ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය සදහා මාලිමාව ලකුණින් ඉදිරිපත් වන බව එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
(16844)
ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය සදහා මාලිමාව ලකුණින් ඉදිරිපත් වන බව එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
(16844)
COMMENTS
රටට මග පෙන්වන්න රට නිවැරදි දිශාවට ගෙනියන්න මාලිමාව දිනවමු. අපේක්ෂාවේ අපේක්ෂකයාට ජයවේවා...!!!
අවුරුදු හැත්තෑවක් තිස්සේ හරිමග හොයාගන්න බැරිවුණු රටට මග පෙන්වන්න මාලිමාව දිනවමු. රට නිවැරදි දිශාවට ගෙනියමු. අනුර කුමාර සහෝදරයා දිනවමු.
ජයග්‍රහණයේ සලකුණ මාලිමාව. ජයග්‍රහනයේ නියමුවා අනුර කුමාර සහෝදරයා. මව්බිමට ජයවේවා
අපේක්ෂාවේ අපේක්ෂකයාට ජයවේවා. මව්බිමේ අනාගත නියමුවා ඔබයි
ඒක හොඳයි මොකද ඡන්දෙන් පස්සේ උතුර දකුණ හොයාගන්න බැරි උනොත් මාලිමාවෙන් හොයාගන්න පුළුවන්නේ.
රටට ආදරය කරන ඔබ මෙවර ඔබගේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමට ලබා දෙන්න
අනේ ඇයී රතුපාට අලි පැටියා ලකුණින් ආවේ නැත්තේ? අපිට දැන් අමාරුයී ඡන්දෙ දෙන්න.
යහපත් හෙට දවසක් උදාකර දෙන්නට කැපවුනු අපේ පන්තියේ මිනිසාට මෙවර බලය දෙමු
අපේක්ෂකයෝ තිස් පස් දෙනෙක් ඡන්දෙට ඉදිරිපත්වෙනකොට ඡන්ද පත්‍රිකාවේ මේ මාලිමාව සාමාන්‍ය කෙනෙකුට හොයා ගන්න අමාරු වෙනවා.
අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි. මාලිමාවට ජය
බයවෙන්න එපා. මාලිමාව උඩම තියෙනවා. පොහොට්ටුව හංසයා පහලම
සීනුව සිරිකොතේ තියල ආව නිසා වෙන ලකුනක් හොයාගන්න උනා නේද සහෝදරයා .....මාලිමාව නෙමේ ගොට්ට ගත්තනම් ගැලපෙනවනෙ.
ඇත්තටම ඔබ හොඳයි , නමුත් එකම තැටිය දුවන්න දෙන්න එපා , ලොකු වෙනසක් කරන්න තියෙනවා රට ඇතුල පගාවට ම අල්ලසට ,මිත්‍රකමට කමට වැඩ කරන ආයතන , පුද්ගලයින් මේ සේරම නෙරපන්න පොරොන්දු වෙන්න. අදිකරණයත් සම්පුර්ණ වෙනස් කරන්න ඕන ,නිතිය කාටත් පොදුයි කියල ඔප්පු කරන්න මහා පරිමාණ හොරු නිදැල්ලේ ,ඒ කිසිම නඩුවක් අහන්නේ නැහැ කල් දමනවා දුප්පතාගේ පොල් ගෙඩිය පස්සේ දුවල රටටම ඇහෙන්න දඩුවම් කරන්න මේවා නතර කරන්න.
ඔබ ප්රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමටනම් උගත් බුද්ධිමත් ඔබ කළ යුත්තේ නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි.
අනුර කුමාරලා හරියට ගොඩ ඉඳන් පිහිනන්න උගන්වන පුහුණුකරුවො වගේ. ඒ කියන්නේ ගිරවා වගේ පොතේ පාඩම කටපාඩම් හැබැයි ප්‍රායෝගික නැහැ . රවීද්‍රනාත් තාගෝර් ලේඛකයා මේ අය ගැන හරියටම කියනව එතුමගේ "ගෝරා" නවකතාවෙ මෙන්න මෙහෙම "පොතේ ගුරාලා නිකන් ජේත්තුකාරයො වගේ " .ඉතින් මම දකින්නෙත් මේ ජේත්තුකාරයන්ට ප්‍රායෝගිකව දැනීමක් නැති බවයි .
උතුර දකුන මාරුවෙලා ඉන්න වෙලාවේ මාලීමාව වැදගත් ..
මාලිමාව ලකුණ හැටියට තෝරාගෙන තියන්නේ මෙයාට දැනටමත් උතුර දකුණ මාරුවෙලා නිසා!
ජය වේවා!
අපි හොයන්නෙත් මෙවැනි අලුත් විකල්පයක්. එකතැන පල්වෙවී ඉන්නවට වැඩිය සාර්තක ගමනක් සදහා මෙවැනි විකල්ප පෙළගැසිය යුතුයි ඉදිරියේදීත්
මම 1989 ජ.වි.පෙ. එක්ක හිටපු කෙනෙක්. වර්ථමාන පරපුරට කියන්නේ මේ. දැන් ජ.විපෙ. කියලා එකක් නෑ. මොවුන්ට රටක් , ආගමක්, ජාතියක් නෑ. එහෙම ශුන්‍යවාදීන්ට මේ සිංහල බෞද්ධ රටේ ඉඩක් නෑ. ඔය කාට කාට හරි බැන බැන , කාට කාට හරි කඩේ ගිහින් එදා වේල කකා නිකම් කාලේ කා දමනවා
අනික් අය හොරා කෑවා. නුඹලා රටට මාංචු දැම්මා.. කටින් බතල කොළ තමයි...
දණිස්සෙන් ඉහළට මිනිය උස්සන්න එපා කීවදාට තමයි රඟේ තේරෙන්නේ...
මටත්මාලිමාවඅමතක කරන්න බැහැ.
අවුරුදු 71 ක් රට කළ නිල් කොල පාලක කල්ලි දෙකට නැවත බලය ලබාදීමෙන් කිසිවක් සුදු නොවේ. වංචාවෙන් දූශනයෙන් මර්ධනයෙන් රට තව දුරටත් අඝාධයට ගෙනයෑම හැර වෙන දෙයක් වෙන්නෙ නැත. මෙ රට ගොඩ ගැනීමට ඇති එකම හා සුදුසුම අපේක්‍ෂකයා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සොයුරා පමණක්මයි.
මාලිමාවක් ඕන වෙන්නේ ය යුතු මාර්ගය නොදත් යට.
අපිට හිතෙන්නේ ඔබ සමග සිටි අපිව දැන් අනාත කරලා ඉවරයි කියල. ආයෙත් ඔබලාට මුල ඉඳන්ම පටන් ගන්න වේවි. අපි ගොඩකගේ චන්දෙ ඔබට නොදෙන්න දැන් තීරණය කරලා තියෙන්නේ.
වැරදි ලකුණ. විම් කැටයෙන් ඉල්ලන්න තිබ්බේ.
මාලිමාව අමතක කරන්නේ නැතිබව ස්ථීරය.
දැන් වමේ කට්ටිය යන්නේ උතුරටද? ඒක පහුගිය දවස් වල අපි හොඳට දැක්කා.