IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘අපි අධ්‍යාපනයට රාමුවක් හැදුවා’

(මුදිතා දයානන්ද)
 

“අධ්‍යාපනයට රාමුවක් හදන්න කාටවත් බැරිවුණා. එය අපි කළා. එය ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබ සතුයි” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ අරලිය ගහ මන්දිරයේදී අද(08) පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව නිම කළ ඩිප්ලෝමාලාභීන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.   
 
මෙම පාඨමාලාව සම්පූර්ණ කළ 10,121 දෙනෙකුගෙන් 2,133 දෙනෙකුට අද සහතික පත් ප්‍රදානය කරනු ලැබිණි. 
එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
               
               
“එදා මම අධ්‍යාපන ඇමතිකම භාරගනිද්දී වැඩියෙන්ම හිටියේ නුපුහුණු ගුරුවරු. එවිට අපි තීරණයක් ගත්තා මුලු රටටම පුහුණු ගුරුවරු ඇති කළ යුතුයි කියලා. එදා සිට වසර වසර 30ක් ගත වුණා. මේ ක්‍රියාපිළිවෙළ අවසන් කරන්න තව වසර තුන හතරක් යාවි. අපි මේක වසර 15කින් අවසන් කරන්නයි හිටියේ. අද අපි ඩිප්ලෝමාධාරීන් 3,000කට පත්වීම් ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම දැනට පුහුණු කරලා 10,000කට පත්වීම් ලබාදෙන්න තිබෙනවා. ඔබ සියලු දෙනාම දැනුම අරගෙන පාසලට යන්නේ. ඔබට අමතරව අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන 80,000ක් දැනට සේවයේ යෙදී සිටිනවා. අකිල විරාජ් කාරියවසම් මහතා ඇමතිකම භාරගනිද්දී මම කිව්වා ඇමතිකම තියාගන්න ඕන නම් නුපුහුණු ගුරුවරු බඳවාගන්න එපා කියලා. 
 
මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න පළමුව අවශ්‍ය වන්නේ හොඳ පුහුණු ගුරුවරු. ආණ්ඩුවක් හැටියට 2015 රට භාර අරන් අගමැති වුණාම මම හිතුවා එදා කරන්න බැරිවුණ වැඩේ දැන් කරලා අවසන් කරන්න ඕන කියලා.  ඒ දේ කරලා අවුරුදු තුන හතරක් බැණුම් ඇහුවත් කමක් නැහැ. පස්වෙනි අවුරුද්දේ අපිට ප්‍රතිඵළ ලැබෙනවා. දැන් මේ පේන්න තියෙන්නේ ඒ ප්‍රතිඵල. අපිට අවශ්‍ය වුණේ අපේ සිසු පරපුරට අපිට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඔබ සියලු දෙනාම සාර්ථක වුණොත් රටත් සාර්ථක වෙයි.”
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (20)

‘අපි අධ්‍යාපනයට රාමුවක් හැදුවා’

Missaka Friday, 08 March 2019 08:55 AM

මේ දවස්වල නොසැහෙන්ට අලුත් දේවල්වලට මුල්ගල් නම් තියෙනවා .

:       277       244

RaveendraFriday, 08 March 2019 12:57 PM

වැල්ලේ මාලිගා සදමින් ඉන්නකොට... දෙවෙනි පුටුව ලැබුන පෙර පිනකටම.. දැන්නම් පුටුවේ කකුලුත් අබලම් වගේ... උත්සාහය ඇන්දේ හරි ඉදගන්නමනේ..

:       211       190

liyanage Friday, 08 March 2019 05:31 PM

මෙහි පළකර තිබෙන බොහෝ දෙනෙකුගේ අදහස් වලින් පෙනී යන්නේ අධ්‍යාපනයට තබා වැස්සකටවත් පාසලකට නොගිය මෝඩ පිරිසක් බවකි...

:       365       80

Sunil milano Friday, 08 March 2019 09:00 AM

ඇත්තම තමයි රාමුවක් හැදුව එකේ ඇතුලේ සේරම ළමයි හිරකලා, දැන් ඉතින් කවදද මේ රාමුව ගලවන්නේ?

:       61       205

RaveendraFriday, 08 March 2019 11:30 AM

මේ ගොයියා කට ඇරියොත් කෙප්පයක්මයි කියන්නේ... ඉතින් නිකංද සූත්තර පුංචා කියන්නේ..?

:       349       305

duminda Friday, 08 March 2019 09:23 AM

කවුරු මොනවා කිව්වත් රටක් දියුණු කරන්න නම් ඵලදායක අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. රනිල්ට ඒ දෙකම තියෙනවා

:       684       469

RaveendraFriday, 08 March 2019 01:30 PM

ඔබ නිවැරදියි මුළු ලෝකෙම කැමති, ආසියාවේ ඉන්න එකම එක හොඳම හොඳ උගතා කරොත් කරන්නේ දශක කීපයක් ඉදිරිය බලා බව මහබැංකු මහා මංකොල්ලෙන්ම පේනවා.. ඒ වගේම නිවැරදි දැක්මක් තිබුණු එකම එක උගතා තමන්ගේ රටේ බැංකුව හොරාකෑමට වෙනත් රටක "පල්හොරෙක් හඳුන්වාදී නිර්දේශකර එම ඉහළ තනතුර ලබාදී එයා ලවාම බැංකුව හොරා කෑම". ඉතින් ඔබගේ අදහස් නිවැරදියි.

:       27       536

nishaFriday, 08 March 2019 01:52 PM

අැයි මේ ලංකාවේ අයට හොඳ දෙයක් අගය කරන්න බැරි? මොනවා හරි අැදයක් කුදයක් හොයනවා. අධ්‍යාපන මට්ටම උසස් කරන එක හොඳ නැද්ද? අනිවා මේ කමෙන්ට් දාන අය අට පාස් ඉරිසියාකාරයෝ තමයි...

:       510       42

sirimal Friday, 08 March 2019 09:28 AM

රාමුව හැදුවේ දොළහයි. දොළහේ ලුණුමිදෙල්ල පිට ලෑලි වලින්ද දන්නේ නැහැ...

:       60       144

RaveendraFriday, 08 March 2019 11:27 AM

අඹ ලෑලිවලින් හදලා කරුවල ලීයෙන් නිර්මාණය කළා කියල කියන්න මේ ගොයියා හරි දක්ෂයි.

:       212       160

Hafeel Friday, 08 March 2019 10:09 AM

මේ වැඩේ කරන්න අවුරුදු 4ක් වුනත්, ආපු ගමන් මහ බැංකුවට වැඩේ දුන්නා. එ්කට කල් ගියේ නැහැ.

:       122       99

Bandara Friday, 08 March 2019 10:12 AM

රාමුව හදලා තියෙන්නේ අධ්‍යාපනයටද? නැතිනම් වෙන එකකටද දන්නේ නැහැ. එච්චර නිදිමත පාටයි.

:       82       46

Kap Friday, 08 March 2019 10:22 AM

අැයි මේ ලංකාවේ එවුන්ට හොඳ දෙයක් අගය කරන්න බැරි? මොනවා හරි අැදයක් කුදයක් හොයනවා. අධ්‍යාපන මට්ටම උසස් කරන එක හොඳ නැද්ද? අනිවා මේ කමෙන්ට් දාන අය අට පාස් ඉරිසියාකාරයෝ...

:       191       215

kule Friday, 08 March 2019 10:42 AM

සිහින...සිහින..

:       50       27

Jehaan Friday, 08 March 2019 11:00 AM

දැන් කාලයේ අධ්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිට හිටියේ රත්රන් ගුරු දෙවිවරු. ඒ වගේම අපේ මව්පියනුත් ගුරුවරයා පාඩම් අතපසු කළාට බැන්නා කියලා මානව අයිතිවාසිකම් කොමිසම් පස්සේ දිව්වේ නැහැ. කනේ පාරක් දීලා හරි ළමයාව යහපත් පුරවැසියෙකු කරන්න කියලා තමයි අපේ අම්මලා ගුරුවරුන්ගෙන් ඉල්ලුවේ... අද මෙතන ලියන්නෙත් ඒ ගුරුවරුන්ට පින්සිදුවෙන්න තමයි. හැබැයි අද කාලයේ දක්ෂ යහපත් ගුරුවරුන්ට වෙලා තියෙන්නේ දේශපාලුවන්ටයි, හයිරන්කාර මව්පියන්ටයි යටවෙලා ළමයින්ට උගන්වන්න. පුද්ගලික පාසලක උගන්වන මගේ ඥාති ගුරුවරියක පාඩම් වෙලාවේ ජංගම දුරකථනය හොරෙන් භාවිතා කල සිසුවියකට බැන්නා කියලා ඇගේ මව විදුහල්පතිට පැමිණිලි කලාලු. ඔන්න අද රටේ හැටි...!

:       3       123

RaveendraFriday, 08 March 2019 12:07 PM

සහතික ඇත්ත.. එමෙන්ම අද කාලේ එවන් ගුරුවරු බොහොම අල්පයි..

:       0       56

Sunil milano Friday, 08 March 2019 11:57 AM

මහවිලච්චියේ තියෙන පොල්අතු සෙවිලි කළ පාසල දැක්කේ නැද්ද? දැක්කානම් හිතෙයි රාමුව කොහොමද කියලා...?

:       106       518

nali Friday, 08 March 2019 05:25 PM

යමෙක් ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කියන්න ගියහම අනාගන්නවා. ඔක්කොටම කලින් මේ ඉංග්‍රීසියෙන් හිතන අධ්‍යාපන රාමුවෙන් මේ බකපණ්ඩිතයෝ එළියට ගන්න ඔය හදන රාමු සියල්ල බින්දොත් හොඳයි.

:       13       4

ත්‍රස්තයා Saturday, 09 March 2019 02:18 AM

රාමුවක් නැත්තේ අපේ රටට. රාජ්‍ය නායකයෙක් නැති රටක් , කාගේ ආණ්ඩුවක් තියෙනවද කියල ජනතාව දන්නේ නැහැ. කඩාකප්පල් පියවර ගන්නේ බල ලෝභීකමට. මෙයින් තවත් දුක්විඳින්නේ ජනතාව. මෙහෙමත් රට ගැන හිතන්නේ නැති පුද්ගලයින් ඉන්නේ ලංකාවේ විතරයි. ඒ නිසා ජවය අවශ්‍යයි, දේශපාලකයන් පරාජය කිරීමට...

:       0       438

PRIMAS IGNETIYAS Saturday, 09 March 2019 08:26 AM

ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අප රටට තිබීම වැදගත්... එවැනි පසුබිමක පුහුණු ගුරුවරු අපේ රටට සම්පතක්. නමුත් ගමේ පාසලේ ගුරුවරු තමන්ගේ වගකීම පැහැර හැරීම ගැන කණගාටු වෙමි. ගමේ පාසලේ දරුවන් නගරයේ පාසල්වලට දැමීමට දෙමව්පියන් පොරකන්නේ එ්කයි. අගමැතිතුමනි ගමේ පාසලේ ගුරුවරු තමන්ගේ වගකීම පැහැරහැරීම ගැන සොයාබලා එයටත් ඉක්මන් විසඳුමක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site