IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අන්තර්ජාලයෙන් අලෙවි කළ දැරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාලවයස්කාර දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අද (08) අත්අඩංගුට ගනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය සම්බන්ධ විමර්ශනයේදී මෙම සැකකරුගේ වෙබ් අඩවිය පිළිබදව අනාවරණය වූ බව සදහන් වෙයි.

ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන මෙවැනි අන්තර්ජාල වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සදහන් කර තිබිණී.

සැකකරු හෙට (09) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සදහා විකිණීමට දැන්වීම් පළ කරන ලද  ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් වන තුරු මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.

ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කළ ලංකා ඇඞ්ස් ඩොට් කොම් නමැති තවත් වෙබ් අඩවියක හිමිකරු සහ එය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු මේ වන විට අධිකරණය මගින් ඇප මත නිදහස්ව ඇත.

 



අදහස් (0)

අන්තර්ජාලයෙන් අලෙවි කළ දැරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site