(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික ජන බලවේගය සංවිධානයේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (14) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි.
'රටම නැණවත් කරන අපේක්ෂාව' යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්ති ප්‍රකාශය එහි සම්පාධක මණ්ඩලය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා විසින් මෙහිදී ජාතික ජන බලවේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
විශ්ව විද්‍යාලය අධ්‍යයනය ප්‍රජාව , පාසල් ගුරු වෘත්තීය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත්, බුද්ධිමත් ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි...
ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි.
ලෝකෙට ණය වෙලා ගුවන්යානා නොඑන ගුවන්තොටුපොළ, ක්‍රිකට් නොගහන ක්‍රීඩාංගණ හරක් ලගින සම්මන්ත්‍රණශාලා හදපු සල්ලි වලින් මේ වගේ පාසල් කීයක් දියුණු කරන්න තිබුණාද? අධ්‍යාපනයේ අගය දන්න උගත්, බුද්ධිමත්, ජනතාවාදී පාලනයක් අපේ රටේ බිහිකර ගමු මිනිසුනේ දැන්වත්...
කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහිකළාට පස්සේ මොනඅැමැතිද.. කොයි ආණ්ඩුවද අධ්‍යාපනය දියුණු කළේ? සල්ලි කාරයින්ගේ දරුවෝ යන ලොකුලොකු කොලිජි කොන්වන්ට් වලට නම් කිසි අඩුපාඩුවක් නැහැ... මේ අසාධාරණ සමාජ ක්‍රමය බිඳදමපු දවසකට අපේ දුප්පත් දරුවන්ටත් සමාන පහසුකම් තියෙන පාසල් ලැබේවි...
මේ උගතුන් බුද්ධිමතුන් එක්වී එක හඩින් කියන දේ දැන්වත් වටහාගමු මිත්‍රවරුනි. මේ රටට වෙනසක් ඕන. ඒ වෙනස කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරයි.
මේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුල මෙතුමන්ලා නවකවදය තව දුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවාද?
බොරුව වංචාව නැතිව, සපෝටර්ලාට රැකියා, කොන්ත්‍රාත් නොදී, බලයට එන්න සිහින දකින්න එපා සහෝදරයා. අපේ රටේ ජනතාවට ඔය අධ්‍යපනය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඒවා ඕන නැහැ. කසිප්පු පෙරලා අහුවුණාම බේර ගන්න, අත යට ගනු දෙනුවට සපෝර්ට් එකටයි රජයක් ඕන. කම්කරු පත්වීමක් හරි සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයට හරි පත් වෙන්නයි රජයක් ඕන.
නවකවදය තුරන් කිරීම, විශ්ව විද්‍යාල පාඨමාලා නවීකරණය ඊට අැතුළත්ද?
අනික් කට්ටිය කොහොමද එහෙම කරන්නේ? ටියුෂන් ගුරාලා හේත්තුවෙලා ඉන්නේ ප්‍රධාන යැයි සැළකෙන පක්ෂ වටා නේද? කවුරු බලේට පත් උනත් කළ යුතු මුල්ම කාරණය තමා ළමයින්ට ළමා කාලය උපරිම මට්ටමෙන් ලබා දීමට කටයුතු කිරීම. උදේ ඉඳන් රෑ වෙනකම් පොතපතට පමණක් යොමු කිරීමෙන් සිදුවන්නේ අනාගතයේ පිස්සන් කොටුවක් නිර්මාණය වීමයි.
ඔය එළිබැස්ස අධ්‍යාපන ප්‍රතිපත්තිය කොහෙන්ද බලා ගන්න පුළුවන්...?