
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල මානියම්ගම මාර්ගයේදී 65 හැවිරිදි පාපැදිකරුවකු ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයකට යට වී මිය යාමත් සමඟම කුපිත නගරවාසීන් බස් රථයට ගිනි තබා විනාශ කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක වයෝවෘද්ධ පුද්ගලයයෙකි.
බස් රථයට ගිනි තැබීම හේතුවෙන් අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මානියංගම මාර්ගයේදී යතුරුපැදිකරු බස්රථයට යට වීමත් සමගම බස් රථයේ රියැදුරු පලා ගොස් තිබූ අතර අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බස් රථය පණගන්වා අවිස්සාවේල්ල නගරයට ගොස් පොලිසිය කරා පැමිණෙමින් සිටියදී කුපිත වූ නගරවාසීන් බස් රථය වටකරගෙන ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගිනිතැබීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


COMMENTS
අයිතිකාරයා කවුරු වුණත් දේපලක් විනාශ කිරීම රටට වෙන පාඩුවක්... ගිනි තියපු අයට දැඩි දඬුවම් දිය යුතුයි.
රියදුරා වැරදිනම් ඔහුට දඩුවම් කරනු විනා ගමන්යාමට ඇති බස් රථය විනාශකිරීමෙන් ඇති ඵලය කුමක්ද? මෙයින්වන්නේ එම මාර්ගයට බස් රථය අහිමිවීම පමණයි.
මුලිං පාපැදිකරුලු පස්සෙ යතුරුපැදි කරුලු..මොනවද මේ වගකීමක් නැති පුවත්..අබිලිංල එන්සිනාල මාජ්ජ කාරයො මාජ්ජ කතෘවුනාම වෙන දේවල් තමා ඉතිං
අතට ගත් විට ඔබේ රථයේ ඉගිලිලා නොයනු .80 ගණන් වල ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරපු ගීතය මතක් උනා
මානියංගම පාරෙ යන්නෙ පාර තමන්ගෙ පමණක් කියලා හිතන අය.දවසක් අපේ පවුලේ අය තල්දූවට ගොස් පනාවල හිතවත් මෙන්ම දුරින් නෑයෙක් සිටින නිවසට මානියංගම පාරේ ගියා අවිස්සාවේල්ලේ උසාවිය පසුකර ටික දුරකසිට ඉදිරියෙන් ගිය ත්‍රීවීලර් එකක් දකුණට සිග්නල් දමාගෙන පාර මැදින්ම පනාවල දක්වාම පැයට කි,මීටර් 20 ක පමණ වේගයෙන් ධාවනය කලා .අපට බොහෝ ප්‍රමාද වුනා මෙහි සයිකල් කරුත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්
මේවගේ ඒවා කීපයක් සිද්දවෙනකොට නිකම්ම බස් කාරයෝ හැදෙයි.
ඒක හොඳ ක්‍රියාවක්
මෙහෙම කඩා කප්පල් වැඩ කරන අයට නිසි දඬුවම් දිය යුතුමයි
නීතිය වලපල්ලටම ගිහින් තිබෙන රටක මෙවැනි දේ සිදුවීම අරුමයක් නොවේ...
මෙහෙමත් ඉවක් බවක් නැතුව වැඩ කරන මෝඩ මිනිස්සු . බස් එකට ගිනි තිබ්බම ඔක්කොම හරි කියලා හිතාගෙන ඇති .අල්ලගන්ඩ තිබුනේ රියදුරාව?
88,89 කාලේ ජේවීපී සහෝදරවරැ කලෙත් මේකම තමයි. රියාදුරැ හොද නැත්නම් ඔහු ඉන් ඉවත් කරලු විනා බස් රථය ගිණි දැමීම සුදුසු නැහැ.මෙහෙම අපරාධ කොච්චර කලාද..ඇත්ත කථා කරනව නම් ඒවත් අපේ රට මේ තත්වයට පත් වෙන්න හේතුවක් වුනා.අම්බලන්ගොඩ ඩිපෝවේ බස් 28 ක් පමණ ගිණි තැබුවා. ඇඹිලිපිටිය,කතරගම,මාතර වැනි ඩිපෝවල බස් 100 කට වඩා ගිණි තැබුවා.ජේආර් ඒවා රැපියල් 100 ට විතර වික්කා.මේව බොරැද.හැම එකාම කල පව් දැන් අපි ගෙවනවා.
හඳ පලුවේ සෙට් එකක් වෙන්න ඇති