
(යොහාන් භාසුර)
තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා (25 වැනිදා) වන විට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසීය.
දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කීය.
විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව ලබන සදුදා දැනුම් දෙන බවත් සදුදා දිනය වනතෙක් විදුලිය විසන්ධි කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවත් සුසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
COMMENTS
මේ තීරණ ප්‍රමාද කරන තරමටම ඉදිරියේදී අත්විඳින්නට සිදුවෙන ප්‍රතිපල තවත් බරපතලයි.
දවසකට පැයක් කපන එක හොද නැද්ද එක පාරට පැය 3-4 ක් කපනවාට වඩා. ජල විදුලිය පුලුවන් තරම් පාවිච්චි කරන එක නෙවි හොදම. මෙ රටෙ අව්ව තියෙනවා. ගෙවල් වලට, සුර්ය බළ පද්ධති බැටරි සහිතව සවි කරන්න රජයෙන් සහනයක් දෙනවානම්, අඩුම ගානෙ ගෙවල් වල පාවිච්චියට (පද්ධතියට නොදී ) භාවිතයට ගන්න පුලුව්න් වන සිස්ටම් එක වත් අඩු මුදලකට ලබා දෙන්න පුලුවන් නම් මිනිස්සු එකට යොමු වෙවි.
කොරෝනාවලින් සර්ට අහිමි වූ අවුරුදු 2 දික්කරලා දෙමු.. බයියන්ට දැන් සතුටුයිද?
අනවශ්‍ය ක්‍රිකට් පිටි, ගුවන් තොටුපළවල් හදන්නේ නැතිව එම මුදල්වලින් රජයේ ගොඩනැගිලි වල වහලවල් උඩ සූර්ය කෝෂ සවිකළා නම් මේ ප්‍රශ්න වලින් විශාල කොට විසඳෙනවා නේද?
දැන් සැපද 69 ට?