IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘‘අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට පළාත් සහ කළාප මටට්මින් මධ්‍යස්ථාන‘‘

(යොහාන් භාසුර)

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප මටට්මින් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

අන්තජාල පහසුකම් සහ පරිගණක උපාංග නොමැති වීමෙන් මාර්ගගත ක්‍රමට අධ්‍යාපනය ලැබිය නොහැකි දරුවන් සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුවකූලව කුඩා කණ්ඩායම් වශයෙන් අධ්‍යාපන ලැබීමේ මධ්‍යස්ථාන ග්‍රාමිය මට්ටමින් ආරම්භ කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්‍ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇතැයි ද ඔහු කියයි.

එම මධ්‍යස්ථාන සතියේ දින පහේ පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා පවත්වාගනෙ යෑම සදහා සැළසුම් කර තිබේ.

‘ඊතක්‍ෂලාව’ හරහා මෙම මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලැබීමට පරිගණක, ලැප්ටොප් හෝ ටැබ් 10 ක් ලබාදීමට සැළසුම් කර තිබෙනවා. පළාත් කමිටුවකින් පාලනය වන අධ්‍යාපන කළාප කමිටු මේ සඳහා පත් කර ඇතැයි ද ඔහු කියයි.

 



අදහස් (8)

‘‘අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට පළාත් සහ කළාප මටට්මින් මධ්‍යස්ථාන‘‘

රට වැසියා Monday, 21 June 2021 01:58 PM

පසුගිය දවසක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ එස්. බී දිසානායක, මහ නායක හාමුරුනමක් බැහැ දක මෙසේ කීවේය "හාමදුරුවනේ, ජී.එල් පිරීස් ඇමැතිතුමා තමයි අධ්‍යාපන ඇමැති, අධ්‍යාපනයට සත පහක වැඩක් කරන්නැ" යැයි වීඩියෝවක තිබෙනවා මම අසා ඇත්තෙමි.

:       0       16

මුණසිංහ Monday, 21 June 2021 02:01 PM

මෙයාලා මහාචාර්යවරු නේද? ඉස්සර වෙලාම විදුලිය පහසුකම් නැති පාසල්වලට විදුලිය දෙන්න. ඊළඟට හැම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් සපයන්න. ඒ සෑම පාසකලටම අන්තර්ජාල පහසුකම දෙන්න. ඊට පස්සේ ඔය ටැබ් දීම කරන්න. දියුණු රටවල් දිහා බලලා තැනින් තැන තීරණ ගන්න එපා. ඒවා ගොන් වැඩ. ඒත් එකක්ම රටේ අධ්‍යාපනය පූර්ණ ප්‍රතිව්‍යුහගත කරන්න... ඒකත් දේශපාලකයින්ට ඕනෑ විදියට නෙවෙයි. විද්වත් අධ්‍යපනඥයින් හරහා කරන්න.

:       53       73

wicky Monday, 21 June 2021 02:40 PM

හරියට සේවාව දෙන්න පුළුවන් වෙන්න ආයතන වලට කටයුතු කරන්න අවස්ථාවක් දෙන්න මුලින්ම... SLT කියලා කරන මගුලක් නැහැ. වෙන කෙනෙක්ට කරන්න දෙන්නෙත් නැහැ...

:       1       18

puncha Monday, 21 June 2021 02:44 PM

මුත්තේ අපිට කවදා ඉස්කෝලේ යන්න පුළුවන් වේවිද?

:       0       14

Sri Lanka Monday, 21 June 2021 03:08 PM

ඔය කරන්න හදන්නේ කොරෝනාවලට මුවාවෙලා අන්තර්ජාල සමාගම් වලට අපේ මුදල් ගරාගන්න උදව් කිරීම.... ඉස්සරහට කුඹුරු කොටන්නෙත් ඔන්ලයින් වලින්ද?

:       0       5

විපරමා Monday, 21 June 2021 04:13 PM

මහාචාර්යතුමෝ, ඔබ හරියට කරපු වැඩක් කියන්නකෝ? විදේශ ඇමති වෙලා හිටපු කාලේ ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරුව පැනලා ගිය හැටි නම් ලෝකෙම දකින්න ඇති .

:       0       2

DK Monday, 21 June 2021 05:46 PM

කොරෝනා උවදුර නිසා පාසල් අධ්‍යාපනය වැඩිපුරම අහිමි වූයේ බස්නාහිර පළාතටයි. එහෙත් මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කිරීමට හා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් කිසිදු සම්පත් දායකත්වයක් නොදක්වා ඇත්තේද බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ය... උදාහරණයක් වශයෙන් සබරගමු පළාත මාර්ග ගත අධ්‍යාපනය වෙනුවෙන් වෙබ්අඩවියක් සාදා එහි පිළිවෙලින් සියලු ශ්‍රේණි ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩසටහන්, පැවරුම් සහ කලින් කලට ඔන්ලයින් විභාග පවත්වා පළාතේ සියලු දරුවන් වෙනුවෙන් ඉතා අගනා සේවයක් සිදු කරයි.

:       1       3

Bamunuarachchi Tuesday, 22 June 2021 08:42 AM

ඇයි නොමිලේ රටම වයිෆයි දුන්නා ලැබුණේ නැද්ද? අපිට නම් බ්‍රේස්ලට් පවා ලැබුණා.. මේ ලියන්නේ ලංකාවේ හදපු වොක්ස්වැගන් එකේ යන ගමන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site