(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය නාවල පාර නිවසකදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට්පට සමඟ මවුලවිවරයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
එම මවුලවිවරයා සමඟ අන්තවාදී දේශන ඇතුළත් කැසට්පට 14ක්, කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප සහ ජංගම දුරකථනයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
නාවල ප්‍රදේශයේ පල්ලියක මීට මාස 2කට ඉහතදී සිට ඇති මෙම මවුලවිවරයෙකු එහි පැමිණෙන මුස්ලිම් ජාතිකයන්ට අන්තවාදී දේශනා පැවැත්වීම හේතුවෙන් එයින් නෙරපනු ලැබූවෙකු බව පොලිස් නිලධාරියෙක් පවසයි.
මොහු ඒ ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන දේශන ඇතුළත් කැසට් පට ආධාර කරගෙන දේශන පවත්වා ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව එල්ලා මැරිය යුතුයි. නැතිනම් සියලුම දේපල රාජසන්තක කර ජීවිත කාලයට හිරේ දැමිය යුතුයි..