍ය නැහැ. හොර පාරවල්වලින්  මේක  විසඳා ගන්නට උත්සාහ කළොත් මේක නීතියක් නැති රටක්. නායකයින් ව්‍යවස්ථාවට ගරු නොකරන රටක්. මේක අපි තේරුම් ගන්න ඕන‘‘ යැයිද මහාචාර්යවරයා මෙහිදී කීය.

 

 



අදහස් (10)

අපේ අරමුණ රනිල් අගමැති කිරීම නොවෙයි

sili bili Thursday, 29 November 2018 01:24 AM

රනිල් මහින්ද වෙනුවට වෙනත් අයෙකු අගමැති කරමු

:       0       0

lion Thursday, 29 November 2018 01:39 AM

පැති නොගෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, යහපත් සමාජයක් ඇති කිරීමට ඔබතුමා ගෙනයන මෙම ව්‍යාපාරයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!!!

:       0       0

Bamunuarachchi Thursday, 29 November 2018 01:48 AM

හලෝ සෝබිත හාමුදුරුවන්ගෙන් බණ අහලා සෝවාන් වුණු කෙනෙකුත් නැත. රොටි පුච්චපු කෙනෙකුත් නැත ඡන්දෙ දීපු කෙනෙකුත් නැත. මිනිසුන් වැඩ කරන්නේ තම සිතැඟියාව මතයි. 2014දී සිරිසේන ජනාධිපති වූයේ 224536, දෙලක්ෂ විසිහතර දහස් පන්සීය තිස් හයක ඡන්දයෙනි. 2015 පාර්ලිමේන්තු ඡන්දයේදී එජාප සන්ධානය මහින්ද සංධානයට වඩා 366252, තුන් ලක්ෂ හටහයදාහක් ඡන්ද ලැබුවා... 2018 ප්‍රාදේශීය ඡන්දයේදී මහින්ද සංධානය විසින් රනිල් සංධානය ලක්ෂ 33යි 66 දාහකින් පරාජය කළා. ඔබ හිතනවාද මේ බදු බරත් සමග එජාපෙට තව ඡන්ද එකතු වුණා කියලා.

:       0       0

Bamunuarachchi Thursday, 29 November 2018 02:57 AM

ඒක මහා පුදුම කතාවක්නේ.

:       0       0

Cisco Thursday, 29 November 2018 03:22 AM

වෙන මොනවද ඉතින්???

:       0       0

සමන් Thursday, 29 November 2018 04:29 AM

හරි ඔබතුමා කියන එව්වා ඇත්ත කියමුකෝ එතකොට ඇයි ඔබතුමාට මතක නැත්තේ බැදුම්කර වංචාව ගැන.

:       85       581

Asik Thursday, 29 November 2018 05:14 AM

කඩන්න බැරි උනාම නරිය මිදී තිත්තයි කිව්වලු.

:       236       753

kamal Thursday, 29 November 2018 05:32 AM

එකනම් ඇත්ත...... ඩොලර් ටිකක් හොයාගන්න එකනේ

:       66       421

Deepal Nirosh Thursday, 29 November 2018 06:37 AM

ඇයි මේ ඔක්තෝබර් 26 වෙනිදා විතරක් වෙච්ච ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ගැන කතා කරන්නෙ? ඊට පෙර 2015 ජනවාරි 09 වෙනාදා අගමැති පත්කිරීම, හිටපු අගවිනිසුරු එක් ලිපියකින් ඉවත් කිරීම, වංචනික 19 වන ව්‍යවස්ථා සංශෝධනය යනාදිය ගැන කතා නො කරන්නෙ? ඔක්කොටම පෙර ඒවා නිවැරදි කරලා ඉමු.

:       113       668

daya Thursday, 29 November 2018 07:14 AM

ඔය ගොල්ලො කියන දේවල්වලට අපි හිනාවෙලා නිකං ඉන්නව අපේ අවස්ථාව අපිට ලැබෙනතුරු!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site