
(ඩී.ජී.සුගතපාල සහ තරංග ගුණරත්න)
අනතුරු නිවේදනය ද නොතකා කප්පරතොට ධීවර තොටුපොලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් තද සුළඟට හසුව පෙරැළී එහි සිටි ධිවරයින් පස් දෙනා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ නීති කටයුතු බාර නිලධාරි එන්.එන්.ඩී.එස්.යූ පරණවිතාන මහතා පැවසීය.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ පස් දෙනෙක් වෙති.
කප්පරතොට ධීවර වාරයක් නොවන අතර එහි සිට බහුදින ධීවර යාත්‍රා මුහුදු යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබෙන බවයි.
එසේ අධිකරණ නියෝගයක් තිබියදිත් මෙම යාත්‍රාව අධික වැසි සහිත කාලගුණය නොතකා මුහුදු ගොස් ඇති බවත් මුහුදු ගොස් ටික වේලාවකින් එය පෙරැළීමෙන් පසු ධීවරයින් පස් දෙනා බෝට්ටුව අතහැර ජිවිතාරක්ෂක කබා පැළඳ ගොඩ බිමට පිහිනා ඇති බවත් පසුව ඔවුන් සුව සැරිය ගිලන් රථ මගින් මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ මහතා පැවසිය.
ධිවර අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂ එස්.එච්.සමරනායක මහතා සමග මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද ධිවර දෙපාර්තමේන්තුවේ නිති කටයුතු බාර නිලධාරි එන්.එන්.ඩි.එස්.යූ.පරණවිතාන මහතා පැවසිය.
COMMENTS