
(සුජිත් හේවාජුලිගේ )
අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවැසීය.
එසේම ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් ඊයේ රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවත් ඔහු පැවසුවේය.
කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් මහාචාර්යවරයා කීවේය.
යූරියා කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500 ක බෝතලයක් ප්‍රමාණවත් බව පැවසූ ජයසිංහ මහතා හෙක්ටෙයාරයකට අවශ්‍ය වන්නේ ලීටර් 2.5 ක් පමණක් බවද ප්‍රකාශ කළේය.
COMMENTS
වැඩේ අනාගන්නේ නැතුව යූරියා වෙනුවට ආදේශකයක් දෙනවා කියලා මුලින්ම කිව්වා නම් ඉවරනේ. ඇත්තටම අපේ ගොවිතැනේ තිබුන ලොකුම අවුල යූරියා අවබාවිතා කිරීමයි.
අපරාදේ ගැසට් ගහන්න ගිය සල්ලි
මෙවර ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණය පමනක් නම්, මීට පෙර වඩු බාස්ලට, රියදුරන්ට, සිසුන්ට වගේ පාවිච්චියටත් වල් නාශක ගෙනල්ලද?
50kg වෙනුවට 500ml කොයිතරම් බලයක් ඇතිද..? හානිය මොනතරම් ඉහලද..
මහාචාර්යතුමනි යූරියා කිලෝ 50ක ඇසුරුමක කිලෝ 23ක බරක් නයිට්‍රජන් තිබෙනවා. මිලි ලීටර් 500 බෝතලයක එම ප්‍රමාණය අන්තර්ගත කොට කාබනික නැනෝ නයිට්‍රජන් නිපදවීම සැබවින්ම විශ්මිත නිමැවුමක් නොවේද ? මෙය පහදා දීමට තවත් මහාචාර්යවරයකුගේ නැණස විවෘත වේවා.
නයිට්‍රජන් ජලය සමග එක් වූ විට ප්‍රමාණව නයිට්‍රජන් ප්‍රමාණයක් වී ගසට නොලැබේ. හොඳ ගොවිතැනටත් ඒ තරම් යෝග්‍ය නොවේ. නයිට්‍රජන් මිලි ලීටර් තොග ගෙන්වීමට පෙර වගාවන් සදහා යොදවා යම් සොයා බැලීමක් කලේද?
ඔය කියන නයිට්‍රජන්ම විතරක් තිබුනත් වතුර නැතිව ඝනත්වය ජලයේ ඝනත්වයම කියල සැලකුවොත් බර ග්රෑම් 500 ක් වෙන්න ඕන. ඒ කියන්නේ ආසන්නව මූල 18ක ප්‍රමණයක්. ඒ කියන්නේ අක්කරයට ලීටරයයි.
කාබනික ග්ලයිෆොසෙට් ද ගෙන්නන්නේ?
කිලෝ 50 ක කොට්ටයක් වෙනුවට මෙම නෑනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි.
ඉහත අදහස් වලින් පේන්නේ ජනතාව ට නැනෝ තාක්ෂණය ගැන අවබෝධයක් නැති බව. එනිසා තවත් ප්‍රශ්න දා ගන්නෙ නැතිව කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාව දැනුවත් කලා නම් හොඳයි .