( නිමන්ති රණසිංහ)
අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රදවා සිටි රැදවියකු මහර බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු මෙම රැදවියාට තවත් රැදවියන් කිහිප දෙනෙකුගෙන් ඇතිවූ බව කියන ජීවිත තර්ජන හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
කොරෝනා වයිරසය බෝ වී ඇති බවට සැක සහිත රැදවියකු බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර බන්ධනාාගරයේ රැදවියන් විසින් කලහාකාරී ලෙස හැසිරෙමින් සිදුවූ සිදුවීමෙන් රැදවියන් දෙදෙනකු මියගොස් තවත් 6 දෙනෙකු රෝහල්ගත කර තිබුණේ ඉකුත් 21 වැනිදා රාතී‍්‍රයේය.
එසේම, මේ වන විට එම බන්ධනාගාරය තුළට විශේෂ කාර්ය බලකාය මෙන්ම අනුරාධපුර පොලීසියේ නිලධාරීන් ද යොදවා ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd